මහින්දාගමනය සමඟ සබැඳි ජ්‍යොතිෂය | Page 2 | සිළුමිණ

මහින්දාගමනය සමඟ සබැඳි ජ්‍යොතිෂය

මහින්දාගමනයෙන් ජනතාව තුළ ඇති වූ වෙනස්කම් නිසා ජ්‍යොතිෂයටද තැනක් ලැබුණා

 

මහින්දාගමනයෙන් පසු බුදු දහමත් සමඟ ආර්ය ශිෂ්ටාචාරය ප්‍රචලිත වීම ද විශේෂයෙන් ජ්‍යොතිෂ විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය, දේශීය වෛද්‍ය ක්‍රමය, නිවැරැදි පෝෂණ ක්‍රම පිළිබඳව මෙන්ම රාශි චක්‍රය හඳුනා ගැනීම ද මිනිසාගේ මෙන්ම සතුන්ගේ ද ස්වරූපය මත සකස් වූ තාරකා පද්ධති පිළිබඳ අවධානයට ලක්වීමද සිදු විය. එසේම ඒ පිළිබඳ දැඩි විශ්වාසයක් ඇති වීම, නිරීක්ෂණය කිරීමට ද උගතුන් බුද්ධිමතුන් දැක්වූ කැපවීම තුළ සෙසු පිරිස් ද ඒ වටා ඒකාරාශී වෙමින් විස්මිත ග්‍රහ වස්තු රාශි චක්‍රය ආරෝපණය කර ජ්‍යොතිෂය නිර්මාණය වීමද මිහිඳු මාහිමියන් පොසොන් පුර පසළොස්වකදා මිහින්තලයට වැඩම කරවීම තුළින් ඇරඹිණි.

ජ්‍යොතිෂය වෛද්‍ය උපදේශාත්මක නිවැරදි දැක්ම, රෝගීන්ට ප්‍රතිකාර කිරීම, සාත්තු සප්පායම් කිරීම ද සමඟ ඔසු පැළ වගාවට මෙන්ම කෘෂි කර්මාන්තයට ද විශේෂ තැනක් මහින්දාගමනයෙන් පසු මෙරටේ සිදු වී ඇත. මහින්දාගමන‍ෙයන් ඇරඹි මෙම විප්ලවීය වෙනස තුළ සුබවාදී ආකල්ප මත දිවා රෑ නොබලා මිනිසාගේ පැවැත්ම උදෙසා මූලිකත්වය ගෙන කටයුතු කිරීමට ගමේ සිටි නැකැත්කරු හෙවත් දෛවඥයාගේ උපදෙස් මත ලද සුදුසු නැකැත් අනුගමනය කරලීමද ඒ සඳහා ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ගේද ගම් ප්‍රධානියාගේද ගමේ වෙදැදුරු සහ වෙල් විදානේගේ ද උපදෙස් ද ලබා ගැනීමට ක්‍රියා කිරීම සිදු විය. ඒ අනුව අතීතයේ කෘෂිකර්මාන්තයේ විප්ලවීය ශිඝ්‍ර දියුණුවක් උදාවීමද ගමේ වෙදැදුරුගේ මෙන්ම නැකැත්කරු හෙවත් දෛවඥයාගේද ජ්‍යොතිෂ සංකල්පය මත බිහිවූ ඖෂධ වගාව, ගුප්ත විද්‍යා ශාන්තිකර්ම විධි නිසා රෝගි තත්ත්වයනට පත්වන පිරිසට ඉක්මන් සුවය ලැබීම ද මිනිසාගේ පැවැත්මට අදාළ පෝෂණ තත්ත්වයේ ආහාර සකස් කිරීමද ආගමික වතාවත්වලටද මුල් තැන දෙමින් කටයුතු කිරීම ද සිදු වී ඇත.

ග්‍රහයාගේ ක්‍රියාකාරිත්වය මතු කරන ජ්‍යොතිෂය මිනිසාගේ ක්‍රියාකාරිත්වය හැසිරීම පිළිබඳ අවබෝධය ලැබීමද රෝග නිර්ණය මෙන්ම රෝගීන්ට ප්‍රතිකාර (මනුෂ්‍යයනට මෙන්ම සතුන්ටද) කිරීමට ද ඒ සඳහා අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය සහ ඖෂධ භාවිතයට ගනු ලබන විවිධ ශාක වර්ගවලට අදාළ විවිධ කොටස් ලබා ගැනීමට අදාළ ඔසු පැළ උපයෝගී කරගැනීමට අවශ්‍ය වගා කටයුතු ඇරඹීම ද මහින්දාගමනය සහ ජ්‍යොතිෂය මූලික පදනම මත සකස් වූ ක්‍රියාපිළිවෙත ද බුදු දහමට අනුව නිරන්තරයෙන් ප්‍රකාශිත ‘ආපෝ තේජෝ වායෝ පඨවි‘ යන භූත හතරට සාපේක්ෂව සියල්ල එකිනෙකට වෙන් නොවී බැඳී පැවැතීම ද නැකැත්කරු හෙවත් දෛවඥයාගේ නැකැත් විසිහත පිළිබඳව සැලකිලිමත්ව ජ්‍යොතිෂයට අදාළ විවිධ කරුණු මත අවධානය යොමු කරලීම ද සිදු වී ඇත.

එමෙන්ම පඨවි භූතයට මුල් ද වායෝ භූතයට මල් ද ආපෝ ධාතුවට කොළ ද තේජෝ ධාතුවට ගෙඩි ඇට පලතුරු ලෙසට ද ව්‍යවහාරයට එක්ව තිබීම ද සිතේ මෙන්ම ස්නායු පද්ධතියේ රෝග සඳහා ඛනිජ ලවණ ඇති මුල් වර්ග ද පෙනහලු, හෘද රෝග සඳහා රසදිය අධික ඇතැයි සැලකෙන විවිධ කොළ වර්ග නැටි වර්ග ද ආහාර මාර්ගයේ දෝස මෙන්ම ප්‍රජනන ක්‍රියාවලියට අදාළව මල් ගෙඩි පරාග ද විවිධ සුවඳ වර්ගද යොදා ගැනීම සිදුවී ඇත. එසේම විශේෂිත ඔසු පැළ පිළිබඳව සැලකිලිමත්ව ඇත.

මිනිසාට ද සතුන්ට ද ගහකොළවලට ද පැවැත්මට වායුගෝලීය සාධක විශ්වීය සාධක ද භූගෝලීය සාධක ද එක්ව මිනිසාට මෙන්ම සතුන්ට ද ගහකොළවලට ද බලපෑම් සිදුවන බවට ද අවබෝධ වීම මත සිරුරු සෞභාග්‍යයට ද බුධ බුද්ධි වර්ධනයට ද ගුරු දිගුකාලීන ගස්වලට මෙන්ම ආගමික කටයුතුවලට ද සෙනසුරු දුකට මෙන්ම ඇට වර්ගවලට බලපාන බවද අවබෝධ කරගත් අතර ප්‍රජනනය සංසේචනය හා වර්ධනය පිළිබඳව අධ්‍යයනය කිරීමට ද විශ්ව රිද්ම රටාද අන්තරාෂිත රටා පිළිබඳව සැලකිලිමත් වීමට ද ජ්‍යොතිෂය පිළිබඳ බුද්ධිමත්ව තීරණ ගැනීමට පෙලඹී බුද්ධිමතුන් ක්‍රියා කර ඇත. ග්‍රහ වස්තු තාරකා මණ්ඩල මිනිසාට සතුන්ට ගහකොළ කෙරෙහි ද බලපාන බවට ද වටහා ගෙන ඇත. ග්‍රහයන්ගේ බලපෑම මත සියල්ල පවතිනුයේ අන්තාරාෂිත රටා ද රිද්ම රටාද පාදක කර ගනිමින් සියල්ල පවතින බවට ද සත්ත්ව සමූහයාගේ හැසිරීම් රටාද කාලගුණික දේශගුණික විපර්යාස පිළිබඳව ද ග්‍රහ කිරණ පිළිබඳව අවධානයට ලක්වීම ද මිනිසා කෘෂිකාර්මික කටයුතුවලදී ග්‍රහ ලෝකවල බලපෑම පිළිබඳව ද ඒ අනුව ක්‍රියාකිරීම ද යල සහ මහ කන්නවල වැසි සමයන් පිළිබඳව සැලකිලිමත්ව ගොවිතැන් කිරීම ද සඳු හෙවත් චන්ද්‍රයාගේ ගමන් කිරීම තුළද සියලුම ග්‍රහ තාරකාවන්ගේ ඉදිරියෙන් යමින් පෝෂි පදාර්ථ උරාගෙන එම විශ්ව ශක්තිය ජල මාධ්‍යයක මුදා හැරීම පිළිබඳව ද කෘෂිකර්මාන්තයට විශාල පිටුවහලක් ලැබෙන බවද විවිධ ජනශ්‍රැතිවල සඳහන්ව ඇත. සූර්යයාගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ද ජ්‍යොතිෂමය කරුණු දක්වා ඇත.

මහින්දාගමනය සහ පොසොන් පුර පසළොස්වක දිනයද රට තුළ ජනතාව තුළ විවිධ වෙනස්කම් ඇති කළ අතර ජ්‍යොතිෂය තුළ කෘෂිකර්මාන්තයට ද දියුණුවටද ඉදිරි ගමනටද ලැබී ඇති දායකත්වය පිළිබඳව මනා වැටහීකින් යුතුව ගමේ දෛවඥයා පන්සලේ හාමුදුරුවන්ගේ ද ගමේ වෙදැදුරුගේද අවශ්‍ය උපදෙස් ලබාගෙන මිනිස් සහ සත්ත්වයිනගේ පැවැත්මට සුදුසු කෘෂිකාර්මික ආහාර ද්‍රව්‍ය වගා කිරීම ද මිනිස් ජීවිතවලට මෙන්ම සත්ත්ව ජීවිතවලට ද විශේෂයෙන් මිනිසාගේ මොළයට අහිතකර බලපෑම් ඇති කරන ඇතැම් විවිධ පැළෑටි ශාඛා ගස් වගා කිරීම තුළින් රටේ ආර්ථිකයට යම් බලපෑමක් සිදුවීමට ඉඩ ඇත ද ක්‍රමානුකූලව පරිහණය කිරීමේදී ඇති විය හැකි විවිධ ක්‍රියා පිළිබඳව අවධානය යොමු කළ යුතු අතර සුබවාදී ආකල්ප මත ගමන් කරමින් අශුභ ක්‍රියාවලට යොමු නොවී සුබ ක්‍රියාවලට යොමුවී කෘෂිකර්මාන්තය මෙන්ම මිනිසාගේ පැවැත්මට ඉවහල් වන ජ්‍යොතිෂ ගුප්ත විද්‍යාව දේශීය වෙදකම හා බැඳුණු අතීතයෙන් ගොවියන්ට ලැබී ඇති දැනුම අභාවයට යමින් පවතින විවිධ කෙම් ක්‍රම භාවිතයට ගෙන නව ග්‍රහයන් සඳහා ද නැකැත් විසිහත සඳහා ද ඖෂධ වර්ග යොදාගෙන ස්නානය සඳහා ගස් හා පැළෑටි හඳුන්වා දීමද ජ්‍යොතිෂය තුළින් පෙන්වා දී ඇත. අපල දුරු වීමට කෘෂිකර්මාන්තයේ දියුණුවට ද මහින්දාගමනයෙන් පසු රට තුළ ඇතිවූ සශ්‍රීකත්වය යළි ඇති කිරීමට අප සැමගේ යුතුකමකි. මහින්දාගමනය සමඟ රටට ජනතාවට ඉදිරි පැවැත්ම උදෙසා ජ්‍යොතිෂය හා බැඳී ක්‍රියාවලින් අනුගමනය කරමින් පොසොන් උත්සවය ද මිහිඳු මහරහතන් වහන්සේ ද සිහිපත් කර ආගමික වතාවත්වලට මුල් තැන දීම ලක්වැසි සැමගේ අවධානයට යොමුව ඇත.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, වෛද්‍යාචාර්ය එම්.එම් රූපසිංහ

Comments