
ජීවමට මල් ආසනය හදාගන්නේ මෙහෙමයි
108 වරක් ජීවම් කර ගත යුතුයි
ව්‍යාපාර දියුණුව සහ සෞභාග්‍ය උදා කරගත හැකි විස්මිත දැහැනක්
සිළුමිණ ඉසිවර පාඨක ඔබ වෙත සතිපතා අප විසින් ඉදිරිපත් කරනු ලබන ඉතා සරල සහ අානුභාව සම්පන්න වත්පිළිවෙත් තුළින් අප බලාපොරොත්තු වන්නේ පාඨක පින්වත් ඔබගේ දුක් පීඩා දුරු කරගෙන වංචාකරයින්ට හසු නොවී අසීමිත ලෙස මිල මුදල් වැය කර පීඩාවන්ට පත් වී කරදර නොවිඳ තමන්ගේ හා තම පවුලේ සෞභාග්‍ය උදා කර ගැනිමයි.
ඒ සදහා අප විසින් අද ඔබ වෙත ලබා දෙන්නේ ගුරු පරපුරෙන් පිටත මෙතෙක් කිසිවෙකුට ලබා නොදුන් කිසිම ඇදුරෙකූ කිසි කලෙකත් පිටත අයෙකුට ලබා නොදෙන "මහා කන්ද කුමාරය" හෙවත් "සර්වාරක්ෂා කන්ද කුමාර බන්ධනයයි". මෙය කියවන ඔබෙන් ඉතා කරුණිකව ඉල්ලා සිටින්නේ බෞද්ධයෙකු වශයෙන් ඔබ ඕනෑම කටයුත්තකට පෙර තිසරණ පන්සිල්හි පිහිටා තෙරුවන් වන්දනා කොට අඩුම තරමින් ඔබ කරණීයමෙත්ත සූත්‍රයවත් සජ්ඣායනා කොට ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණන් ප්‍රධාන බුද්ධ ශ්‍රාවක දෙවිවරුන්ට පින් දී ඔබ ඔබගේ අාධ්‍යාත්මික පාරිශුද්ධ භාවය ඇති කර ගත යුතුය.
කතරගම දිව්‍ය රාජයාණන් වෙනුවෙන් මුළුමහත් ශ්‍රී ලංකාවාසී බැතිමතුන් පූජෝපහාරයට පෙළ ගැසෙන උතුම් ඇසළ සමය ආසන්න වී ඇත. මෙම උතුම් ආරක්ෂක බන්ධනය පිළිවෙත් ගරුකව ඉටුකර ගැනීමෙන් කතරගම දිව්‍ය රාජයාණන්ගේ අසීමිත ආශිර්වාදය ඔබ වෙත ලැබෙනු නිසැකය. ව්‍යාපාර දියුණුව ණයතුරුස් නිමවා ආර්ථික වශයෙන් සෞභාග්‍ය ජීවිතවලට අපමණ පීඩා ගෙන දෙන මලයක්ෂ, අමනුෂ්‍ය, ප්‍රේත, භූත බන්ධනවලට හසූවූ ඥාති බලපෑම් දුරුවී කඳසුරිඳු බෙලෙන් අපමණ සෞභාග්‍ය උදාකර ගත හැකි මෙම උතුම් දැහැන ගෞරවයෙන් භාවිත කරන්න.
යමෙක් උදෙසා මෙම දැහැනෙන් යම් යහපත් කටයුත්තක් ඉටුකර දෙනවා නම් ඒ කතරගම දිව්‍ය රාජයාණන්ට පින් පිණිස විනා කිසිම මුදලක් අය නොකළ යුතුය. ඔබ ඒ සඳහා මුදලක් ලබා ගැනීම කඳසුරිඳුන්ගේ බලවත් කෝපයට හේතු වන බව සිහියේ තබා ගන්න. පළමුව නිවසේ හෝ අායතනයේ සුදුසු ස්ථානයක කුඩා මේසයක් හෝ සුදුසු ආසනයක් සකස් කර එය පිරිසිදු කර ගන්න. ඒ මත ප්‍රමාණවත් කෙසෙල් කොළයක් එළන්න. ආසනයට සහ කෙසෙල් කොළයට කහ කුඩු මිශ්‍ර කරගත් ජලය ඉස ගන්න. රත් කෙසෙල්, බෙලි ගෙඩියක්, උක් ලී කැබැල්ලක්, කොළ පැහැති පැනි දොඩම් ගෙඩියක්, කුඩා පැණි කොමඩු ගෙඩියක් සහ ඇස්ස ගැසූ තැඹිලි ගෙඩියක්, බුලත් කොළ 21ක්, බුලත් විටක්, රත් මල් හෝ සුදුසු රතු මල් වර්ගයක් මේ සියල්ල ඉතා පිරිසිදුව සෝදාගත යුතුය.
මුලින්ම ආසනය මත තැබූ කෙසෙල් කොළය මත බුලත් කොළ 21 රවුමට තබා එහි මැද තැඹිලි ගෙඩිය තබන්න. කපා පිළියෙල කරගත් පලතුරු, තැඹිලි ගෙඩිය වටා තබන්න. රතු මල්ද ඒ වටා තබන්න.
කතරගම දිව්‍ය රාජයාණන් වෙනුවෙන් පිරිසිදු පොල් තෙල් පහනක් ආසනය මත දල්වන්න. සුවඳ දුම් පතුරුවන්න. දින 21 ක් පහන දැල්වීම සඳහා ප්‍රමණවත් ඉතා පිරිසිදු නොඉඳුල් පොල් තෙල් භාජනයක් ඒ මත තබා ගන්න.
ඉහතින් සඳහන් කළ පරිදි පන්සිල් සමාදන් වීම් ආදී වතාවත් අවසන් කර කතරගම දිව්‍ය රාජයාණන්ට පින් දෙන්න.
පින් දීමේ ගාථාව:
සම්බුද්ධ සාසන වරං ඉදරෝහ නස්මිං
සම්පාලනාය ජින දන්ත වරෝ මහිද්දි
පුඤ්ඤාණුමෝදිය සලානන දේව රාජා
පාලේතුමං සතත සහත හිතා වහන්තූ
එසේ පින් දීමෙන් අනතුරුව මෙම උතුම් කතරගම දේව ආරාධනාව තෙවරක් කියවන්න.
දේවාරාධනාව :
කදිරනේ දේව ගොවින්දන් පලෙන්තු
ලෝක සාසනං
ඒතේ දේවානූභාවේන කන්දස්වාමි
නමෝ වරම්
මෙම දේව ආරාධනාවෙන් අනතුරුව මෙම උතුම් කඳසුරිඳු බන්ධන දැහැනෙන් පිරිසිදු නොඉඳුල් පොල් තෙල් භාජනය 108 වරක් කියවා තෙල් බඳුන ජීවම් බල පිහිටුවා ගන්න. ජීවම් කිරීමේදී අක්ෂර බල තෙල් බඳුනට ලැබෙන සේ තෙල් බඳුනට ඉතා කිට්ටුවී කියවා ගන්න. කාලාන්තරයක් තිස්සේ ශරීරයේ පවතින සුව නොවන රෝග පීඩා වෙනුවෙන් භාවිත කරන තෙල් බෙහෙත් ආදිය ඇත්නම් ජීවම් කරන මොහොතේ එම යහනේ තබා ගැනීම ඉතා බලවත්ය. යම් කෙනෙක් වෙනුවෙන් ආශිර්වාද කිරීමට නූලක් බැඳීමට අවශ්‍ය නම් හයපොටක් හෝ දොළොස් පොටක් සිටින සේ සකසා ගත් නූලක් ජීවම් යහන මත තැන්පත් කර ගන්න.
උතුම් කන්ද කුමාර බන්ධන දැහැන
ඕං හ්‍රීං කන්ද කුමාර ජලමකුට
ධාරණේ සවාහා
ඕ හ්‍රීං කන්ද කුමාර භූම ධාරණේ සවාහා
ඕං හ්‍රීං කන්ද කුමාර මණිමකුට
ධාරණේ සවාහා
කියා මේ මන්ත්‍රය අහසට මතුළ කල්හි අහස වෙව්ලවා සිටියේය. පොළොවට මතුල කල්හි පොළොව වෙව්ලවා සිටියේය. සප්තමහා සාගරයට මතුළ කල්හි සප්තමහා සාගරයේ රළ සත් පැයකට සිටියේය. කතරගම දෙවියන්නේ රන්කොතට මතුළ කල්හි රන්කොත කරකැවී සිටියේය. පත්තිනි දෙවියන්නේ ආසන කට්ටුවට මතුළ කල්හී ආසන කට්ටුව නව පියවරක් ඉස්සරහට වැඩියේය. එසේ වූ මේ කන්ද කුමාර දැහැනය අවලංගු කළ යකෙක් යක්ෂණියෙක් ඇත්නම් දීපංකර බුදුන්ගේ ශ්‍රී මුඛ පාලියෙන් වදාරපු කන්දකුමාර දැහැනය අදත් මම මේ මතුරන්නේ භූත ප්‍රේත පිසාච කුම්භාණ්ඩ ආදීන් කළ ලෙඩ සැණෙන් ගුණ වෙන්ඩ වරමි.
වාරියපොල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී, නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති, සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන් වහන්සේ (කොළඹගම පොඩි හාමුදුරුවෝ )