සෞභාග්‍ය උදාකර ධන සම්පත් ලැබෙන සූවිසි ගුණ බුද්ධ යන්ත්‍රය | Page 2 | සිළුමිණ

සෞභාග්‍ය උදාකර ධන සම්පත් ලැබෙන සූවිසි ගුණ බුද්ධ යන්ත්‍රය

බුද්ධ රත්නයේ ප්‍රධාන ගුණ නවයක්, ධර්ම රත්නයේ ගුණ නවයක්, ආර්ය මහා සංඝ රත්නයේ ගුණ නවයක් එකතු වීමෙන් සූවිසි ගුණයන් බන්ධනය වේ. ඒ අනුව මෙම සූවිසි ගුණ යන්ත්‍රය මහා බලසම්පන්න යන්ත්‍රය 'රාජ රත්නයකි'.

මෙම යන්ත්‍රය සකසා ගැනීමේදී මස් මාංශ සහ මත් වතුරෙන් මිදිය යුතුය. පංචශීලාදි සීලයක පිහිටා මල්, පහන්, සුවඳ ධූප, ගිලන්පස ආදිය පූජා කරන්න. අනතුරුව තෙරුවන් වැඳ දෙවිවරුන්ට පින් දෙන්න. පසුව සිවුවරන් දෙවිවරු වෙනුවෙන් පහන් හතරක් සතර වටා දල්වා දෙවියන්ට ආරාධනා කර තුන් සූත්‍රය කියන්න. දහවල් 12.00 ට පෙර ගිතෙල් මිශ්‍ර කිරිබත්, කැවිලි, පලතුරු, ආහාරපාන පුදා මෙම යන්ත්‍රය පුර පක්ෂයේ ඇඳ එහි තබන්න. ගුරු, බුධ, රවි හෝරාව තුළ ඇඳ ගන්න.

යන්ත්‍රය අඟල් 7යි 7 සමචතුරාස්‍රකාරව ගෙන එය රන් හෝ රිදී හෝ තඹ තහඩුවක ඇඳ අක්ෂර පිහිටුවාලන්න. ඉන් පසු මෙම ගාථාව 108 වර, 700, 1000 වර ආදී වැඩි වාර ගණනකින් පිරිත් කර ගන්න. යන්ත්‍රය පිරිත්කර අවසානයේ ධජග්ග සූත්‍රය සහ රතන සූත්‍රය තුන් වරක් කියවන්න.

 

සූවිසි ගුණ ගාථාව

ඉතිපීසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ

විජ්ජාචරන සම්පන්නෝ

සුගතො ලෝකවිදු

අනුත්තරෝ පුරිසධම්ම සාරථි

සත්වා දේව මනුස්සානං

බුද්ධෝ බගවාතී

ස්වාක්ඛාතෝ භගවතා

ධම්මා සන්දිට්ඨිකෝ

අකාලිකෝ එහි පස්සිකෝ

ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤහීති

සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ

උජිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ

ඤායපටි පන්නෝ භගවතෝ සාවක සංඝෝ

සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ

යදිදං චක්තාරි පුරිසයුශානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතො සාවක සංඝෝ

ආහුනෙයියෝ පාහු නෙයියෝ දක්ඛිනෙයියෝ අංජලි කරණියෝ

අනුත්තරං පුඤ්ඤක් ඛෙත්තං ලෝකස්සාති

 

අවසන් වී මෙම යන්ත්‍රය පිරිත් කර මෙම ගාථාව 21 වර කියවන්න.

බුද්ධෝ තිලෝක සරණෝ -

බුද්ධෝසුරියෝ තමොනුදෝ

ධම්මො තිලෝක සරණේ -

ධම්මෝ සුරියෝ තමෝනුදෝ

සංඝෝ තිලෝක සරණේ -

සංඝෝ සුරියෝ තමෝනුදෝ

ගච්ඡත්තං සරණං ඛේමං -

නත්ථි මහිහං භයං සදා

(මෙය අනුන්ට කියන විට "නත්ථ තුයිහං භයං සදා" යයි යොදා ගන්න)

නක්ඛන්ත යක්ඛ භූතානං - පාපග්ගහ නිවාරණ

රතනත්තයානු භාවේන - හන්තු අම්හං උපද්දවේ

යන්ත්‍රය නියමිත ආකාරයට වාර ගණන පිරිත් කර අවසන් කර මෙම ගාථාවද 108 වර කියා නිම කර දෙවිවරුන්ට පින් අනුමෝදන් කරන්න.

මෙම යන්ත්‍රය බුදුන් වඳින ස්ථානයේ රාමු කර තබන්න. ගෙල පලඳින්නේ නම් යක්ෂ, භූත, ප්‍රේත, අමනුෂ්‍ය බැල්ම උවදුරු හා කොඩිවින පුපුරා බල බිඳේ. ග්‍රහ අපල දුරු වේ. යන එන තැන ජය අත් වේ. සෞභාග්‍ය උදාකර ධන සම්පත් ලැබේ. නිවසට, භාවිත කරන්නාට ආරක්ෂාව සැලසේ. මස් මාංශ බුදින්නන්ට අවැඩැයි.

ජ්‍යොතිෂවේදී

රඹුක්කන ජිනදාස එදිරිසිංහ

Comments