සැමට උපා­ධි­යක් | සිළුමිණ

සැමට උපා­ධි­යක්

ශ්‍රී ලංකාවේ අධ්‍යා­ප­න­යට අදාළ කැපී­පෙ­නෙන පරි­ව­ර්ත­න­යක් සිදු වීමට නිය­මිත බව පෙනෙයි. ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා විද්ව­තුන් කැඳවා පැවැත්වූ සාක­ච්ඡා­වද, අධ්‍යා­පන අමා­ත්‍ය­ව­රයා විශ්ව­වි­ද්‍යාල ක්ෂේත්‍රයේ බල­ධ­ර­යන් කැඳවා පැවැත්වූ සාක­ච්ඡා­වද මීට සාක්ෂි ලෙස පවතී. ඉහත සාකච්ඡා දෙක සමා­ලෝ­ච­නය කරන විටද; සෞභා­ග්‍යයේ දැක්ම ප්‍රති­පත්ති ප්‍රකා­ශය නිරී­ක්ෂ­ණය කරන විටද වැද­ගත් සාධක හත­රක් මතු වෙයි. එක: අධ්‍යා­ප­නය සම්බ­න්ධ­යෙන් ජාතික ප්‍රති­ප­ත්ති­යක් සැක­සී­මට යෝජනා වීමය. දෙක: අපොස (උ/පෙ) සමත් වන සියලු දෙනාට උපා­ධි­යක් හැදෑ­රීම සඳහා පහ­සු­කම් සැල­සී­මය. තුන: කලා උපා­ධි­ධ­ර­යන් සඳහා පරි­ග­ණක පුහු­ණුව සැල­සී­මය. හතර: විද්‍යා/ ගණිත උපා­ධි­ධ­ර­යන් බිහි කිරීම සඳහා වැඩි නැඹු­රු­වක් ඇති කිරී­මය.

නිද­හ­සින් පසු රටේ නාය­ක­ත්වය භාර ගත් දේශ­පා­ල­ක­යන් අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ඇති කිරී­මට උත්සුක වී ඇති’මුත් ජාතික අධ්‍යා­පන ප්‍රති­ප­ත්ති­යක් ඇති කිරීම කෙරෙහි උනන්දු වී නැත. ජාතික අධ්‍යා­පන ප්‍රති­ප­ත්ති­යක් ක්‍රියා­වට නැංවීම ඔස්සේ රටට ගැළ­පෙන මානව සම්පත නිර්මා­ණය කර­ගත හැකිය. ටැන්සා­නි­යාවේ හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යකු වූ ජුලි­යස් නිය­රේරේ එබඳු ජාතික අධ්‍යා­පන ප්‍රති­ප­ත්ති­යක් රටට හඳුන්වා දුන්නේය. සෝවි­යට් දේශයේ නායක ලෙනින් සේම චීනයේ නායක මාඕ සේතුං ද එබඳු ජාතික අධ්‍යා­පන ප්‍රති­පත්ති හඳුන්වා දිනි. ඒ රට­වල දියු­ණුව රැඳී ඇත්තේ නොවෙ­නස් ජාතික ප්‍රති­පත්ති මත­යැයි කිව හැකිය.

ශ්‍රී ලංකාවේ අධ්‍යා­ප­නය හා රැකියා වෙළෙ­ඳ­පොළ අතර කිසිදු සම්බ­න්ධ­යක් නැතැයි දිගින් දිග­ටම සාකච්ඡා වී ඇත. උපා­ධි­ධ­ර­යන්ට රැකියා නැත. එහෙත් සමා­ග­ම්වල පුර­ප්පාඩු විශාල ප්‍රමා­ණ­යක් තිබේ. මේ අස­මා­න­තාව බිහිව ඇත්තේ නූතන ලෝක­යට ගැළ­පෙන අධ්‍යා­පන රටා­වක් හා විෂ­ය­ක්ෂේත්‍ර අධ්‍ය­ය­න­යක් රට තුළ නැති නිසාය. අධ්‍යා­ප­නයේ ප්‍රධාන අර­මුණු දෙකක් පවතී. පළමු අර­මුණ වන්නේ වින­ය­ග­රුක උසස් සමා­ජ­යක් බිහි කිරී­මය. දෙවන අර­මුණ: රටේ ඉදිරි ගම­නට අවශ්‍ය මානව සම්පත නිර්මා­ණය කර­ගැ­නී­මය. රජය අධ්‍යා­ප­නය සඳහා විශාල බර­පැ­නක් දැරු­වද ඉහත අර­මුණු දෙකම මෙතෙක් ඉටුව නැත. එය වෙනස් විය යුතුය.

රටේ පුහුණු ශ්‍රමය පිළි­බඳ බර­ප­තළ ගැට­ලු­වක් පවතී. වෙළෙ­ඳ­පොළ ඉල්ලා සිටින පුහුණු ශ්‍රමය ශ්‍රී ලංකාවේ නැත. මැද­පෙ­ර­දිග රට­වල ගෘහ සේවි­කා­වන් ලෙස අපේ කාන්තාවෝ දහස් ගණ­නක් වැඩ කරති. එය සැල­කිය හැක්කේ අවි­ධි­මත් රැකි­යා­වක් හැටි­ය­ටය. භාෂා ඥාන­යක්, ශිල්පීය ඥාන­යක් හා පුහු­ණු­වක් මේ අයට නැත. එබැ­වින් ඉහළ වැටු­පක් හා වෘත්තීය අයි­ති­වා­සි­කම් ලබා­ගැ­නීමේ හැකි­යා­වක්ද අපේ කාන්තා­වට නැත. විදේශ රැකි­යා­ව­කදී පිළි­ගත් වෘත්තීය සහ­තික හා පළ­පු­රුද්ද ඉතා වැද­ගත්ය. මෙය ගෘහ සේව­යට පම­ණක් නොව; අනෙ­කුත් ක්ෂේත්‍ර­ව­ල­ටද අදා­ළය. විධි­මත් ජාතික අධ්‍යා­පන රටා­වක් ඔස්සේ මේ සියල්ල වෙනස් කළ හැකිය. ලෝකය ඉල්ලා සිටින පුහුණු ශ්‍රමය සම්පා­ද­නය කර­ගැ­නී­මද ඒ ඔස්සේ කළ හැකිය.

අපේ අධ්‍යා­පන ක්‍රමය තුළ ප්‍රධාන වැරදි දෙකක් දැක­ගත හැකිය. පළමු වරද වන්නේ පිර­මී­ඩා­කාර අධ්‍යා­පන ආකෘ­ති­යයි. ඒ අනුව ලක්ෂ ගණ­නක් පළ­මු­වන ශ්‍රේණි­යට ඇතුළු වෙති. ඉතා සුළු පිරි­සක් විශ්ව­වි­ද්‍යාල සඳහා තේරී පත් වෙති. කඩ­යිම් විභාග ස්ථාප­නය වී ඇත්තේ සිසුන් තොග පිටින් උසස් අධ්‍යා­ප­න­යෙන් ඉවත් කිරීම සඳ­හාය. දෙවන වරද වන්නේ වෘත්තීය අධ්‍යා­ප­න­යට නැඹු­රු­වක් හා පිළි­ගැ­නී­මක් නොති­බී­මය. වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය වෙනම විෂය ක්ෂේත්‍ර­යක් ලෙස පැවැ­තී­මද වර­දකි. එය උසස් අධ්‍යා­ප­න­යේම කොට­සක් බවට පත් විය යුතු ය. ජර්ම­නිය වැනි දියුණු රට­වල ඒ තත්ත්වය දැකිය හැකිය. ජපා­නය ශිල්පීය පුහු­ණුව පාසල් අධ්‍යා­ප­නයේ කොට­සක් බවට පත් කර­ගෙන තිබේ.

රටක අධ්‍යා­ප­නය නූතන ලෝක­යට ගැළ­පෙන ලෙස පව­ත්වා­ගෙන යා යුතුය. ඉන්දි­යාව එය ඉතා හොඳින් සිදු කරයි. පරි­ග­ණක අධ්‍යා­ප­න­ය­ටද, භාෂා අධ්‍ය­ය­න­ය­ටද මූලික තැනක් දුන් නිසා ලෝකයේ දියු­ණුම රට­වල පරි­ග­ණක අංශ­වල රැකියා කිරීමේ අව­ස්ථාව ඉන්දී­ය­යන්ට ලැබී ඇත. පරි­ග­ණක ක්ෂේත්‍රයේ ඇති රැකි­යා­ව­ලින් වැඩිම ප්‍රමා­ණ­යක් ඉන්දීය ජාති­ක­ය­න්ගෙන් පිරී ඇත. අපේ අධ්‍යා­පන ක්ෂේත්‍ර­යට පරි­ග­ණක විද්‍යාව පැමි­ණියේ බොහෝ ප්‍රමා­ද­වීම් සහි­ත­වය. දැන් වත් එය යාව­ත්කා­ලීන කළ යුතුය. කලා උපා­ධි­ධ­ර­යන් පරි­ග­ණක විද්‍යාව හැදෑ­රීම සඳහා යොමු කිරීම ඉතා වැද­ගත්ය. ඒ මඟින් කලා උපා­ධි­ධ­ර­යන්ට වෘත්තීය වටි­නා­ක­මක් ලැබෙයි. කලා උපා­ධි­ධ­ර­යන්ගේ රැකියා වියු­ක්තිය සෙසු උපා­ධි­ධ­ර­යන්ගේ රැකියා වියු­ක්ති­යට වඩා වැඩිය.

විද්‍යා හා ගණිත ක්ෂේත්‍ර­වල උපා­ධි­ධ­ර­යන් බිහි කිරීම සඳහා වැඩි නැඹු­රු­වක් දක්වන බව රජය කියා තිබේ. එය කාලී­නය. භෞතික විද්‍යා අංශ­යෙන්ද, ගණිත අංශ­යෙන්ද ප්‍රථම පන්ති සාම්‍ය­ර්ථය ලබා­ගත් උපා­ධි­ධ­රයෝ සැලැ­කිය යුතු පිරි­සක් ඇමෙ­රි­කාවේ නාසා ආය­ත­න­යෙහි සේවය කරති. ලෝකයේ බොහෝ පර්යේ­ෂණ ආය­ත­න­වල ගණිත අංශයේ හා විද්‍යා අංශයේ උපා­ධි­ධ­ර­යන් සඳහා රැකියා අවස්ථා තිබේ. ඒවා ඉහළ වැටුප් හා වැඩි පහ­සු­කම් සහිත වෘත්තීන් ලෙස සැලකේ. ශ්‍රී ලංකාව වැනි රට­වල පර්යේ­ෂණ අංශ දියණු නැත. ඒ සඳහා යෙද­විය හැකි විශාල මුද­ලක්ද රජ­යට නැත. පෞද්ග­ලික අංශ පර්යේ­ෂණ සඳහා යොමු වන බවක්ද ශ්‍රී ලංකාවේ දකින්න නැත. මේ අනුව විද්‍යා හා ගණිත අංශ­වල උපා­ධි­ධ­ර­යන් සඳහා විදේ­ශීය රැකියා වෙළෙ­ඳ­පොළ විවෘත කර දෙන්නේ නම් එය වඩාත් වැද­ගත්ය.

අ.පො.ස. (උ/පෙ) සමත් වන සියලු දෙනාට උපා­ධි­යක් හිමි කර­ගැ­නීම සඳහා ඉඩ ප්‍රස්තා ඇති කිරීම රජයේ ඉල­ක්කය වී ඇත. එය කළ හැකි­දෝයි කෙනකු ප්‍රශ්න කළ හැකිය. උපා­ධි­යක් හිමි කර­ගැ­නීම සඳහා සියලු විද්‍යා­ර්ථීන් තව­දු­ර­ටත් සාම්ප්‍ර­දා­යික විශ්ව­වි­ද්‍යා­ල­ව­ල­ටම යා යුතු නැත. පාඨ­මා­ලා­වල ස්වභා­වය අනුව වෙනත් ස්ථාන ඒ සඳහා තෝරා­ගත හැකිය. කොයි හැ‍ටි වුව අධ්‍යා­ප­න­යෙන් රට වෙනස් කළ හැකිය. ආණ්ඩුව එය වට­හා­ගෙන තිබේ.

Comments