ප්‍රති­පත්ති ප්‍රකා­ශ­යෙන් එහා බලමු | සිළුමිණ

ප්‍රති­පත්ති ප්‍රකා­ශ­යෙන් එහා බලමු

ළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ප්‍රධාන පෙළේ අපේ­ක්ෂ­ක­යන් සියලු දෙනාම පාහේ මේ වන විට තම මැති­ව­රණ ප්‍රති­පත්ති ප්‍රකාශ පොරොන්දු එළි­යට දමා ඇත. බැලූ බැල්මට මේ කිසිදු අපේ­ක්ෂ­ක­යකු රටට හිත­කර නොවන වැඩ­පි­ළි­වෙ­ළක් ඉදි­රි­පත් කොට නැත. රටේත් ජන­තා­ව­ගේත් ජීවිත සුපෝ­ෂිත කර­වීමේ විවිධ වූ ක්‍රියා­මාර්ග මෙන්ම රට සංව­ර්ධ­නය පිළි­බඳ ඉතා ධනා­ත්ම­කව තම අද­හස් මේ ප්‍රති­පත්ති ප්‍රකාශ ඇසු­රෙන් එළි­දක්වා ඇති බව පෙනී යයි. රටක් ලෙස අට­වැනි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට මුහුණ දෙන අපි මීට පෙරද මෙවැ­නිම ප්‍රති­පත්ති ප්‍රකාශ කියවා ඇත්තෙමු. ඒ අනුව බලන කල ඇතැම් විට මේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­වල පව­තින තීර­ණා­ත්මක ලක්ෂණ හැරුණු කොට වැඩි ප්‍රමා­ණ­යක් තුළ ඇත්තේ ඉහත කී ආකා­රයේ පොදු ලක්ෂ­ණය.

අප ඊළඟ ජනා­ධි­ප­ති­ව­රයා තේරී­මේදී සලකා බැලිය යුත්තේ මේ ප්‍රති­ප­ත්ති­මය කාරණා පම­ණ­ක්මද යන්න ගැට­ලු­වකි. එසේ වුව හොත් බොහෝ ඡන්ද දාය­ක­යන්ට තම අපේ­ක්ෂ­කයා තෝරා­ගැ­නී­මේදී බර­ප­තළ අර්බු­ද­ය­කට එළ­ඹෙන්න සිදු වේ. ඔවුන් මේ තීර­ණය ඡන්ද පොළට ගොස් ගන්නේ නම් තවත් පැය ගාන­කින් ඡන්ද විම­සීම දීර්ඝ කිරී­මට සිදු වන තර­මට එය අසීරු විය හැකිය.

එහෙ­යින් අප ජනා­ධි­ප­ති­ව­රයා තේරී­මේදී මේ අපේ­ක්ෂ­ක­යන් සහ ඔවුන් පසු­පස සිටි­න්නන් විසින් පසු­ගිය කාලය තුළ කළ-කී දේ හා ඔවුන්ගේ ඇව­තුම්-පැව­තුම් ගැන විම­සි­ලි­මත් වීම වැද­ගත්ය. ඔවුන් වාර­ණ­යට ලක් කළ යුත්තේ මේ අපේ­ක්ෂ­ක­යන්ගේ ප්‍රායෝ­ගික භාවි­තාව සහ ලෝකයේ වර්ත­මාන ප්‍රව­ණතා සමඟ මෙකී ප්‍රති­පත්ති ගළ­ප­මිනි. මේ කරුණු සමඟ ගැළ­පෙන වඩාත් සාධ­නීය පුද්ග­ලයා ජනා­ධි­පති කර­වීම පක්ෂ දේශ­පා­ල­න­යට එහා ගිය දැක්ම­කින් කළ යුත්තකි. ඊළඟ වසර පහ තුළ අප රටේ ජනා­ධි­ප­ති­ව­රයා විය යුත්තේ කවු­රු­න්දැයි අප තීර­ණය කළ යුත්තේ එසේය.

මෑත කාලයේ ලෝකය දිනූවෝ තරුණ පර­පුර සමඟ පෑහෙන නාය­ක­යෝය. නව­සී­ලන්ත අග­මැ­ති­නිය, කැන­ඩාවේ අග­මැ­ති­ව­රයා, ප්‍රංස ජනා­ධි­ප­ති­ව­රයා මෙන්ම ඉතා­ලියේ ඊළඟ නාය­ක­ත්ව­යට එන ලකුණු අඟ­වන මැටියෝ සැල්විනි ද ඒ ඒ රට­වල ආක­ර්ෂ­ණය දිනා­ගැ­නී­මට සමත් වූ තරුණ නාය­ක­යෝය. මේ තරුණ පර­පුර අපේක්ෂා කරන්නේ එක්සත් වූ රටක නිද­හසේ ජීවත් විය හැකි සාම­කාමි වට­පි­ටා­වකි; ඔවුන්ගේ සිතුම්-පැතුම් සේම ඇව­තුම්-පැව­තු­ම්ව­ලට සමීප නාය­ක­යෙකි. ශ්‍රී ලාංකේය තරුණ සන්ද­ර්භය තුළ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය හෝ එයින් ලැබෙන නිද­හස පිළි­බඳ අර්ථා­න්විත අව­බෝ­ධ­යක් බහු­ත­ර­ය­කට නැති වුවද ඔවුහු මේ තුළ අපට හිමි වන නිද­හස සහ සහ­නය උප­රි­මව අපේක්ෂා කරති. ඒ නිද­හස අද ඕනෑ­ව­ටත් වඩා භුක්ති විඳින්න හැකිව ඇත්තේ 2015 පසු­ගිය රජය විසින් හඳුන්වා දෙන ලද ප්‍රජා­ත­න්ත්‍රීය අයි­තීන් වඩාත් සුරැ­කෙන ප්‍රති­සං­ස්ක­රණ නිසාය. ඒ සඳහා මෙවර පැවැ­ත්වෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යම හොඳ උදා­හ­ර­ණ­යකි. මෙවර සාපෙ­ක්ෂව ප්‍රචණ්ඩ ක්‍රියා අඩුය. පෝස්ටර් නිසා තාප්ප ගස් ගල් වැන­සීමේ තර­ග­යක් දකින්න නැත. අතන-මෙතන අට්ටාල කාර්යාල අඩුය. මේ නිසා ඒවාට අවශ්‍ය පිරිස් බලය, මැර බලය මුද­ලට සප­යන පාතා­ලය සහ දේශ­පා­ල­නය අතර සම්බ­න්ධ­යද වෙනදා තරම්ම දක්නට නැත. එසේ වී ඇත්තේ අද මැති­ව­රණ කොමි­ස­මට ස්වාධී­නව මැති­ව­ර­ණය මෙහෙ­ය­වීමේ අව­ස්ථාව හිමිව ඇති බැවිනි. එය රට­ටම සහ­න­යකි. මේ වන විට මෙවැනි කොමි­ෂන් සභා 11ක් බලා­ත්මක වී තිබේ. අද පොලී­සි­යට අවශ්‍ය නම් ඍජුව රාජ­කාරි කළ හැකිය. පොලී­සියේ සුළු සේව­ක­ය­කුට කරන සුළු තර­ව­ටු­වක් හමුවේ පොලි­ස්ප­ති­ව­රයා පොලිස් කූඩුව තුළ කොටු කළ හැකි තර­මට අද පොලී­සිය ස්වාධීන වී තිබේ. එසේම ඊට අම­ත­රව රාජ්‍ය සේවා කොමි­සම, විග­ණන සේවා කොමි­සම, මානව හිමි­කම් කොමි­සම, අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­සම, මුදල් කොමි­සම, සීමා නිර්ණය කොමි­සම, ජාතික ප්‍රස­ම්පා­දන කොමි­සම, විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම සහ රාජ්‍ය භාෂා කොමි­සම මේ රට තුළ ක්‍රියා­ත්මක වෙයි. එක් ක්ෂේත්‍ර­යන්හි කට­යුතු කරද්දී මේ කොමි­ෂන් සභා­වල ස්වාධී­න­ත්වය පොදුවේ මේ රටේ මහ­ජ­න­තා­වට කොත­රම් සහ­න­ශීලි වූත් දේශ­පා­ල­න­යෙන් තොර වූත් පසු­බි­මක් නිර්මා­ණය කර ඇතිද යන්න පැහැ­දි­ලිය. විශේ­ෂ­යෙන් ජාතික ප්‍රස­ම්පා­දන කොමි­සම, විග­ණන සේවා කොමි­සම, අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­සම වැනි ආය­තන මඟින් රටේ ආර්ථි­කයේ නිද­හස් හෝ ස්වාධීන චල­න­යට කොත­රම් බල­පෑ­මක් සිදුව ඇතිද යන්න අපට නොදැ­නෙන්නේ ඒ ගැන වැඩි­පුර සමාජ තලයේ කතා-බහට ලක් නොවන නිසාය. එහෙත් මේ කට­යු­තු­ව­ලට සම්බන්ධ වන අය ඒ ගැන මැන­වින් දනිති. මේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී නිද­හස 17 වැනි ආණ්ඩු ක්‍රම සංශෝ­ධ­න­යෙන් යම් මට්ට­ම­කින් හෝ අපට හිමි වුණද එය පසු­ගිය රජය සම්මත කර­ගත් 18 වැනි සංහෝ­ධ­න­යෙන් යළි අහිමි විය. ඒ වෙනු­වට අපට යළි හිමි වූයේ ඒකා­ධි­ප­ති­ත්වය තුළ දේශ­පා­ල­නික බල­පෑම් සහිත අනා­ග­ත­යක් පිළි­බඳ වට­පි­ටා­වකි. මේ තත්ත්වය යළිත් 19 වැනි සංශෝ­ධ­නය මඟින් අපට හිමි වූ අතර, මේ සවා­ධීන කොමි­ෂන් බලා­ත්මක විම නිසා අපට අද භුක්ති විඳින නිද­හස හිමි කර­ගැ­න්මට හැකි විය.

අද විපක්ෂ මැති­ව­රණ වේදි­කාවේ ඇතැම් විට 19 වැනි සංශෝ­ධ­නය ගැන බර­ප­තළ විවේ­චන ඇසෙයි. පාර්ලි­මේ­න්තුවේ එක් මන්ත්‍රී­ව­ර­යකු හැර සෙසු සියලු මන්ත්‍රී­ව­රුන්ගේ අනු­මැ­තිය යටතේ සම්ම්ත වුණු මේ සංශෝ­ධ­නය රටට හෙණ­යක් බව කියන්නේ තමන්ට ඕනෑ විදි­හට නටන්න බැරි වන තැන­ක­දීය. මේ තත්ත්වය අද රජයේ පාර්ශ්වයේ ඇතැ­මු­න්ගෙන්ද ඇසෙන කථා­වකි. කෙසේ වුවද මේ ගැන වැඩි­යෙන් කථා කරන අයගේ ඉල­ක්කය බව පෙනෙන්නේ 19 වැනි සංශෝ­ධ­නය අහෝසි කිරී­මය. එය එක් පුද්ග­ල­ය­කුගේ දෙදෙ­න­කුගේ ස්වාර්ථ ඉටු කිරීමේ චේත­නා­වෙන් වනවා විය හැකිය.

අප ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­ය­ටත් එහා ගොස්, එක් එක් අපේ­ක්ෂ­ක­යන්ගේ හෝ පාර්ශ්ව­වල කියුම්-කෙරුම් ගැන කල්පනා කළ යුත්තේ ඒ නිසාය.

Comments