ජන­ප­ති­ව­රණ උණු­සුම සහ ගෝලීය උණු­සුම | සිළුමිණ

ජන­ප­ති­ව­රණ උණු­සුම සහ ගෝලීය උණු­සුම

දිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී කවු­රුන් ජනා­ධි­පති ධුර­යට පත් වුවත්, ඒ ජනා­ධි­ප­ති­ව­ර­යාට හෝ රටට හෝ මුහුණ දීමෙන් වැළකී සිටිය නොහැකි අභි­යෝ­ග­යක් තිබේ. ඒ, දේශ­ගු­ණික වෙන­ස්ක­ම්වල ප්‍රති­ඵ­ල­ව­ලට මුහුණ දීමට සිදු වීමේ අර්බු­ද­යයි. අප කැමැති වුවත් අකැ­මැති වුවත් ලෝකයේ අනි­වා­ර්ය­යෙන් සිදු වන විනා­ශ­කාරි ක්‍රියා­ව­ලි­යක් එහි ඇති බව මේ වන විට විද්‍යා­ත්ම­කව තහ­වුරු වී හමා­රය. අපි දව­සින් දවස මේ අර්බු­දයේ ගිලෙ­න්නෙමු; ඊට මුහුණ දෙන්නෙමු.

තාක්ෂ­ණය අතින් ලෝකය කොත­රම් ඉදි­රි­යට ගියද, දේශ­ගු­ණික වෙන­ස්කම් හේතු කර­ගෙන ලොව ඇති වෙමින් පවත්නා සිතා­ගත නොහැකි අන්දමේ කාල­ගු­ණික පෙරළි, ස්වාභා­වික විපත් සහ ලෙඩ-රෝග ඇතුළු සංකීර්ණ අර්බුද නිසා පැන­න­ඟින දැවැන්ත බල­පෑම පාල­නය කිරී­මට නූතන තාක්ෂ­ණය වත් ප්‍රමා­ණ­වත් නොවන තැන­කට පැමිණ ඇත.

දේශ­ගු­ණික වෙන­ස්කම් හෝ ඒ පසු­පස අද එන ස්වාභා­වික විපත් අපේ රටේ වැර­දි­වල පම­ණක් ප්‍රති­ඵ­ල­යක් නොවේ. මේ තත්ත්ව­යට හේතු වී ඇති ප්‍රධාන කරුණ වන්නේ මිහි­ත­ලය උණු­සුම් වීමේ ක්‍රියා­ව­ලි­යයි. එයට බල­පෑවේ සීමා­වක් නැති මිනිස් අව­ශ්‍යතා නිර්මා­ණය කිරීම සඳහා වූ දැවැන්ත කාර්මි­ක­ක­ර­ණය හේතු­වෙන් අහි­ත­කර වායු වායු­ගෝ­ල­යට මුදා­හ­රිනු ලැබී­මයි. මේ තත්ත්වය හරි­තා­ගාර ආච­ර­ණය ලෙස 80 දශ­ක­යේදී ලෝකයේ විද්‍යා­ඥ­යන් අතර පුළුල්ව කතා-බහට ලක් වූ අතර, ඒ සම්බන්ධ නිල මට්ටමේ පුළුල් සාකච්ඡා සිදු වන්නේ 1992දී බ්‍රසී­ලයේ රියෝ ද ජැන­යිරෝ නග­රයේ පැවැති මිහි­තල සමු­ළු­වේ­දීය. මෙහිදී ඇති කර­ගත් එක­ඟතා ඇතුළු නෛතික රාමුව නිල වශ­යෙන් එළි­දැ­ක්වෙන්නේ 1997දී ජපා­න­යේ­දීය. එහිදී ලෝකයේ කාබන් ඇතුළු හරි­ත­ගාර වායු පිට වීම අඩු කිරීම සඳහා ඉලක්ක සහ දේශ­ගු­ණික විප­ර්යාස අවම කිරී­මට අදාළ ගෝලීය පිය­වර ඇතු­ළත් කියෝතෝ සම්මු­තිය සකස් කළද ලොව වැඩිම හරි­තා­ගාර වායු පිට කරන්නා වූ ඇමෙ­රි­කාව ඇතුළු ප්‍රධාන පෙළේ රට­වල් කිහි­ප­යක්ම එයට එක­ඟ­තාව පළ කළේ නැත. එහෙත් හිතු­ව­ක්කාර ඇමෙ­රි­කා­ව­ටද අද දේශ­ගු­ණික විප­ර්යා­ස­ව­ලින් මහත් වේද­නා­වට ලක් වන්නට සිදුව ඇත්තේ පෙර නොවූ-විරූ ආකා­ර­යෙන් ගංව­තුර, චණ්ඩ මාරුත එරට ජන­තා­වට සහ එරට ආර්ථි­ක­යට දැඩි සේ වින කරන නිසාය.

මෑත කාලය පිළි­බඳ සැල­කී­මේදී මේ අභි­යෝ­ගයේ උච්ච මට්ට­මට අප පැමිණ තිබේ. කව­රදා වත් දිය නොවෙ­තැයි සිතා සිටි මහා හිම කඳු දිය වෙමින් තිබේ. දේශ­ගු­ණික වෙන­ස්කම් පිළි­බඳ පුළුල්ව අධ්‍ය­ය­නය කරන විද්‍යා­ඥ­යන් පව­සන්නේ කාර්මි­ක­ක­ර­ණය සිදු වීමට පෙර සිට මේ වන විට ගෝලීය උණු­සුම ආසන්න වශ­යෙන් සෙල්සි­යස් අංශක එක­කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. මේ යන ආකා­ර­යට අඛ­ණ්ඩව එය වර්ධ­නය වුව හොත් වසර 2030ත්-2050ත් අතර කාලයේ ලෝකයේ උණු­සුම සෙල්සි­යස් අංශක 1.5කින් පමණ ඉහළ යනු ඇති බව ඔවුන්ගේ පුරෝ­ක­ථ­න­යයි. මෙය ඇතැ­ම­කුට වායු සමන යන්ත්‍රයේ කාමර උෂ්ණ­ත්වය හෝ තම වාහ­නය තුළ උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක එක­කින් දෙක­කින් ඉහළ පහළ දැමීම තරම් සුළු­වෙන් වැටහී-යා හැකිය. එහෙත් මේ පසු­පස සිදු වන ගෝලීය පාරි­ස­රික පද්ධ­ති­වල වෙන­ස්කම් නොගි­ණිය හැකි තරම් විශා­ලය. අද බට­හිර රට­වල ගම් පළාත් එක්වර හට­ගන්නා ළැව්ගිනි හේතු­වෙන් අළු-ධූලි බවට පත් වන්නේත්, මහා චණ්ඩ­මා­රුත හමුවේ විනාශ වී යන්නේත් ක්ෂණික ඇද-හැළෙන දැඩි අකල් වැසි නිසා කොළඹ නග­රය විනාඩි කිහි­ප­ය­කදී වතු­රෙන් යට වන්නේත් මේ ක්‍රියා­ව­ලියේ ප්‍රති­ඵල නිසාය.

පසු­ගිය මාස දෙකේ අයි­ස්ල­න්තයේ ග්ලැසි­යර දිය වී යෑමත්, ඇම­සන් වනයේ හට­ගත් මහා ගින්නත් ලොව සමස්ත පාරි­ස­රික පද්ධ­ති­ව­ලට සිදු කරන නස්පැ­ත්තිය විද්‍යා­ඥ­යන්ට සිතා­ගැ­නී­මට වත් නොහැකි මට්ට­මක පවතී.

මේ මහා ව්‍යව­සන හමුවේ මේ වන විට ලෝකය ඊට ප්‍රති­චාර දැක්වී­මට පටන් ගෙන තිබේ. එක් එක් රට­වල ආණ්ඩු වෙත මේ දේශ­ගු­ණික බල­පෑ­ම්ව­ලට හේතු වන සාධක පිළි­බඳ ජනතා විරෝ­ධය එල්ල වීමට පටන් ගෙන තිබේ.

අප රටේ ඇතැම් වෘත්ති­ක­යන් තම වැටුප සහ වෘත්තීය වර­ප්‍ර­සාද වෙනු­වෙන් සමස්ත ජන­තාව පීඩ­න­යට පත් කර­මින් වැඩ­ව­ර්ජන සිදු කරද්දී, දේශ­පා­ල­ක­යන් තම වාසි උදෙසා මේ දුෂ්ට වෘත්තීය සමිති නාය­ක­යන් හසු­රු­වද්දී ලොව බොහෝ තැන්වල අද වැඩ­ව­ර්ජන විරෝ­ධතා දියත්ව ඇත්තේ මේ දේශ­ගු­ණික බල­පෑ­ම්ව­ලින් පෘථි­විය බේරා­ගැ­නීමේ අවංක චේත­නාව පෙර­දැ­රි­වය.

මේ ධර­ණීය කති­කා­වට මෑත­කා­ලී­නව අම­තක නොවන ආද­ර්ශ­යක් ‍සපයන්නේ සොළොස් හැවි­රිදි ස්වීඩන ජාතික පාසල් සිසු­වි­යක වන ග්‍රේටා තන්බර්ග්ය. ඇය දේශ­ගු­ණික විප­ර්යා­ස­ව­ලට හේතු වන කරුණු පාල­නය කර­න්නැයි තම රජ­යට සහ ලෝක­යට බල­පෑම් කර­මින් පසු­ගි­යදා දැඩි විරෝ­ධ­තා­ව­කට එළ­ඹු­ණාය. මේ නිසා ලෝක­යේම අව­ධා­නය දිනා­ගත් ඇයට ඇමෙ­රි­කනු කොංග්‍ර­සය ඇම­තී­මට අව­ස්ථා­වක් සලසා දුන්නද, අහි­ත­කර වායු විමෝ­ච­නය කරන ගුවන් ගම­න්ව­ලට විරෝ­ධය දක්ව­මින් ඇය එය ප්‍රති­ක්ෂේප කළාය. මේ නිසා ඇයට වායු විමෝ­ච­න­යෙන් තොර, විශේෂ පරි­සර හිත­කාමි යාත්‍රා­ව­කින් ස්වීඩ­නයේ සිට ඇමෙ­රි­කා­වට ඒමට පහ­සු­කම් සැල­සිණි. මේ අතර බ්‍රිතා­න්‍යයේ පරි­සර සංවි­ධාන එරට භාණ්ඩා­ගා­රය ඉදි­රි­පිට රුධි­ර­යට සමාන දිය­ර­යක් ඉස, දේශ­ගු­ණික විප­ර්යා­ස­ව­ලට හේතු වන ව්‍යාපෘති සඳහා මූල්‍ය ප්‍රති­පා­දන නොදෙ­න්නැයි විරෝ­ධතා දැක්වූයේ ඉකුත් සති­යේය.

කන­ගා­ටු­වට කරුණ අප රටේ ජන­තා­ව­ගෙන් බහු­ත­රය මේ දේශ­ගු­ණික විප­ර්යාස හෝ එවැනි තත්ත්ව හමුවේ අපේ වග­කීම් සහ­ගත බව පිළි­බඳ අව­බෝ­ධ­ය­කින් තොර වීමය. මෙරට පාසල් සිසුන්ට පවා ඒ පිළි­බඳ පව­තින විෂ­ය­යික දැනුම මෙන්ම ඒ සම්බන්ධ ප්‍රයෝ­ගික ප්‍රවේ­ශ­යද ප්‍රමා­ණ­වත් නොවන බව පැහැ­දි­ලි­වම පෙනී යන කරු­ණකි. අපට මේ සම්බ­න්ධ­යෙන් විවිධ ප්‍රවේ­ශ­ව­ලට යොමු වීම සඳහා මෙය තීර­ණා­ත්මක කාල­යකි. විශේ­ෂ­යෙන් එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන අපේ­ක්ෂ­ක­යන්ට තම ප්‍රති­පත්ති මාලා තුළ මේ පිළි­බඳ පැහැ­දිලි ප්‍රති­පත්ති සඳ­හන් කළ හැකිය; ඒ වෙනු­වෙන් කැප විය හැකිය. එය රටක් ලෙස මේ ගැන අව­ධා­නය යොමු කර­වන තීර­ණා­ත්මක සාධ­ක­යක් වනු නිසැ­කය.

Comments