පර­පු­රක් වන­සන වර්ජන | සිළුමිණ

පර­පු­රක් වන­සන වර්ජන

සු­ගිය බෘහ­ස්ප­තින්දා සහ සිකු­රාදා බොහෝ ළම­යින් පාසල් ගියේ නැත. ඒ තම පාස­ල්වල ගුරු­ව­රුන් වෘත්තීය සමිති ක්‍රියා­මා­ර්ග­ය­කට අව­තීර්ණ වී ඇති නිසාය. බොහෝ ගුරු­ව­රුන් වර්ජන ක්‍රියා­මා­ර්ග­යක් පව­තින බැවින් තමන් පාසල් නොඑන බව දරු­වන්ට දන්වා තිබිණි. විශේ­ෂ­යෙන් දරු­වන් සිටින, වැද­ගත් මවු­පි­ය­ව­රුන්ට දාව බිහි වුණු එවන් ගුරු­ව­රුන් දරු­වන්ට පවසා තිබුණේ අකැ­මැ­ත්තෙන් වුණත් මේ වෘත්තීය සමිති ක්‍රියා­මා­ර්ගය හේතු­වෙන් පාසල් නොඑන බවයි. එයින් ඔවුන් දරු­වන්ට ඉඟි කර තිබුණේ ඒ දින දෙකේ පාස­ලට දරු­වන් පැමි­ණීමේ අරු­තක් නැති බවයි.

මේ ගුරු­ව­රුන් එසේ කීවද, මේ ගුරු හටන මෙහෙ­ය­වන වෘත්තීය සමිති නාය­ක­යන් ගුරු­ව­රුන්ට පවසා තිබුණේ තම වෘත්තීය ක්‍රියා­මා­ර්ගය නිසා දරු­වන් පාස­ලට නොපැ­මි­ණෙන ලෙස ඉඟි නොක­රන ලෙසය. ඔවුන්ගේ මුඛ්‍ය අර­මුණ වී තිබුණේ මහ පාන්දර දරු­වන් පාසල් වෙත යවා මවු­පි­යන්, පාසල් වෑන් රථ හිමි­යන් සියල්ල අන්ද-මන්ද කරවා සමස්ත යන්ත්‍ර­ණ­යම අවුල් කර­වී­මය. එහෙත් සුජාත භාව­යක් සහිත ගුරු­ව­රුන් නිසා මේ විපත සැල­කිය දුර­කට වැළ­කිණි. මේ සිදු­වීම මෙරට මේ දින­වල ද සිදු වන දහ­ස­කුත් එකක් වෘත්තීය ක්‍රියා­මා­ර්ග­යන්හි අල්ප මාත්‍ර වූ කොට­සක් පමණි. වෘත්තීය සමිති නාය­ක­යන් ලෙස අද වැජ­ඹෙ­න්නන්ගේ අශී­ලා­චාර, සදා­චා­ර­ස­ම්පන්න නොවන, මුග්ධ පසු­බිම පිළි­බඳ මේ ගුරු වෘත්තීය සංග­ම්කා­ර­යන් එක් නිද­ර්ශ­න­යක් පමණි.

මැති­ව­ර­ණ­යක් මුව­වි­ටක පව­තින මේ කාලයේ බොහෝ වෘත්තීය සංගම් බලන්නේ තම අයි­ති­වා­සි­කම් කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ නෙළා­ගැ­නී­ම­ටය. ඔවුන්ට අවශ්‍ය හුළං පිඹින්නේ විපක්ෂ දේශ­පා­ල­න­යයි. එය ඉතා පැහැ­දි­ලිව විද්‍ය­මාන වන දෙයකි. මේ දේශ­පා­ලන බල­වේග මේ වේලාවේ තමන් අතින් පාල­නය වන වෘත්තීය සමිති උසි­ග­න්වන්නේ රජය හැකි තාක් අප­කී­ර්ති­යට අසී­රු­තා­වට පත් කර­මින්, කල­කි­ර­ව­මින් එහි වාසිය ඔවුන්ට හිමි කර­ගැ­නී­ම­ටය. පසු­ගිය කාලයේ එවැනි වෘත්තීය සටන් කිහි­ප­යක්ම එක දිගට පෙළ­ගැ­සිණි. විශේ­ෂ­යෙන් කොළඹ කොටුව ඇතැම් වෙලා­ව­න්හිදී මේ උද්ඝෝ­ෂ­ණ­ක­රු­ව­න්ගෙන් ඇවි­රිණි. සර­සවි අන­ධ්‍ය­යන කාර්ය­ම­ණ්ඩල, අධ්‍යා­පන අධ්‍ය­යන සහ අන­ධ්‍ය­යන කාර්ය­ම­ණ්ඩල, රජයේ වෛද්‍ය නිල­ධාරී සංග­මය, රජයේ පරි­පා­ලන නිල­ධා­රීන් වරෙ­කත්, තවත් වරෙක විධා­යක නොවන සේව­ක­ය­නුත්, දුම්රියේ වෘත්තීය සමිති ඇතුළු විප­ක්ෂයේ ප්‍රබල දේශ­පා­ලන පක්ෂ අත දූරස්ථ පාල­කය පව­තින බොහෝ වෘත්තීය සමිති මේ වෙනු­වෙන් පෙළ­ගැ­සු­ණහ. තම වෘත්තීය සාමූ­හි­ක­ත්වය වෙනු­වෙන් අකැ­මැ­ත්තෙන් හෝ මේ කෙරෙහි ඒක­රාශි වන්නට ඔවුන්ට සිදු විය. පසු­ගි­යදා අව­සන් වූ ආබා­ධිත රණ­වි­රු­වන්ගේ උද්ඝෝ­ෂ­ණ­යේ­දීද අපට ඇසුණු කතා­වක් වන්නේ ගිය ආණ්ඩු­වෙන් කළ යුතුව තිබූ දෙයක් වෙනු­වෙන් මේ අයු­රින් තමන්ද වෙහෙ­සට පත් කර­ව­මින් නටන නාඩ­ගම අති­ශය සාධා­රණ නොවන සට­නක් බව ඔවුන් අත­රම කතා­බ­හක් ඇති වූ බවය. මේ වර්ජන පෙළ අව­සන් වේයැයි සිතිය නොහැ­කිය. ඒ සඳහා පද­න­මක් ඇත.

පසු­ගි­යදා සන්ඩේ ඔබ්ස­වර් පුව­ත්ප­තට ලිපි­යක් ලිය­මින් දේශ­පා­ලන විචාර ලේඛි­කා­වක වන තිස­රණී ගුණ­සේ­කර ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන් ඉදි­රි­පත් කළ තර්කය මේ වර්ජන පසු­ප­සද පැවති බවට විශ්වාස කළ හැකිය. අද මෙරට ප්‍රමුඛ පෙළේ විප­ක්ෂය ලෙස ජන­ප­ති­ව­රණ සට­නට පිවිස සිටින ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණට දැවැන්ත අභි­යෝ­ග­යක් පැමිණ ඇත. ඒ ආණ්ඩු පක්ෂ­යෙන් ඉදි­රි­පත් කෙරෙන ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යායි. ජන­තාව ඉල්ලන මේ අපේ­ක්ෂ­කයා එන මඟ ඇවි­රී­මට ඔවුහු විවිධ උප­ක්‍රම යෙදූහ. එය නොහැකි වූ තැන ඔවුන්ට අද ඉති­රිව ඇත්තේ දැඩි අභි­යෝ­ග­යකි. මේ අභි­යෝ­ගය ඔවුන් ජය ගන්නට නම් නිසැ­ක­වම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙර­මු­ණට වැටෙන ඡන්ද ප්‍රමා­ණය අඩු කළ යුතුය. එහිදී ඔවුන්ගේ මූලික පිය­ව­රක් වන්නේ ආණ්ඩු­වෙන් ඉදි­රි­පත් වන ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යාට ලැබෙන ඡන්ද ප්‍රමා­ණය වැළැ­ක්වී­මය. ඒ සඳහා කළ හැකි හොඳම පිය­වර මෙවැනි වෘත්තීය සමිති ව්‍යාපාර ඔස්සේ ජන­තාව අප­හ­සු­තා­වට පත් කර­මින් ආණ්ඩුව අවුල් කිරී­මය. මේ කාර්යය සඳහා විප­ක්ෂය මේ ඊනියා අව­ස්ථා­වාදී වෘත්තිය සමිති නාය­ක­යන් වෙනු­වෙන් මැන­වින් විය­පැ­හැ­දම් කරති; සත්කාර කරති. ඒ සම්බ­න්ධය අද ජාතික ව්‍යස­න­යක් බවට පත්ව ඇති සෙයක් පෙනේ. ඔවුහු තමන්ගේ පර­මාර්ථ වෙනු­වෙන් රටේ සංවේදි අංශ පළුදු කරති; අක­ර්මණ්‍ය කොට අවුල් කරති.

පක්ෂ-පාට­ව­ලින් තොරව මැදක හිඳ මේ දෙස බලන කෙන­කුට එය හොඳින් අව­බෝධ වනු ඇත. ශ්‍රී ලංකාවේ වෘත්තීය සටන් ව්‍යාපා­ර­යට ඇත්තේ දිගු ඉති­හා­ස­යකි. වාම­වාදි දේශ­පා­ල­නික ව්‍යාපාර තුළ පෝෂ­ණය වූ මේ වෘත්තීය සමිති සහ ඔවුන් විසින් මෙහෙ­ය­වන ලද වෘත්තීය සටන් තුළ යම් යම් ගුණාංග තිබිණි. මේ වෘත්තීය සමිති නාය­කයෝ එය විද්‍යා­වක් ලෙස හැදෑ­රූහ; යම් විද්‍යා­ත්මක පසු­බි­මක සිට සමා­ජීය ප්‍රශ්න කෙරෙහි සංවේ­දි­තා­වක් ඇතිව සට­න්වල නියැ­ළු­ණහ. එහෙත් මේ වන විට මේ වෘත්තීය සමි­ති­වල ගෞර­ව­නී­ය­භා­වය වර්ත­මාන වෘත්තීය සමිති නාය­ක­යන් විසින් විනාශ කර දමනු ලැබ ඇත. අද වෘත්තීය සමිති නාය­ක­යන්ට අවශ්‍ය වී ඇත්තේ ඔවුන් මෙහෙ­ය­වන දේශ­පා­ලන අත­කොලු පින­ව­මින් ඔවුන්ට අවැසි බලය ලබා දෙමින්, තමන්ගේ වෘත්තීය ජීවි­තයේ විවිධ හිණිමං තර­ණය කිරී­මය. එවැනි බල­ලෝභි උන්ම­ත්ත­කයෝ රටේ සිසුන් පම­ණක් නොව, සමස්ත ජාති­යම මංමුළා කර­වන පිරි­සකි. ඔවුන් ඒ වෙනු­වෙන් අව­සා­නයේ බිල්ලට දෙන්නේ සමස්ත ජාති­යයි. මෙවැනි බල­ලෝ­භ­යක්, දේශ­පා­ල­න­යක් තිබෙන තුරු ජාති­යක් ලෙස අප අස­ර­ණය.

Comments