බෝරා­වරු සහ දේශ­පා­ල­නික නොද­රුවෝ | සිළුමිණ

බෝරා­වරු සහ දේශ­පා­ල­නික නොද­රුවෝ

අග­නු­වර හා තදා­ස­න්නව ජීවත් වන බොහෝ ජන­තාව මේ දව­ස්වල කතා­බහ කරන මාතෘ­කා­වක් වන්නේ කොළ­ඹදී පැවැ­ත්වෙන බෝරා ප්‍රජා­වගේ ආග­මික සමු­ළු­වයි. ඉන්දි­යාවේ සම්භ­වය ලදැයි සැල­කෙන ජන කොට්ඨා­ස­යක් වන ‘ඩාවුඩි බෝරා’ ප්‍රජාව ‘ආෂාරා මුබා­රකා’ නමින් පව­ත්වන දස දින ආග­මික සමු­ළුව සඳහා මෙවර තෝරා­ගෙන ඇත්තේ ශ්‍රී ලංකා­වයි. ෂියා ඉස්ලාම් ආගම අද­හන දස ලක්ෂ­යක් වන බෝරා ප්‍රජාව අතු­රින් 21,000කට ආසන්න පිරි­සක් මේ සඳහා මෙර­ටට පැමිණ ඇති බව වාර්තා වෙයි. ඔවුන් 2009 වස­රේද මෙර­ටදී මේ අයු­රින්ම සමු­ළු­වක් පවත්වා ඇති අතර, එව­රද (මෙත­රම් සහ­භා­ගි­ත්ව­යක් දක්නට නොලැ­බු­ණත්) සැල­කිය යුතු පිරි­සක් කොළ­ඹට පැමිණි බව ඒ දව­ස්වල කතා කෙරිණි.

බෝරා ජාති­ක­යකු පළ­මු­වම ශ්‍රී ලංකා­වට එන්නේ 1830දීය. ඉන්දි­යාවේ සිට වෙළෙ­ඳාම් කිරීමේ අර­මු­ණින් පැමිණි බෝරා ප්‍රජාව නියෝ­ජ­නය කරන ව්‍යාපා­රි­ක­යකු එලෙස ශ්‍රී ලංකා­වට පැමිණි මුල්ම බෝරා සමා­ජි­කයා ලෙස සැල­කෙන අතර, ඔහුගේ නැව අන­තු­රට පත් වීම හේතු­වෙන් ගාල්ලේ නව ජීවි­ත­යක් ඇර­ඹී­මට කට­යුතු කළ බව මෙරට බෝරා ඉති­හා­සය කියයි. උප­තින්ම ව්‍යාපා­ර­ක­ර­ණය උරුම කර­ගත් මේ ප්‍රජාව අග­නු­ව­ර­ටද පැමිණ ක්‍රම­යෙන් තම ව්‍යාපාර ස්ථාවර කර­ගැ­නී­මට පටන් ගත්හ. අද­ටද මෙරට ප්‍රධාන පෙළේ අප­න­යන ව්‍යාපාර කිහි­ප­ය­කම අයි­තිය ඇත්තේ මොවුන් සතු­වය.

සාම­කා­මිව ඉස්ලාම් ආග­මික දර්ශ­න­යක් අනු­ග­ම­නය කරන, අස­ල්වැසි ඉන්දි­යාවේ ප්‍රවේ­ණික පසු­බි­මක් සහිත මේ ප්‍රජාව මෙවර ශ්‍රී ලංකා­වට පැමි­ණීම විශේ­ෂිත වූයේ ඔවුන් සංඛ්‍යා­ත්ම­කව විශාල ප්‍රමා­ණ­යක් පැමි­ණීම සහ ඒ හේතු­වෙන් රටේ සංචා­රක ව්‍යාපා­රය ඇතුළු සමස්ත ආර්ථි­ක­යට ඇති වන යහ­පත් බල­පෑ­මය. පැමිණි 21,000ක පිරිස මෙරට ගත කරන දින 10 තුළ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 35 ඉක්මවූ විදේශ විනි­මය ප්‍රමා­ණ­යක් ශ්‍රී ලංකාවේ සංචා­රක කර්මා­න්තය ඇතුළු ක්ෂේත්‍ර වෙත ලැබීම අව­ධා­නය යොමු කළ යුතු කරු­ණකි. පසු­ගිය අප්‍රේල් 21 වැනිදා එල්ල වූ අන්ත­වාදි මුස්ලිම් ත්‍රස්ත­වා­දීන්ගේ ප්‍රහා­ර­යෙන් පසු ඇද ­වැ­ටුණු සංචා­රක කර්මා­න්ත­යට ශක්ති­ය­ක් ­වෙ­මින් ශ්‍රී ලංකාව ලෝක ප්‍රජාව අතර සුර­ක්ෂිත රටක් බවට විශ්වා­සය තහ­වුරු කිරී­මට මේ සමු­ළුව විශේ­ෂ­යෙන් වැද­ගත් බව මෙරට බෝරා ප්‍රජාව විශ්වාස කළ අතර, සැබැ­වින්ම එය රටට දැනෙන ප්‍රති­ඵ­ල­යක් විය.

මේ වන විටද කොල්ලු­පි­ටිය සහ බම්බ­ල­පි­ටිය අතර මුහු­දු­බඩ මාර්ගය මුළු­ම­නින්ම වැසී ඇත්තේ ඒ ප්‍රදේ­ශයේ දේව­ස්ථා­න­යක් පසු­බිම් කර­ගෙන ඔවුන්ගේ ආග­මික සමු­ළුව පැවැ­ත්වෙන නිසාය. මේ මාර්ගය අව­හිර වීම සහ අධික ජන­තා­වක් මේ ප්‍රදේ­ශයේ සැරි­සැ­රීම නිසි ලෙස කළ­ම­නා­ක­ර­ණය කිරී­මේදී පොදු ජන­තා­වට ඇති වු ඇතැම් ගැටලු නිසා එහි අප්‍ර­සා­දය රජ­යට එල්ල වීම වැළැ­ක්විය නොහැ­කිය. මේ තත්ත්ව කළ­ම­නා­ක­ර­ණය කර­ගැ­නී­මට රජය සහ වග­කිව යුතු පාර්ශ්ව සාධ­නීය පිය­වර ගත යුතු බව මෙහිලා සිහි­පත් කළ යුතුය.

එය වෙනම කතා­වකි. එහෙත් පසු­ගි­යදා සිදු වීමට ගියේ මේ හරහා දේශ­පා­ල­නික වශ­යෙන් උසි­ගැ­න්වුණු පිරි­ස­කගේ පිළි­කුල් සහ­ගත ක්‍රියා­ව­ලි­යකි. මේ සමු­ළුව කෙරෙහි විරෝ­ධ­යක් දක්වා සම්පූර්ණ ක්‍රියා­ව­ලිය අවු­ල්ස­හ­ගත බවට ලක් කිරීමේ විශාල වැඩ­පි­ළි­වෙ­ළක් පිළි­බඳ තොර­තුරු අනා­ව­ර­ණය වීමත් සමඟ පොලී­සිය කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය මඟින් ඊට වාරණ නියෝ­ග­යක් ගත්තේය.

මේ විරෝ­ධය සඳහා මූලික වූයේ කිසිදු දෙයක හොඳක් නොද­කින, දේශ­පා­ල­නි­කව උසි ගැන්වුණු චීව­ර­ධාරී පිරි­සකි. ඔවුන් එසේ පැමි­ණියේ බෝරා ප්‍රජාව කවු­රු­න්දැයි නොදැන නොවේ. ඔවුන්ට අවශ්‍ය වූයේ රටේ ආග­මික සංහි­ඳි­යාව කෙලෙසා, එහි අප­කී­ර්තිය රජයේ ගිණු­මට බැර කොට, ඉදි­රියේ එන මැති­ව­ර­ණ­ව­ලදී තමන් පින­වන අපේ­ක්ෂ­ක­යාගේ ගම­නට පාවඩ එළී­මය. ඔවුන් මාධ්‍ය ඉදි­රියේ කළ කතා­වෙන් පෙනෙ­නුයේ බුදු­ද­හ­ම­ටද නිගා දෙන අයු­රකි. එසේ වුවද මේ නිගාවේ තරම දේශ­පා­ලන සීතා­ම්බ­ර­යෙන් දෑස් වසා­ගත් මේ නාමික චීව­ර­ධා­රීන්ට වැට­හෙ­න්නේ ද යන්න ගැට­ලු­වකි. මේ විරෝ­ධය පිළි­බඳ අද­හස් දැක්වී­මට පැමිණි භික්ෂූන් අතර මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ උප­දේ­ශ­ක­ත්වයේ ‘වැඩ සිටි’ සංඝයා වහ­න්සේ ද රූප­වා­හිනී තිර­වල දැකිය හැකි විය.

පෙරද කී ලෙස 2009 වස­රේ­දී ද ලෝ වැසි බෝරා ප්‍රජාව ශ්‍රී ලංකා­වට පැමිණ සමු­ළු­වක් පැවැ­ත්වූහ. එව­ක­ටද රටේ ආණ්ඩු­වක් තිබිණි. මේ හිමි­ව­රුන් එද­වස ඇස්-කන් පියා­ගෙන සිටියේ එව­කට ආර­ක්ෂාව භාරව සිටි අය තමන් කුද­ලා­ගෙන ගොස් හිරේ දමා­විද යන බිය නිසාද? එසේ නැති නම් සුදු වෑන් භීති­කාව නිසාද? යන්න ගැට­ලු­වකි. ‍ඒ කෙසේ වෙතත් එදා හොඳ වූ සමු­ළුව ඔවුන්ට අද පිළි­ල­යකි! අත­ළො­ස්සක් වූ මේ පිරිස හැරෙ­න්නට කිසි­ව­කුත් මෙවර සමු­ළුව කෙරෙහි විරෝ­ධා­ක­ල්ප­යක් දැක්වූයේ නැත. එයට හේතුව ඔවුන් කෙරෙහි පව­තින අව­බෝ­ධය මිස, දේශ­පා­ලන උසි­ගැ­න්වීම් නොලැ­බීම නොවේ.

බලය අත්පත් කර­ගැ­නී­මේදී ඉදි­රියේ ඇති අභි­යෝග දකින මේ දේශ­පා­ලන හස්ත­යන් හැකි සෑම විට­කම උත්සාහ දරන්නේ රටේ සිදු වන කවර ක්‍රියා­කා­ර­ක­මක් හෝ සංසි­ද්ධි­යක් හෝ දේශ­පා­ලන බලය ඩැහැ­ගැ­නීමේ හිණි­ම­ඟක් කර­ගැ­නී­ම­ටය. ඔවුහු මේ සඳහා විවිධ පුද්ග­ල­යන් හෝ කණ්ඩා­යම් යොදා­ගැ­නී­මට සූක්ෂ්ම වෙති. බොහෝ දෙනකු එවැනි කූට න්‍යාය­ප­ත්‍ර­ව­ලට හසු නොවු­ණද, දේශ­පා­ල­නික වශ­යෙන් හෝ දෘෂ්ටි­මය වශ­යෙන් හෝ දුබ­ල­තා­වෙන් පසු වන්නන් මෙවැනි නොහි­ක්මුණු දෑ කරා යොමු වීම වැළැ­ක්වීම අසී­රුය. කෙසේ වුවද සමස්ත සමා­ජය සබු­ද්ධි­කව, විම­සුම් සහ­ග­තව සිටින්නේ නම් ඔවුන් දෑස් වසා අඳු­රට ගෙන යන්නට මේ දේශ­පා­ල­නික නොද­රු­වන්ට හැකි­යාව ලැබෙන්නේ නැත.

Comments