
* නිල සුනඛ සේවාව බිහි වී දශක හතක්එ
* තෙරින් සුනඛයකු ගෙන්වීමට ලක්ෂ 5ක්උ
* දේ වේලට පසු එකම ආහාර වේලයි
* ප්‍රමුඛතාව මත්ද්‍රව්‍ය වැටලීම්වලට
මානව සංහතියේ ආරම්භයේ සිටම මිනිසාට ඉතාම සමීප සත්වයා සුනඛයාය. ලොව බොහෝ රටවල ජනයා අදද තම පෙර ගමන්කරු, ආරක්ෂකයා හා සුරතලා ලෙසින් යොදා ගන්නේ සුනඛයෝය. 1948 පෙබරවාරි 04 දින මෙරටට නිදහස ලැබුණද එයට පෙර ඇරැඹි වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් ලෙසින් 1948 දෙසැම්බර් 01 දින කොළඹ ඇචිලන් චතුරශ්‍රයේදී මෙරට පොලිස් නිල සුනඛ සේවාව ආරම්භ කෙරිණි.
දේහ භාෂා ඔස්සේ නිවැරැදි ඉලක්කය කරා යොමු වෙමින් පොලිස් සේවාවේ අතිශය තියුණු මනසකින් ක්‍රියාවට නැංවෙන පොලිස් නිල සුනඛ සේවාව ලොව විස්මය ජනක සේවා කාණ්ඩයකි. කිසිදු තාක්ෂණික උපකරණයකට අභියෝග කළ නොහැකි එහෙත් මිනිස් දැනුමට පමණක් අභියෝග කරමින් ක්‍රියාත්මක නිල සුනඛ සේවාව අප රටේ බිහි වී මේ වන විට දශක හතක් සපුරා ඇත.
සුනඛ සේවාව පුපුරන ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍යවලට එරෙහිව හා නීති විරෝධී කටයුතුවල යෙදෙන පුද්ගලයන්ට මෙන්ම ක්‍රියාවන්ට එරෙහි ලොව එකම ජීව අභියෝගය ලෙසින් මේ වන විට හඳුනාගෙන ඇත. අප රටේ නිල සුනඛ සේවාව ආරම්භ කෙරුණේ සීබා හා රෙක්ස්ගෙනි. ආම්ස්ටොන් හා බර්ටස් යන පොලිස් කොස්තාපල්වරුන් පළමු නිල සුනඛ හසුරුවන්නෝය. පොලිස් පරීක්ෂක සොක්මන් පළමු ස්ථානාධිපතිවරයා වේ.
මෙරට පොලිස් නිල සුනඛ සේවාව කොළඹින් ඇරඹුවද 1942 වසරේදී මහනුවර අස්ගිරියට ගෙන එන ලද සුනඛ කොට්ඨාසය පසුගියදා හැත්තෑ පස් වසර සපුරාලීය.
වර්තමානයේ එතැන හැඳින්වෙන්නේ පොලිස් නිල සුනඛ කොට්ඨාසය ලෙසිනි. පොලිස් අධිකාරි ලාල් සෙනෙවිරත්න මහතා වත්මන් අධ්‍යක්ෂවරයාය. අස්ගිරි කඳු මුදුනේ අක්කර අටහමාරක සුන්දර භූමි භාගයක පිහිටි එම ප්‍රදේශය එවක මහනුවර ත්‍රිත්ව විදුහලේ ගොවිපළ පිහිටි ප්රදේශයයි. දේශගුණික සාධක මෙන්ම බෝ කිරීම මෙන්ම පුහුණු කිරීමේ පහසුව නිසා කන්ද උඩරට ස්ථාපිත කෙරුණු එම නිල සුනඛ ඒකකෙය් අද වන විට එහි නිල සුනඛයෝ 220ක් සිටිති.
කොළඹින් මහනුවරට එම ඒකකය ගෙන එන විටත් එහි ආරම්භක නිල සුනඛයන් දෙදෙනා පමණක් සිටි අතර පනහ දශකය මැද භාගය වන විට මහනුවරට අමතරව කොළඹ නිට්ටඹුව, කළුතර, මතර, රත්නපුරය, බදුල්ල , අනුරාධපුරය හා යාපනය යන ස්ථානයන්හි මෙහි උප ඒකක ස්ථාපිත කෙරිණි. අනතුරුව ලෝකයේ නිල සුනඛ සේවා විවිධ ක්‍රමෝපාය ඔස්සේ නව මං කරා ගමන් කරමින් තිබියදී මෙරට නිල සුනඛ සේවාවටද නව ක්‍රමවේදයන් මෙන්ම නවීන පුහුණුව හා තාක්ෂණය ලැබිණි.
ශ්‍රි ලංකා පොලීසියේ ප්‍රධානතම ධාවන බලවේගය වන නිල සුනඛ කොට්ඨාසය වර්තමානයේ මත්ද්‍රව්‍ය වැටලීම්, පුපුරන ද්‍රව්‍ය පරීක්ෂාව , අපරාධ පරීක්ෂාව මෙන්ම නිල සුනඛ සංදර්ශන අංශයට යොමු වී ඇත. එයින් මේ වන විට ඉහළ ප්‍රමුඛතාව යොමු කැර ඇත්තේ මත් ද්‍රව්‍ය වැටලීම වෙනුවෙනි. මෙයට වසර හතළිස් හතකට පෙර 1972 දී මෙරටදී ප්‍රථම වරට ජර්මන් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් විශේෂ පුහුණුවක් පවත්වා සුනඛයන් කිහිප දෙනෙකු මෙරට නිල සුනඛ සේවාවට එක් කරනු ලබන්නේ අනාගතයේ ශ්‍රී ලංකාව ලෝකයේ මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් ලෙසට පත් වනු ඇතැයි කළ අනුමාන නිසාය.
අස්ගිරියේ පිහිටි පොලිස් නිල සුනඛ කොට්ඨාසය පුරා සිටින්නේ විවිධ වර්ගයේ සුනඛයෝය. ඇතුඵ වන ප්‍රවේශ මාර්ගයේද ඇත්තේ දැවැන්ත සුනඛයෙකුගේ ස්මාරකයෙකි. ලෝකයේ විවිධ රටවලින් ගෙන එනු ලැබූ සුනඛයෝ විශාල පිරිසක් එම කොට්ඨාසයේ ඔවුන්ටම වෙනු වූ කූඩු තුළ සිටිති. දේශීය සුනඛයෝද ඒ අතර වෙති. ඒ සෑම සුනඛයෙකුටම වෙන් වූ කූඩුවක් ඇත. සියලු සුනඛයෝ එකම කාල සටහනක් ඔස්සේ දින චර්යාව ගත කරති.
රෝගී හා මහලු සතුන් හැර අනෙක් සියලු දෙනාට එම දින චරියාව පොදුය. වසරකට 20-25ක සුනඛයන් පිරිසක් විවිධ හේතු නිසා මෙහි මිය ගියද එයට සමාන හෝ වැඩි පිරිසක් මේ වෙනුවෙන් පොලිස් නිල සුනඛ කෝට්ඨාසයට එක් වෙති.
ජර්මන් ෂෙපර්ඩ්, බෙල්ජියම් මැලනුවා, ඇලසනන් මැල්මියුට්, ගෝල්ඩන් රිට්රීව, ලැබ්‍රඩෝ රිට්රීව, රොට් වයලර්, බුල්මස්ටිෆ්, රොඩේෂියන් රිජ් බැග්, ඉංග්ලිස් ස්පැනියල්, කොකස් ස්පැනියල් ආදී ඉහළ වටනාකමක් ඇති මෙන්ම ජනප්‍රිය සුනඛ විශේෂ රැසක් එම කොට්ඨාසය තුළ සිටින අතර ජර්මනිය, එංගලන්තය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, ප්‍රංශය ඇමරිකාව ආදී රටවලින් එම සුනඛයන් ගෙන්වනු ලබන බව පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ලාල් සෙනවිරත්න මහතා පැවසීය. සාමාන්‍ය වැඩුණු සුනඛයෙකු මෙරටට ගෙන්වීමට ලක්ෂ පහකට අධික මුදලක් වැය වන අතර ඔවුන්ගේ අයු කාලය වසර දහයක තරම් වේ. අවරුදු 4-5 වයස සුනඛයන්ගේ හොඳම කාලය වන අතර විදේශයන්ගෙන් මෙරටට සුනඛයන් ගෙන ඒමේදී අවුරුදු එක හමාර වයස ඒ සදහා සුදුසුම වයස වේ. එලෙස ගෙන්වන සුනඛයන් කුමන සුනඛ විශේෂයේ වුවද ඔවුන් වැඩ කරන කණ්ඩයට අයත් විය යුතුය.
අස්ගිරිය පිහිටි පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සුනඛයන් සඳහා වෙන් වූ අපූරු කාලසටහනක් ඇති අතර ඒ අනුව ඔවුහු සිය දින චරියාව ගත කරති. උදෑසන කිරි වේලට අමතරව ඇත්තේ එක් ආහාර වේලක් පමණි. උදෑසන අටට සෑම සුනඛයෙකුටම කිරි ලබා දීම සිදු කෙරේ. සවස හතරට ආහාර ලබා දීම සිදුකෙරේ. එහිදී වැඩුණු බල්ලෙකුටෙ, බැල්ලියකට හරක් මස් කිලෝවක් සහල් ග්රෑම් සියයක් හා එළවළු ග්රෑම් සියයක් සමඟින් බතක් ලබා දේ. මෙයට අමතරව සෑම සුනඛයෙකුටම විටමින් වර්ග ලබා දීම සිදු කෙරේ. හරක් මස් කෑ නොහැකි අසනීප මෙන්ම මහලු වියේ සුනඛයන්ට බිත්තර, කුකුල් මස්, මාළු ආදිය ලබා දෙනු ලැබේ.
එම සුනඛයන්ගේ වෛද්‍ය හා සෞඛ්‍ය පහසුකම් පිළිබඳ නිරන්තරයෙන් සොයා බැලෙන අතර ඒ සඳහා සහකාර පොලිස් අධිකාරි ශ්‍රේණියට අයත් පශු වෛද්‍යවරයෙක සිටී. ඊට අමතරව හෙදියන් දස දෙනෙකු ඇතුඵ කාර්ය මණ්ඩලයකින් සමන්විත කණ්ඩායමකි. සුනඛයනගේ ආහාර මාර්ගය ඉතා කොට හෙයින් ආහාර ගත් වහා විවේක ගැන්වීම අවශ්‍යම වේ. විශේෂ පුහුණවීම් රැසක් දිනපතා එම සුනඛයනට ලබා දෙන නිසා විටින් විට ආහාර ලබා දීමක් කිසි ලෙසකින් සිදු නොවේ.
උදෑසනම අවදි වන සුනඛයෝ උදෑසන 7-8 කාලයෙහි ශාරීරික යෝග්‍යතා ක්‍රියාකාරකම්වල යොදවනු ලබති. අනතුරුව පෙරවරු 8-9 කාලයෙහි කිරි ලබා දීම සිදු කෙරේ. පසුව උදෑසන 9 සවස 3.30 දක්වා වෘත්තීය පුහුණුව ලබා දෙන අතර එයින් සවස 1.30 3.30 කාලයේ දුවන ,පනින, රිංගන ක්‍රියාකාරකම් පුහුණුව ලබා දෙයි. සවස 3.30න් පසු නැහැවීම පිරිසුදු කිරීම සිදු කෙරෙන අතර අනතුරුව සවස හතරේ සිට පැය භාගයක් තුළ ඔවුනට ආහාර ලබා දෙයි.
සුනඛයන් හා හරි හරියට සේ බැල්ලියෝද සිටිති. ගැහැනු සතුන් පුහුණු කරවීම, හසුරුවීම, රාජකාරි සදහා යෙදවීම පිරිමි සතුන්ට වඩා ඉතා පහසු වේ. ඒ නිසා පොලිස් නිල සුනඛ කොට්ඨාසයට සුනඛයන් ගැනීමේදී ගැහැනු පිරිමි ලෙසින් විශේෂයක් නොසැලකේ.
පොලිස් නිල සුනඛ කොට්ඨාසය සඳහා පොලිස් නිලධාරීන් බඳවා ගැනිමේදී විශේෂිත සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වේ. ඉහළ සුදුසුකම් ලබන නිලධාරීන් පමණක් බඳවා ගැනෙන අතර ඔවුන්ට දීර්ඝ කාලයක් මෙහි සේවය කිරීමට අවස්ථාව හිමි වේ. එනිසා පොලිස් සේවයට එක් වුණු දිනයේ සිට විශ්‍රාම යන තෙක් ම ඒ නිලධාරීහු මෙහි සේවය කරති. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර වීරකෝන් මහතා එසේ දීර්ඝ කාලයක් රාජාකාරි කළ ඉහළ පොලිස් නිලධාරීහු දෙනෙකි.
එම කොට්ඨාසයට එක් වන පොලිස් කොස්තාපල්වරු නිල සුනඛ හසුරුවන්නන් ලෙස පුහුණු වෙති. සැරයන්වරු උපදේශකයෝ වෙති. උප පොලිස් පරීක්ෂකවරු ඉහළ නිලධාරීන් දේශකයන් ලෙස රාජකාරි කරති. පශු වෛද්‍ය අංශයට අමතර පේරාදෙණිය විශවවිද්‍යාලයීය පශු වෛද්‍ය ඒකකය නිරන්තරයෙන් මොවුන් පිළිබඳ සොයා බලති.
1979 දී පිංලන්තයේ පැවැති අන්තර්ජාතික සම්මාන උලෙළකදී මෙරට පොලිස් නිල සුනඛයෙකුට විශේෂිත සම්මානයක් හිමි වූ අතර අනතුව පැවැති යුද වාතාවරණය හේතුවෙන් ජගත් තරග ,සංදර්ශනවලට මෙරට සුනඛයන් යොමු කිරීමට අවස්ථාව නොලැබිණි.
පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සුනඛ මැදිරි පිහිටි ප්‍රදේශ කිහියක් වෙන් කැර ඇති අතර ඒ සදහා ප්‍රවේශ මාර්ග වෙන වෙනම පවතී කඩුපුල් කලාපය මෙහි පැටවු බෝ කරන කලාපයයි. එයට අමතරව නුවරඑළිය සීතාඑළිය ප්‍රදේශයේ විශේෂිත ස්ථානයක් සකස් කැර ඇත. උඩවැඩියා කලාපය වෙන් කර ඇත්තේ මහලු වියේ මෙන්ම රෝගී තත්ත්වයේ සිටින සුනඛයන් සදහාය. එමෙන්ම මානෙල්, නෙලුම්, රොක්විව් යනුවෙන් තවද කලාප තුනක් තිබෙන අතර ඒවයේ පුහුණු වන මෙන්ම පුහුණු වූ සුනඛයන් කොටු කැර තිබේ. පුහුණවීම් කරන්නේ වුල්ෆි ක්‍රීඩාංගණයේයි.
දශක තුනක ත්‍රස්තවාදී සමයෙහි පොලිස් නිල සුනඛ කොට්ඨාසය ඉටු කළ සේවාව ඉහළ මට්ටමකය. මිනීමැරුම් , මංකොල්ලකෑම්, පැහැරගැනීම් මෙන්ම කැරලි කෝලාහලයන්හිදී මෙරට පොලිස් නිල සුනඛයන් විශිෂ්ටත්වයේ දස්කම් පෙන්වා ඇත. පිටකොටුව බස් නැවතුම්පළ පිපිරවීම සදහා එල්.ටී.ටී.ඊ.ය කිලෝ එකොළහක අධිබලැති පුපුරන ද්‍රව්‍ය තොගයක් ගෙන එමින් සිටියදී මැදවච්චිය මාර්ග බාධකය අසලදි එය කොටු කැර දෙමින් පොලිස් සැරයන් තුෂාර (31452) හැසුරු වූ නිල සුනඛ ටීනා විර වික්‍රමාන්විත සේවාවක එවක නිරත විය. හැටන් කොට්ඨසයට අනුයක්ත පොලිස් නිල සුනඛයකු වසරක් තුළ මත්ද්‍රව්‍ය වැටලීම් 300ක් සිදු කිරීම ඉන් කැපි පෙනෙයි.
නිදහස් දින උලෙළ ඇතුළු බොහෝ රාජ්‍ය උත්සව, සංදර්ශන විචිත්‍රවත් කිරීමට පොලිස් නිල සුනඛයන් සතුව ඇත්තේ අපූරු හැකියාවක් බව එම විචිත්‍රවත් සංදර්ශන මඟින් දැකගත හැකිය. අතැම් සංදර්ශන අංග ඇස් අදහාගත නොහැකි තරම්ය. පොලිස් රථවාහන යතුරුපැදියක නැඟ සුනඛයන් හත් අට දෙනෙකු ගමන් කිරීම, ලොකු බල්ලෙකු කුඩා පැටවුූ කිහිපදෙනෙකු සිසෝ පැද්දවීම, ගිනි වළලු මතින් පැන යෑම, කඹයක ගමන් කිරීම වැනි අපූරු සංදර්ශන උහු ඉදිරිපත් කරති.
එංගලන්තයේ පොලිස් නිල සුනඛ සේවාව ආරම්භ වන්නේ එය මෙරට ඇරඹීමෙන් මාස තුනකට පසුවය. එනිසා මෙරට පොලිස් නිල සුනඛ සේවාවට ඇත්තේ ගැඹුරු ගම්භිර ඉතිහාසයකි.මුල්ම නිල සුනඛයා රුපියල් දෙසිය පනහක මුදලට මිලදී ගනු ලැබූ බවට කියවේ.
පොලිස් සේවාවේ සුවිශේෂි වූ වීර වික්‍රමාන්විත රාජකාරියක යෙදෙන නිල සුනඛයන් උපරිම සේවා කලය වසර හතකි අටකි. ඔවුන් ඒ කාලය කැප කරන්නේ කිසිදු වැටුපකින් තෙරවය,අතිකාල බටා නැත. එහෙත් ඔවුනට නතැතින් හිමි වන්නේ රජ සැලිකිලිය. විශ්‍රාම ගියද, මහලු වුවද, ගිලන් වුවද ඒ සැලකිලි එලෙසමය. ඉන් විශිෂ්ට සේවාවාකින් පසු මිය යන සියලු නිල සුනඛයන්ට අවසානයේදී පොලිස් ගෞරව ලබාදේ විශේෂිත පෙට්ටියක දමා ලබා දෙන අවසන් ගෞරව මැද සමුගන්නා මෙම පිනැති අපූර්වූ සත්වයන් කන්ද උඩරට අස්ගිරියට බහිරව කන්දට මැදිවූ සොදුරු බිම් කඩක මිහිදන් වනුයේ මිනසෙකු ලෙස ඉපද මිය යනවාට වඩා තරිසන් සත්වයෙකු ලෙස බොහෝ ගෞරව බහුමන් මැදය.
ඡායාරූප - සුනිල් ගුණවර්ධන
(කුණ්ඩසාල සමූහ)