සුනිල් අය්යේ..... අපේ ඉඩම මැනලා, අය්යලා දෙන්නට බෙදල දෙන්න ඕන.....” සුදු දවසක් මට කීවේ ය. මම සුදුගේ ඉල්ලීම ඉටු කළෙමි. ඇස් දෙක ම නොපෙනුණ ද ඉඩම බෙදන අයුරු වැලි පොළොව මත ඇඟිල්ලෙන් ඇඳ සුදු මට පෙන්වූයේ ය.
මා මිනින්දෝරුවරයෙකු වූයේ මීට තිස් වසරකට පෙරදී ය. ඒ රැකියාව මගේ භද්‍ර යෞවනය විසින් සෙනෙහසින් වැළඳ ගත්තකි.
මා කුඩා කාලයේ දී දිනක් මිනින්දෝරු මහතෙක් පැමිණ අපේ මහ ගෙදර පිහිටි අපේ...