පූජා නග­රය දැක නිවී සැනහී නිවන් මග සොයා යන යෝධ ඇළේ දිය­වර | Page 3 | සිළුමිණ

පූජා නග­රය දැක නිවී සැනහී නිවන් මග සොයා යන යෝධ ඇළේ දිය­වර

කලා­වැවේ සිට තිසා වැවට ජලය ගෙන යන්නට ධාතු­සේන රජ සමයේ ඉදි­ කළ පුරාණ යෝධ ඇළ යනු පරි­සර හිත­කාමී වාරි ව්‍යාපෘ­ති­යක් සඳහා හොඳ උදා­හ­ර­ණ­යකි. වසර එක්ද­හස් පන්සි­ය­ය­කට පෙර නිමවූ මේ යෝධ ඇළ නිම්නයේ මිනිස් ජීවිතවල අසි­රිය දකි­මින්, ඔවු­න්ගේ ජන ජීවි­තය, සංස්කෘ­තික බැඳීම්, පාරි­ස­රික සබ­ඳතා සහ නව ප්‍රව­ණතා සාකච්ඡා කෙරෙන සංචා­රක ලිපි පෙළක පෙර කොටස් පසු­ගිය සිළු­මිණේ පළ­ විය. මේ සතියේ පළ­වන්නේ එහි අව­සාන ලිපි­යයි.

කොළඹ සිට අනු­රා­ධ­පු­රය හරහා කන්ක­ස­න්තු­ර­යට ඇදෙන දුම්රිය මාර්ගය ශ්‍රාව­ස්ති­වත්ත ඉස­ව්වේදී යෝධ ඇළට ඉහ­ළින් ගමන් කරයි. එය පසු­කර මීටර කිහි­ප­යක් ඉදි­රි­යට යන­විට යෝධ ඇළ හරහා ගමන් කරන්නේ පාදෙණිය සිට අනු­රා­ධ­පු­රය දක්වා විහි­දෙන ඒ-28 මාර්ග­යයි.

“ඉස්සර යෝධ ඇල කල­එළි කරන්නේ මැදින් මාසෙ පැන්න­හම. වෙසක් පොසොන් කාලෙට අනු­රා­ධ­පු­රේට එන සෙන­ඟට බොන්න, නාන්න ඕන­ක­රන වතුර යෝධ ඇළ දිගේ එවල තිසා වැව පුර­ව­නවා… දැන­ටත් අනු­රා­ධ­පු­රේට වතුර දෙන්නේ තිසාවැවෙන්..” දශක හතක යෝධ ඇළ මත­කය ආව­ර්ජ­නය කර­මින් මොහොතා මාමා පැවැසූ වදන් යළි මත­ක­යට නැඟෙන්නේ ශ්‍රාව­ස්ති­වත්ත ඉස­ව්වේදී යෝධ ඇළ බැම්ම වල් කපා, රොන් මඩ ඉවත් කර­මින් තිබෙනු දුටු නිසාය.

එහෙත් උඳු­වප් මාසය රජ­රට ඉස­ව්වට ඊසාන දිග මෝසම බල­පැ­වැ­ත්වෙන කාල­යයි. ඉල් මාසය අගදී ඉව­ත්කර, යෝධ ඇළ බැම්මේ පිරවූ රොන් මඩ ඊළඟ මාසයේ වැටෙන වැස්සෙන් යළි සෝදා­ගෙන යෝධ ඇළට එකතු වන්නට ඉඩ ඇති නිසා වාරි­මාර්ග බල­ධා­රීන් යෝධ ඇළ කල­එළි කරන්නේ වැරදි කාල­සී­මා­වක බව ලියු­ම්ක­රුගේ අද­හ­සය. අතී­තයේ සිදුවූ ලෙසට මාර්තු මාස­යේදී යෝධ ඇළ දෙපස ශුද්ධ පවිත්‍ර කරන්නේ නම් ඉවත් කරන රොන්මඩ යළි යෝධ ඇළට එක්නොවී රජ­ර­ටට යළිත් වැසි­වැ­ටෙන ඔක්තෝ­බ­රය දක්වා අල්ලා සිටින බැවින් එය වඩා ඵල­දා­යක එකක් වනු ඇත.

ලක්දිව අතීත උද්‍යාන කලාව සහ සියුම් ජල කළ­ම­ණා­ක­රණ තාක්ෂ­ණය විදහා දක්වන අද්වි­තීය නිර්මා­ණ­යක් ලෙස සැල­කෙන “රන්මසු උයන” පිහිටා ඇත්තේද තිසා­වැව වෑකන්ද පාමු­ලය. ක්‍රිස්තු පූර් 3 වන සිය­ව­සේදී දේවා­න­ම්පි­ය­තිස්ස රජ­තුමා විසින් ඉදි­කළ බව සැල­කෙන මෙම උද්‍යා­නයේ ජල වහන පද්ධ­තිය අදද තිසා වැව් ජලයේ පීඩ­න­යෙන් සක්‍රීය වේ. රාජ­කීය උද්‍යා­න­යට අම­ත­රව තිසා වැව් දිය ශ්‍රී මහා බෝධි­යද පෝෂ­ණය කරයි. ඉසු­රු­මුනි වෙහෙර අස­ළින් ගලා යන වාරි ඇළ මඟින් අනු­රා­ධ­පුර නග­රය ආස­න්නයේ පිහිටි කුඹුරු අක්කර ගණ­නා­වක්ද සරු­සාර කෙරෙයි. වෙනත් සුවි­ශේෂ ජල පෝෂ­ක­ය­කින් පෝෂ­ණය නොවන තිසා වැව මේ සියලු කාර්ය­යන් සඳහා දිය­වර සප­යන්නේ යෝධ ඇළේ ශක්තිය නිසාය. යෝධ ඇළෙන් තිසා­වැ­වට ලැබෙන දිය­වර සවිය ස්ථීර­සාර වන්නේ මහ­වැලි ජලය නිසාය.

යෝධ ඇළ බැම්මේ අනු­රා­ධ­පු­ර­යට යන අපට ඒ ආස­න්න­යේම පිහිටි රජ­මහා විහා­ර­යක සලකුණු හඳු­නා­ග­න්නට ලැබෙන්නේ අඟලේ සිති­යම පරීක්ෂා කිරී­මෙනි. “වෙහෙර බැන්ද කුටිය රජ­මහා විහා­රය” ලෙස හැඳි­න්වෙන ඒ විහා­ර­ස්ථා­නය පිහිටා ඇරත්තේ ගල්ව­ඩු­වා­ගම ගම්මා­නය ආශ්‍රිත සුන්දර වන­ගො­මු­ව­කය.

මිහිඳු සමිඳු යුගයේ සිට මහා රහ­තුන් වැඩ සිටි ස්ථාන­යක් ලෙස සැල­කෙන වෙහෙර බැන්ද­කු­ටිය රජ­මහා විහා­රය සහශ්‍ර දෙකක අතී­ත­යක් සහිත පෞරා­ණික විහා­ර­යකි. එහි ගරා­වැ­ටුණු වෙහෙර අසල ගල්ත­ලාවේ ඇති සෙල්ලි­පිය ගැන පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අව­ධා­න­ය යොමුවී නැති බව අපට කීවේ එහි විහා­රා­ධි­පති නාච්චා­දූව ශාස­නා­ර­ක්ෂක බල මණ්ඩ­ලයේ සභා­පති, දිස්ත්‍රික් ශාස­නා­ර­ක්ෂක බල මණ්ඩ­ලයේ නියෝජ්‍ය සභා­පති වැලි­සර සිරි ජින­වංශ තිස්ස හිමි­යන්ය.

මෙම විහා­ර­ස්ථා­නයේ පැරණි ගරා­වැ­ටුණු චෛත්‍යය වෙනු­වට නව චෛත්‍ය­යක් ඉදි­වෙ­මින් පව­තින අතර මෑත­කදී නිමවූ අලං­කාර පොකුණු සමූ­හ­ය­කින්ද යුක්තය. කටා­රම් කෙටූ ගල්ලෙ­නක වූ පැරණි බුදු­මැ­දුර ඉව­ත්කොට නව බුදු­මැ­ඳු­රක්ද ඉදි­කර ඇති අතර, වසර 2300කට වැඩි ඉති­හා­ස­යක් පව­තින මෙම විහා­ර­ස්ථා­නයේ නව ඉදි­කි­රීම් සඳහා පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ මැදි­හ­ත්වී­මක් සිදුව නැති ආකා­ර­යක් පෙනී යයි. කෙසේ වුවද සුන්දර පාරි­ස­රික ලක්ෂණ වලින් හෙබි පැරණි නටබුන් සහිත එම විහා­ර­ස්ථා­නය නැරඹූ අප යළිත් යෝධ ඇළ බැම්මට පිවි­සියේ පොතා­නේ­ගම දෙසට යන්න­ටය.

වර්ෂ 1862 ප්‍රති­සං­ස්ක­ර­ණ­යෙන් පසු ඉංග්‍රී­සීන් විසින් යෝධ ඇළේ රාජ­කා­රිය වෙනු­වෙන් කලා­වැ­වත්, අනු­රා­ධ­පු­ර­යේත් ප්‍රභූන් වෙත ගරු තන­තුරු පිරි­නැමූ බව අපි මේ ලිපි පෙළ ආර­ම්භ­යේදී සට­හන් තැබු­වෙමු. කලා­වැව අම­ණ­ක්ක­ට්ටු­වේදී එම ඉසව්වේ “යෝධ ඇළේ ගෙදර” දැක­ග­න්නට අපට වරම් ලැබිණි. යෝධ ඇළ තිසා­වැ­වට වැටෙන ඉසව්වේ පොතා­නේ­ගම දී ද “යෝධ ඇළේ ගෙදරක්” හමු ­විය යුතු බව අපට කියා සිටියේ අම­ණ­ක්ක­ට්ටුව ගොවි සංවි­ධා­නයේ ලේකම් ඇති­පොළ මහ­තාය.

ඒ අනුව බැම්ම දිගේ ශ්‍රාව­ස්ති­පුර සිට අනු­රා­ධ­පු­ර­යට යන්නට පෙර, අප පොතා­නේ­ගම ග්‍රාම නිල­ධාරී මොහො­මඩ් මහතා අමතා සිටියේ “යෝධ ඇළේ ගෙදර” ගැන තොර­තු­රක් සොයා දෙන ලෙසය. ඒ අනුව නොඅ­ළස්ව ක්‍රියා­ත්මක වූ ඔහු පොතා­නේ­ගම 258 තුලානේ ගොවි­ සං­වි­ධා­නයේ සභා­ප­ති­ව­රයා වන එම්. සුග­ත­දාස මහතා හමු­වන මෙන් ඉල්ලා සිටි­යේය.

යෝධ ඇළේ බැම්මේ සිට ආල­න්කු­ලම වැව දෙසට වැටී ඇති මාර්ගය ඇර­ඹෙන තැනම මේ අන්තයේ පැරණි යෝධ ඇලේ ගෙදර පිහිටා තිබේ. එම්. සුග­ත­දාස මහතා ආවාහ වී සිටින්නේ “යෝධ ඇළේ ගෙදර” රාජ­කා­රිය පැවැ­රුණු පර­පුරේ තෙවැනි හෝ සිව්වැනි පර­ම්ප­රාවේ දිය­ණි­යක සම­ඟය.

ගොවි­තැන වෙනු­වට පොලිස් සේවයේ යෙදී සිටි නිසා එම්. සුග­ත­දාස මහතා තරුණ වියේදී මේ තොර­තුරු දැන­ග­න්නට උන­න්දු­වක් දක්වා නැත. ඔහුගේ බිරියට ද මුතුන් මිත්තන්ගේ රාජ­කාරි ගැන අද­හ­සක් නැත. එහෙත් ඇගේ මත­කය මේ රාජ­කා­රිය ගැන සුළු හෝඩු­වා­වක් සප­යා­ග­න්නට සමත්ය.

“අපේ මුත්තා සුද්දගේ කාලේ රුව­න්මැ­ලි­සෑය හදද්දි ගල් වැලි අදින්න මිනිස්සු සංවි­ධා­නය කරපු කතා­වක්, ආච්චි අම්මා මට කියල තියෙ­නවා… ඒත් යෝධ ඇළේ රාජ­කා­රි­යක් ගැන කියපු වගක් මතක නෑ…”

එතෙක් පැවැති පැරණි වාරි­ක­ර්මාන්ත රාජ­කාරි ක්‍රම­වේ­දය 1833දී අව­ලංගු කර, වැව් පිටි­ව­ලට ගොඩ­වීම පවා ගොවීන්ට තහ­නම් කළ ඉංග්‍රීසි රජ­යට පැරණි වාරි පද්ධ­තියේ වටි­නා­කම වැට­හුණේ 1837 වසරේ ඇතිවූ මහා ජල ගැල්මෙන් පසු­වය. එයින් පසුව එම­ර්සන් ටෙනන්ට් ආණ්ඩු­කා­ර­ව­රයා විසින් කැඳ­වන වාර්තා­ව­කට අනුව 1856 අංක 9 දරණ වාරි­මාර්ග ආඥා පනත නිර්මා­ණය විය. පැරණි වැව්ද, යෝධ ඇළ ද යළි ප්‍රති­සං­ස්ක­ර­ණය කරන්නේ ඒ ආඥා පණතේ වගන්ති වලට අනු­කූ­ල­වය. ප්‍රති­සං­ස්ක­ර­ණය කරන ලද වාරි­මාර්ග නඩ­ත්තු­වට ආය­ත­න­යක් ස්ථාපිත කරන තෙක් පැරණි රාජ­කාරි ක්‍රම­ය­ටම ඒවා නඩත්තු කර­න්නට ඉංග්‍රී­සීන්ට සිදු­විය. යෝධ ඇළ දෙපස පළ හතරේ උළු වහ­ල­වල් සහිත “යෝධ ඇළේ ගෙවල්” නිර්මා­ණය වූයේ මේ රාජ­කා­රිය පැවැ­රුණු පුද්ග­ලයන්ට ලැබුණු වර­ප්‍ර­සා­ද­යක් ලෙසය.

“යෝධ ඇළේ වතුර පාර අඩි අටක් උසට පව­ත්වා­ ගෙන යාම තමයි පැවැ­රුම…. මුත්තා දින­ප­තාම මේ තත්ත්වය බලල සට­හන් තියා­ගන්න ඕන… අනු­රා­ධ­පුර අන්තයේ යෝධ ඇළේ ගෙදර කෙනාගේ රාජ­කා­රිය තමයි ඒ වතුර ප්‍රමා­ණය ලැබෙ­න­වද කියල තහ­වුරු කරන එක…. මුත්ත තියන සට­හන් රටේ මහ­ත්තයා හරහා ඉංග්‍රීසි ආණ්ඩු­වට යැව්වා….”මේ යෝධ ඇළේ ගෙද­රට පැවැ­රුණු රාජ­කා­රිය කලා­වැ­වදී පැහැ­දි­ලිව විස්තර කළ ආකා­ර­යයි. එය අපට විස්තර කළේ හිමංසු බණ්ඩාර ඇති­පොල මහ­තාය.

අපි එම්. සුග­ත­දාස මහතා සමඟ යාබද නිව­සට ගොස් පැරණි යෝධ ඇළේ ගෙදර ඡායා­රූ­ප­යක් ලබා­ග­ත්තෙමු. එහි පැරණි පෙනුම බොහෝ­දු­රට වෙනස් වී තිබේ. එහෙත් පැවැති ප්‍රෞඪ­ත්වය විදහා දැක්වෙන සල­කුණු තව­මත් එහි ඉති­රිය.

නෙක නෙක කම්ක­ටො­ලුද, පීඩාද විඳි­මින් අත­ර­මඟ හමුවූ දස දහ­ස්ග­ණන් කුඹුරුවලට දිය­වර සප­ය­මින් සැතැ­පුම් පනස් හත­රක් ආ මඟ කෙළ­වර කර­න්නට “යෝධ ඇළ” සූදා­නම්ය.

සිය දිගු­ග­මන අව­සන් කර­න්නට මත්තෙන් අනු­රා­ධ­පු­රය හරහා පුත්ත­ලම සිට ත්‍රීකු­ණා­ම­ල­යට විහි­දෙන ඒ-12 මාර්ගය යටින් රිංගා යන යෝධ ඇළ ගම­න් ක­රන්නේ නාග­රික නිවාස යෝජනා ක්‍රම­යක් මැදිනි. යෝධ ඇළ බැම්ම ආස­න්නයේ ඒ කොට­සේදී හමු­වන්නේ නවීන පන්නයේ නිවා­ස­ ය. දුරු කතර ගෙවා අනු­රා­ධ­පු­ර­යට පැමි­ණෙන සංචා­ර­ක­යින්ට සුදුසු නවා­තැන් ය.

පොතා­නේ­ගම පාලමේ සිට තිසා වැව දක්වා වූ සම්පූර්ණ දුර යෝධ ඇළ බැම්ම දිගේ ඉදි­රි­යට යා නොහැක්කේ අත­ර­ම­ඟදී ඇර­ඹෙන තිසා­වැව රක්ෂි­තයේ සීමාව එයට හරස් කපන බැවිනි. හදි­සියේ ඇතිවූ අස­නීප තත්ව­යක් මත ග්‍රාම නිලධා­රී­ව­රයා එහි නොපැ­මි­ණි­යෙන් අපට ඒ වෙත ඇතුළු වන්නට වරම් නොලැ­බිණි. ඒ නිසා විකල්ප මාර්ග භාවිතා කර­මින් පණ්ඩු­ල­ගම හරහා යෝධ ඇළ තිසා වැවට එක්වන තැනට යන්නට අපට සිදු­විය. කළින් වැටුණු ඊසාන දිග මෝසම් වැස්ස නිසා තිසා වැවේ ජලය වාන් මට්ට­මට ළඟාවී තිබේ. මේ නිසා සිති­ය­ම්වල දැක්වෙන සම­හර මාර්ග වැවේ ගිල්මට යටව ගොසිනි.

පණ්ඩු­ල­ගම සිට තිසා­වැවට ඔබ්බෙන් පෙනෙන්නේ අනු­රා­ධ­පුර පූජා නග­ර­යයි. මට මත­ක­යට එන්නේ විවි­යන්ද සිල්වා බොර­ලැස්ස ගායි­කා­වගේ ගී හඬයි.

දුර පෙනෙන තැනි­තලා - අනු­රා­ධ­පුර දිහා
පුන්පෝ­යදා - දේ ශ්‍රියා - සාදු කිය කියා…
ජේත­ව­න­රාම - අභ­ය­ගිරි වෙහෙර
සාදු කිය කියා - කරමු වන්දනා..
යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ..///
තිසා වැව වටේ

මෝදු­වෙ­මින් තිබෙන උඳු­වප් සඳ එළියේ දිව්‍ය­ලෝ­කය බඳු අනු­රා­ධ­පුර පූජා නග­රය දකි­න්නට අප­ටද හැකි­යාව ලැබී තිබේ. යෝධ ඇළේ ගලා ආ ජලය සිය රාජ­කා­රිය අව­සන් කොට තිසා වැව විසල් ජල­කඳ සමඟ එක්ව ගිමන් හරිනු දුටු­වෙමු. වන අලි මතු­විය හැකි වැව් සීමාවේ වැටුණු පැරණි පුත්ත­ලම් මාර්ගයේ ඉදි­රි­යෙනි. අප අපේ පා පැදි සෙමෙන් පැද­ගෙන ඉදි­රි­යට ඇදුණේ කඩින් කඩ පැමිණි ගවේ­ෂ­ණා­ත්මක දිගු ගම­නක අව­සා­නය සටහන් කර­න්න­ටය. විටෙක සංචා­ර­යක්ද, තවත් විටෙක ගවේ­ෂ­ණ­යක්ද වූ මේ සංචා­රය සමඟ පුරා සති දහ අටක් ඒකා­ත්මික වූ පාඨක ඔබ­ටද, අත­ර­මඟ නැවැ­තුම්වලදී අපට නොම­සුරු සහ­යෝ­ගය දුන් සියලුම දෙනා­ටද ස්තූතිවන්ත වන්නට මෙය අව­ස්ථා­වක් කර ගන්නෙමු.

අපේ යෝධ ඇළ ගවේෂණය ගැන පාඨක ඔබ­ටත් කිය­න්නට යමක් වේ නම් [email protected] ලිපි­න­යට දන්වන්න.

(සංචා­රය සඳහා අවශ්‍ය පාපැදි සම්බ­න්ධී­ක­ර­ණය කළ නෙළු­බෑව ගොවි­ජන සේවා දෙපා­ර්ත­මේ­න්තුවේ එච්.ඒ. රේණුකා මහ­ත්මි­ය­ටත්, ආහා­ර­පාන සහ නවා­තැන් සම්බ­න්ධී­ක­ර­ණය කළ එගො­ඩ­ගම ප්‍රියන්ත චන්දි­මාල් මහතා ඇතුළු අද­හස් දැක්වූ ගම්වැ­සි­ය­න්ටත් ස්තූතියි!)

 

Comments