
2020 අගෝස්තු 16 සිට අගෝස්තු 22 දක්වා
මේෂ ලග්නය - දේපළ උරුමයක්
මේෂ ලග්නය හිමි ඔබට මෙම සතිය ආරම්භ වන්නේ කිසියම් දේපළක උරුමයක් හිමි කර දීමක් සමඟිනි. චන්ද්‍රයා ඔබගේ කේන්ද්‍රයේ 03 - 04 - 05 - 06 යන ස්ථානවල ගමන් කරමින් හදිසි ධනය, වාහන ඉඩම් නිවාස මිලදී ගැනීම වැනි භෞතික සම්පත්වල උරුමයන් ද උදා කර දෙයි. දරුවන් නොමැති අය සඳහා දරු සම්පත් ද උදාකර දෙන මේ සතියේ වකුගඩු සම්බන්ධ රෝගයක පෙර ලකුණු මතු කරන්නට ද ඉඩ ඇති බැවිනි.
වෘෂභ ලග්නය - උගුරේ ආසාදනයක්
වෘෂභ ලග්නයට අනුව මෙම සතිය ආරම්භයේදීම කිසියම් උගුරේ ආසාදනයක් නිසා පරීක්ෂණ වලට භාජනය වීමට ද ඉඩ තිබේ. මෙම සතියේ ඔබේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 02 - 03 - 04 - 05 යන ස්ථානවල ගමන් කරන බැවින් ඒ සඳහා අන් අයගේ ඇප උපකාර නොමඳව ලැබෙන අතර මිල මුදල් වලින්ද අඩුවක් නොවේ. ආර්ථික හා භෞතික සම්පත් උදා වන අතර රැකියාගත යහපත්කමකට ද උරුමය අත්පත් වන බව පෙනෙන්නට තිබේ.
මිථුන ලග්නය - විවාහයකට සුදුසු පරිසරයක්
මිථුන ලග්නය හිමි ඔබට මෙම සතිය ඉතා වාසනාවන්ත සැහැල්ලු මානසිකත්වයකට හිමිකම් ලැබේ. මෙතෙක් බාධකව පැවති බොහෝ කටයුතු අතර ප්‍රධාන වන විවාහය සඳහා සුදුසු කටයුතු සැලසේ. චන්ද්‍රයා ඔබගේ කේන්ද්‍රයේ 01 - 02 - 03 - 04 යන ස්ථානවල ගමන් කිරීම ඊට ප්‍රධානම හේතුව වන අතර එඩිතරව තීන්දු තීරණ ගැනීම හා අන් අයට තම අදහස් උදහස් පැහැදිලි කරදීමට සමත්කම ලැබේ
කටක ලග්නය - අඹු සැමියන් අතර මතභේද
මිථුන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 12 - 01 - 02 - 03 යන ස්ථානවල ගමන් කරමින් ආරම්භයේදීම ඔබට සිත් තැවුලකට කරුණු එළඹෙන නමුදු සතිය මැද භාගයේ සිට ඒ සඳහා සහනය ලැබේ. යටි බඩේ දෝෂ, මුත්‍රා දෝෂ වැනි හදිසි ආපදා නිසා පීඩා විඳීමට සිදුවනු ඇත. තම සහකාරිය හෝ සහකරුවා තමා පිළිබඳ දරන කිසියම් වැරදි මතයක් නිසා කිසියම් අසහනකාරි මානසික තත්ත්වයකට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇත.
සිංහ ලග්නය - රාජතාන්ත්‍රික පිළිගැනීම්
සිංහ ලග්නයේ ඔබට මෙම සතියේදි රවි ග්‍රහයා ලග්නගත වීමද චන්ද්‍රයා 11 - 12 - 01 - 02 යන ස්ථානවල ගමන් කිරීම නිසාද යහපත් ලැබීමක් මෙන්ම තමාගේ යහපත් ක්‍රියා කලාපය රාජ තාන්ත්‍රික පිළිගැනීමක් ලැබීමට හේතු ඇතිවෙයි. ඔබට දුර බැහැර ගමන් බිමන් බහුල වන නමුදු ප්‍රවේශම් විය යුත්තේ සතුරු කරදරයකට ද බොහෝවිට ඉඩ ඇති නිසාය. ඔබගේ සහකාරිය හෝ සහකරුවා ඔබට වෙනදාටත් වඩා බැඳීමෙන් ප්‍රසාදයෙන් කටයුතු කරන සතියක් ද වෙයි.
කන්‍යා ලග්නය - රැකියා ගැටලු විසඳේ
කන්‍යා ලග්නය හිමි ඔබට මෙම සතිය රැකියා ගැටලු විසඳෙන සතියකි. පිටරට සිටින අයකුගේ ඇප උපකාර ලැබෙන කලක් බලාපොරොත්තුව සිටි පිටරට ගමනකට හේතු මතු කරයි. තම පාරිශුද්ධත්වය සමාජය තුළ විදහා දැක්වෙන ආකාරයේ කටයුතු එළඹේ. දණහිස ආශ්රිත හදිසි අනතුරු එළඹිය හැකි නිසා ප්‍රවේශම් වන්න.
තුලා ලග්නය - ආගමික කටයුතු රැසක් සමඟ
තුලා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මෙම සතියේ 09 - 10 - 11 - 12 යන ස්ථානවල ගමන් කරමින් පෙර පිං මහිමය මතු කරදෙන සතියක්ද වෙයි. විශේෂයෙන් ආගමික කටයුතු රැසක නියැළීමට වාසනාව ලැබේ. සතිය අවසානයේ කිසියම් කලකිරුණු ස්වභාවයෙන් සිටීමට දෙවැන්නකුගේ නොමනා කල්ක්රියාවක් හේතු වන නිසා ඇසුරු කිරීම්වලදි කල්පනාකාරි වන්න.
වෘශ්චික ලග්නය - සිත් තැවුලකට කරුණු
වෘශ්චික ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව සතිය ආරම්භය කිසියම් සිත් තැවුලකට කරුණු යෙදේ. තමා දුර දිග නොසිතා ගන්නා වැරදි තීන්දුවක් නිසා මේ තත්ත්වය එළඹිය හැකි නමුදු සතිය මැද භාගයේ සිට එම තත්ත්වය නිවැරදි කරගෙන ඉදිරියට යාමට හැකිවේ. ඔබගේ යහපත පිණිස යෙදෙන බොහෝ කටයුතු ක්‍රියාවට නැංවීමට හැකි වන අතර සතිය මැද භාගයේ සිට බොහෝ දෙනාගේ ප්රසංසාව ඔබට හිමි වනු ඇත.
ධනු ලග්නය - ආදරයට ආලයට කරුණු
ධනු ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 07 - 08 - 09 - 10 යන ස්ථානවල ගමන් කරන නිසා කල්ගිය විවාහ යෝජනා යළි ක්‍රියාවට නැංවීමට කරුණු යෙදේ. කලක් ඔබගෙන් ඈත් වී සිටි කෙනෙකු ඔබ කරා එයි. රවි ග්‍රහයා 9 වැන්නේ බලවත් වෙමින් තමාට කලක් ගැටලුවක්ව පැවති නීති ප්‍රශ්නයක් ලිහිල්ව කිසියම් දේපළක හිමිකමක්ද පෙනෙන්නට තිබේ. තමා වෙතින් සමාජයට සිදුවූ සේවා ඇගයීමට ලක්වන සතියකි.
මකර ලග්නය - පසුබෑමේ ලකුණු
මකර ලග්නය හිමි ඔබට සතිය ආරම්භය එතරම් සතුටුදායක නොවේ. විශේෂයෙන් ම චන්ද්‍රයා 06 - 07 - 08 - 09 යන ස්ථානවල ගමන් කිරීමේදි විටින් විට චංචල සිතුවිලි සිත තුල ඇති වීමෙන් කිසියම් කටයුත්තකදී පසුබෑමකට ලක්වේ. යටි බඩ මුත්‍රාශය ආශ්රිත අසාත්මිකතා නිසා පීඩා විඳීමට සිදුවන අතර රාජනීතිය ක්‍රියාත්මක වීම තුළ ඔබට අපහාස විඳින්නට දේපළක් පිළිබඳ පාඩු විඳින්නට සිදුවේ.
කුම්භ ලග්නය - ජලාශ්‍රිත කටයුතු වලින් අසුබ
කුම්භ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 05 - 06 - 07 - 08 යන ස්ථානවල ගමන් කිරීම නිසා කිසියම් ජලාශ්‍රිත කටයුතු කෙරෙන් අසුබ යෙදේ. ඔබ තම යුග දිවිය පිළිබඳව ගන්නා තද තීන්දු තීරණ ඔබටම පාරා වළල්ලක් සේ යළි තමා කරා එළඹෙනු ඇත. අන් අයට පරිභව වන ලෙස හැසිරීමෙන් එය තමාටම අපහාසයක් වනු ඇත. ආර්ථික පාඩුවකට හේතු වේ. කොයි දේත් සමබර මානසිකත්වයෙන් සිතා කටයුතු කිරීමෙන් සහනය උදා වේ.
මීන ලග්නය - වාසනාවන්ත දරු සම්පත්
මීන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව සතිය ආරම්භයේ ඔබ බලාපොරොත්තු වූ පරිදි හදිසි ධන සම්පතකට හේතු ඇති වේ. චන්ද්‍රයා මේ සතියේ 04 - 05 - 06 - 07 යන ස්ථානවල ගමන් කරන නිසා විශේෂයෙන් දරු සම්පත් පතන අයට වාසනාවන්ත දියණියගේ ඵලද සතිය අවසානයේ අවිවාහක අයට මංගල සීනු හැඬවෙන බවද පෙනෙන්නට තිබේ.