ලග්න පලා­පල (2021 පෙබරවාර 14 ඉරිදා සිට 20 සෙනසුරාදා දක්වා) | සිළුමිණ

ලග්න පලා­පල (2021 පෙබරවාර 14 ඉරිදා සිට 20 සෙනසුරාදා දක්වා)

මේෂ ලග්නය

පවුලේ අය අතර සුහදත්වය

මේෂ ලග්නයට අනුව මෙම සතිය ඔබට දිගටම සුබයි. ආර්ථික ප්‍රතිලාභයත් සමඟ සතුටුදායක ආයෝජනයකට අත පොවයි. කිසියම් ආකාරයක සතුට රජයන ක්‍රියාවකින් ඔබ දිරිමත් කරයි. බොහෝවිට ගම්පියසෙන් දුරස්වීමට වුවද සිදු වෙයි. ශරීරය වෙහෙසා කරන කටයුතු වලින් උපරිම ඵල ලැබෙයි. සතිය මැද ප්‍රිය සම්භාෂණයකට සහභාගි වීමට අවස්ථාව උදා වෙයි. ඒ නිසාම නිවසේ සාමාජික සාමාජිකාවන් අතර සුහදත්වය දලුලන සතියකි.

 

වෘෂභ ලග්නය

ධනය නිලය උසස් වේ

වෘෂභ ලග්නයට අනුව ඔබට රැකියා ස්ථානගත අභිවෘද්ධිය උදාවන සතියකි. තම කීමට අනුව ප්‍රධානීන් විසින් ක්‍රියාත්මක කරන නව වැඩපිළිවෙළක් සාර්ථක වෙයි. ඒ නිසාම ධනය, නිලය උසස් වනු ඇත. තම විවේකි සුවය සඳහා ආගමික සිද්ධස්ථාන කීපයකට යාමට ඔබට හැකි වේ. ජලාශ්‍රිත උවදුරු පෙනෙන්නට ඇති නිසා ප්‍රවේශම අත්‍යාවශ්‍ය වෙයි. තම සහායට කටයුතු කරන අය වෙතින් ලැබෙන සහයෝග වෙනදාටත් වඩා වැඩිවන සතියකි.

 

මිථුන ලග්නය

නව ඥාති සබඳතා

මිථුන ලග්නයට අනුව පෙර පින් මහිම මතු වේ. ඉඩම් නිවාස හිමිකම් මතු කෙරේ. තමාගේ සහෝදර සහෝදරියන් වෙතින් සුහදත්වය පළවන වකවානුවකි. උත්සාහයේ තරමට ප්‍රතිඵල උදා වේ. දරුවකු නිසා කිසියම් ප්‍රතිලාභයක් උදාවනු ඇත. ශරීර සෞඛ්‍ය අතින් නම් ප්‍රවේශම් විය යුතුය. දණහිස ආශ්‍රිත කිසියම් අසුබ තාවයකට තුඩුදීමට ඉඩ ඇත. ඉඩමක් නිසා ඇති වී තිබූ මත ගැටුමක් සමනයකට පත්වේ. නව ඥාති සබඳතා ගොඩනැ­‍ෙඟන සතියකි.

 

කටක ලග්නය

වැයපස ඉහළ යයි

කටක ලග්නයට අනුව සතිය ආරම්භය අසුබ විය හැකි වුවත් සතිය මැද භාගයේ සිට බොහෝ ප්‍රශ්න ගැටලු විසඳෙනු ඇත. චන්ද්‍රයා 08 වැන්නෙන් ඇරඹෙන මේ සතිය තුනටියට කිසියම් අතුරු ආබාධයක් විය හැකි නමුත් කල්පනාකාරි වුවහොත් එය මඟ හරවා ගත හැකිය. තම පවුලට එකතු වන නව සාමාජිකයකු නිසා පවුලේ සමගිය තහවුරු වනු ඇත.

 

සිංහ ලග්නය

තම සේවකයකු නිසා ගැටලු

 

සිංහ ලග්නය හිමි ඔබට මෙම සතිය ආරම්භය හා අවසානය සුබවාදී වෙතත් සතිය මැද භාගය ප්‍රවේශම්ව යා යුතුව ඇත. තම සේවකයකු නිසා ගැටලු සහගත තත්ත්වයක් උදාවීමට පුළුවන. අනුන් ඕනවට වඩා විශ්වාස කිරීම සුදුසු නැත. එහෙත් වන්නට තිබූ විශාල පාඩුවකින් අත් මිදීමට හැකිවීම නිසා ඉදිරි සැලසුම් ක්‍රමානුකූලව කරගෙන යෑමට අවස්ථාව උදා වේ. උගුරේ ආසාදිත තත්ත්වයක් ද පෙන්නුම් කරන නිසා අධික සීතල ආහාරපාන අවම කිරීම සුබ වෙයි.

 

කන්‍යා ලග්නය

කටයුතු රැසක් සාර්ථක වේ

 

කන්‍යා ලග්නයට අනුව ඔබට මෙම සතිය ආරම්භයේ ගැටලු කීපයකට මුහුණ දීමට සිදු වුවත් සතිය මැද භාගයේ සිට දිගටම සුබයි. මංගල යෝග උදාවීම, මෙතෙක් යුග දිවි‍ෙය් පැවතුණු ගැටලු නිරාකරණය වීම ඒ අතර වෙයි. තමාට ඇලුම් කරන ආදරය කරන කෙනෙකු ඍජුවම තමාට සිය කැමැත්ත ප්‍රකාශ කිරීම නිසා සිතේ සතුට ඇති කෙරෙන අතර ඉදිරි කටයුතු රැසක සාර්ථක නිමාවක් දැකීමට ඔබට හැකිවෙයි.

තුලා ලග්නය

නව අපේක්ෂාවක් ඉටු වේ

තුලා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව මෙම සතිය සමබර කෙරෙන සතියකි. දරුඵල අපේක්ෂා කරන අයට වාසනාවන්ත දරු සම්පත් ද නව රැකියා ආයෝජනවලට අවස්ථා ද උදා වෙයි. යටි බඩේ කිසියම් ආසාදිතයක් නැතහොත් දැඩි උෂ්ණතාව නිසා මතු කෙරෙන පීඩාකාරි තත්ත්වයක් උද්ගත විය හැකිය. කෙසේ නමුදු තම ජීවිතයට නව අපේක්ෂාවන් එකතු වන අතර සාර්ථක යුග දිවියකට ද මඟ පෑදෙනු ඇත. සතිය අවසානයේ කිසියම් ආර්ථික පාඩුවක් ඇති විය හැකි නිසා කල්පනාකාරි වන්න.

 

වෘශ්චික ලග්නය

දරුවන්ගේ කටයුතු වෙනුවෙන් යොමු වේ

වෘශ්චික ලග්නය හිමි ඔබට වාහන, ඉඩම්, නිවාස හා කිසියම් ආර්ථික ප්‍රතිලාභයක් සමඟ සතිය ආරම්භ වේ. බොහෝ දෙනෙකු ඔබගේ කටයුතු වලට අත් උදවු ලබා දේ. ඒ සඳහා මූල්‍ය පහසුකම් ද බාධාවකින් තොරව හිමි වනු ඇත. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් දැඩි කැපවීමක් කිරීමට පෙලඹෙන සතියකි. ඉඩමක් නිසා මැදිවී සිටි නීති ගැටලුවකින් නිදහස් වීමට හැකි වේ තම සහකරුට හෝ සහකාරියට එල්ලවන චෝදනාවකින් නිදහස් වීමට පුළුවන් වේ. රාජ්‍යතාන්ත්‍රික ඇප උපකාර ද නොඅඩුව ලැබෙනු ඇත.

 

ධනු ලග්නය

ශක්තිමත් ඥාති සබඳතා

ධනු ලග්නයට අනුව ඔබගේ කටයුතු බාධාවකින් තොරව ඉදිරියට ගලා යයි. තම ඥාති පාර්ශ්වවල දැඩි කැපවීම ඔබ වෙත යොමුවනු ඇත. සතුරා කවුද, මිතුරා කවුද යන්න දැන ගැනීමට හැකිවන තත්ත්වයක් මතු වේ. සෙසු අය සිය අතේ දුරින් තබාගෙන කටයුතු කිරීමට සිතන්න. තම අත්උදවුකරුවකු විසින් කරන වංචාවක් තමාට හෙළි කර ගැනීමට හැකි වේ. අත්හැර දමා තිබූ කටයුතු අතර අඩක් නිමවා තිබූ නිවෙසක් යළි ගොඩනැඟීම සඳහා පසුබිම වැටේ. පිටරටක සිටි ළඟම ඥාතියකු යළි ඔබට සමීප වන ලකුණු පෙනේ. එය සුබවාදි සුසංයෝගයකි.

 

මකර ලග්නය

අධිෂ්ඨානය සහිත පියවරක්

මකර ලග්නය හිමි ඔබට මෙම සතිය අන් සියලු ලග්නවලට වඩා සුබවාදි වෙයි. තම ආදායම් තත්ත්වය ඉහළ යාම, ඒ ආදායම් කිසියම් ප්‍රයෝජනවත් කටයුත්තකට යොමු කිරීම ආදි යහපත්කම් උදා වේ. ඉඩම් ලාභ හා වාහන නිවාස ලාභ මෙන්ම යටපත්ව තිබූ ධන සම්පතක් යළි ඔබට හිමි වෙමින් වාසනාව උදාවන අතර ගෘහ ජීවිතය ඉතා සුබවාදි වෙයි.

 

කුම්භ ලග්නය

ණය මුදල් ප්‍රතිලාභ හිමි වේ

කුම්භ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා ලග්නයේ සිට ගමන් ආරම්භ කරන නිසා සිතේ සතුට සමාදානය මතු කෙරෙන අතර නිර්මාණශීලී අදහස් උදහස් ජය ලබන බව පෙනේ. ඒ අනුව ග්‍රන්ථකරණය පිළිබඳ තිබූ අරමුණක් මුඳුන්පත් කර ගැනීමට හැකි වේ. විවාහ අපේක්ෂාවෙන් සිටින අයගේ තම බලාපොරොත්තු ඉටුවනු ඇත.

 

මීන ලග්නය

විවාහ ගැටලුවලට විසඳුම්

මීන ලග්නයට අනුව ඔබේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 12 වැන්නේ සිට ආරම්භ කරන සතිය දින දෙකතුනක් සිතට යම් අසහනකාරී අදහස් උදහස් කීපයක් මතු කෙරෙන අතර සතිය මැද භාගයේ සිට සතිය අවසානය තෙක් සුබවාදි වෙයි. විවාහ ස්ථානගත ගැටලු පැවතුණේ නම් ඒවා සමනය වී සිතට සැහැල්ලුවක් උදා කෙරේ. තම එදිනෙදා කටයුතු අතර රැකියාවට අමතර ආදායම් මාර්ගයක් පැදීම හා තමාට ලැබීමට තිබී අන් සතුවූ දේපළක් යළි තමාට හිමි වන ලකුණු පෙනේ.

Comments