
මේෂ
ආදර සබඳතා
සිකුරු තම උච්ච භවනයට යයි. වියදම් අධික වේ. ඒ ඒ වේලාවට ඇති ආශා නිසා කරන
දේවලට පවා ප්‍රමාණය ඉක්මවා ඇබ්බැහි වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී විය යුතුයි. කෙසේ වුවත් හෝ ඇඳුම් පැලඳුම් ආදිය මිලදී ගැනීහට සිතෙනු ඇත. බලාපොරොත්තු රහිත වියදම් ඇති වේ. කෙසේ වුවත් හිතවතුන්ගේ ආශ්‍රය තුළ තරමක දියුණුවක් ලබයි. තරුණ තරුණියන් අතර ආදර සම්බන්ධතා ඇති වේ. වෘත්තීය සහ රැකියා අංශවලදී සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. ගෙදරදොර කටයුතුවලදී තරමක් කල්පනාකාරී විය යුතුයි.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා
වෘෂභ
මුදල් අලංකාර වස්තු ලැබීම්
මිල මුදල් ලාභ අලංකාර වස්තු ලැබීම, රෙදි පිළි මිලදී ගැනීම්වලට ශුභයි. එහෙත් වියදම් අධික වීම් පෙන්වයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ සාමයට බාධා අවහිරතා එල්ල විය හැකිය. දරුවන්ගේ කටයුතු කෙරෙහි තරමක් සැලකිලිමත් වන්න. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඉස්මතු වේ. වෘත්තීය රැකියා සැලකීමේ දී කෘෂිකාර්මික අංශවල යෙදී සිටින අයට හොඳ අස්වැන්නක් ලැබෙනු ඇත. කෙසේ වුවත් අන්‍යයන්ගේ සහයෝගය ලබාගැනීම තරමක් අසීරු වේ. මිල මුදල් ලැබුණ ද වියදම් අධික වනු ඇත.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
මිථුන
රැකියා කටයුතුවල දියුණුවක්
ආදායම් තත්ත්වය කිසියම් සාර්ථක බවක් උදා කරයි. කලක සිට බලාපොරොත්තුවෙන් සිටි අදහසක් ඉටු වේ. ලාභ ප්‍රයෝජන වැඩි වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ඥානය වැඩි දියුණු වන ආකාරයට තම ඉගෙනීම් කටයුතුවල යෙදිය හැකිය. ගෙදරදොර කටයුතු යහපත්ය. අලංකාරයට සැප පහසුවට කරුණු යෙදෙන නමුත් විටෙක අවට කරුණු තුළ යම් යම් බාධා සහ අවහිරතා ඇති කළ හැකිය. ස්ත්‍රීන් සමඟ අවුල් ඇති කළ හැකි නිසා ඒ සම්බන්ධයෙන් කල්පනාකාරී වන්න. කෙසේ වුවත් සමාජයේ ප්‍රසිද්ධිය ඇති වේ.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
කටක
මංගල යෝජනා උදා වෙයි
ලාභ ප්‍රයෝජන ලැබේ. බාධා අවහිරතා ඇති කළත් උත්සාහයන්ගේ ප්‍රතිඵල ලැබේ. ගෙදරදොර කකටයුතුවල දී තරමක් ඉවසිලිමත් විය යුතුයි. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වනු ඇත. විවාහ වීමට සුදුසු වයසේ පසු වන අයට මංගල යෝජනා ඉදිරිපත් වනු ඇත. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ගෙන දේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිකුරුගේ ආගමනය තුළ කලා ක්ෂේත්‍ර, සෞන්දර්ය ක්ෂේත්රවල යෙදී සිටින අයට වඩාත් සාර්ථක ප්‍රතිඵල උදා කරනු ඇත.
ජය වර්ණය- ක්‍රීම්, අංකය- 02, දිනය- සඳුදා
සිංහ
ආදායමේ වර්ධනයක්
ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින අයට බාධා මධ්‍යයේ වුව ද ලාභ ප්‍රයෝජන ඇති වේ. මිල මුදල් ලාභ ගෙන දේ. ආදායම් තත්ත්වය වර්ධනය කර ගත හැකිය. සමාජයේ ප්‍රසිද්ධියට අවස්ථාව සැලසේ. ලොතරැයි සූදු රේස් ඔට්ටුවල යෙදෙන අයට වාසි ලැබේ. ගෙදරදොර කටයුතුවල දී තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අධ්‍යාපන අංශවල පර්යේෂණ කටයුතුවල යෙදී සිටින අයට යහපත් ප්‍රතිඵල ලැබේ. උෂ්ණාධික, උදරාශ්‍රිත රෝග, මුත්‍ර දෝෂ යනාදියෙන් පරිස්සම් වන්න.
ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා
කන්‍යා
දරුවන්ගේ කටයුතුවල දියුණුවක්
සමාජීය සහ ඒ අශ්‍රිත කටයුතුවල දී කිසියම් සාර්ථක ප්‍රතිඵලයක්, දියුණුවක් ලබයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී විටෙක ඔබ බලාපොරොත්තු වන තරමටම උසස් ප්‍රතිඵල ඇති නොවේ. විටෙක බාධා ඇති වේ. ආදායම් ලැබීම අතින් ශුභදායක වේ. විවිධ ක්ෂේත්රයන්ට යොමු වීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. ව්‍යාපාරික ක්ෂේත්රවල යෙදී සිටින අයට යහපත්ය. කෙසේ වුවත් ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී සමඟියට සාමයට බාධා එල්ල විය හැකි බැවින් කල්පනාකාරී වන්න.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
තුලා
සමාජ ඇසුරේදී පරිස්සමෙන්
සමාජයේ ආශ්‍රය කරන අය සමඟ ඇති වන කතාබහ ගනුදෙනු ආදියේ දී කරදර පැටලිලි මතු
කළ හැකි නිසා තරමක් බුද්ධිමත් විය යුතුයි. ලාභ පතාගෙන කටයුතුවල යෙදීමේ දී එතරම් සාර්ථක ප්‍රතිඵල අත්පත් නොවේ. වියදම් ඉහළ යයි. ගෙදරදොර කටයුතුවල දී ද සැලකිලිමත් විය යුතුය. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් ලබයි. අධ්‍යාපන අංශවල දී සිය උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. නීතිමය ලියකියවිලිවලට මෙන්ම පොරොන්දු ගිවිසුම්වලට අත්සන් කිරීමට සිදු වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් විය යුතුයි.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
වෘශ්චික
තම තත්ත්වය උසස් අතට
සතුරු කරදර බාධා ඇති කලත් ඒවා මැඬපවත්වාගෙන තම කටයුතු ඉෂ්ට සිද්ධ කර ගනී.
විටෙක තද හිතුවක්කාරී තීරණවලට යොමු වේ. වැදගත් කටයුතුවලට බැසීමට යහපත් සතියකි. රේස් ඔට්ටු, හදිසි ධන ලාභවලට ඉඩ පවතී. ඒ සම්බන්ධ උනන්දු වන්න. වෘත්තීය සහ රැකියා අංශවල දී තමාගේ තත්ත්වයේ කිසියම් සාර්ථක බවක් ලැබේ. තත්ත්වය උසස් වේ. මිල මුදල් ලැබීම අතින් ශුභයි. ගෙදරදොර කටයුතුවල දී ශුභදායක වේ. සමඟියට සාමයට බාධා එල්ල නොවේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. දූදරුවන්ගේ කටයුතුවල දී සිත් ප්‍රීතිය ගෙන දේ.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා
ධනු
විනෝදකාමී ගමන්බිමන්
මිල මුදල් ලාභ ලැබීමේ ඉඩකඩක් පවතී. නමුත් ප්‍රීතිදායක විනෝදකාමී ගමන්වලට
සහභාගි වීම තුළ වියදම් පක්ෂය පාලනය කිරීම අසීරු වේ. වෘත්තීය සහ රැකියා අංශවල දී අවහිරතා බාධා ඉස්මතු විය හැකි නිසා කල්පනාකාරී විය යුතුයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධයෙන් ද යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. දරු ශිෂ්‍ය ලාභ සහ ඔවුනගේ කිසියම් දියුණුවක් ඇති වේ. උදරාශ්‍රිත රෝග, බඩවැල් ආශ්‍රිත පීඩා, අර්ශස් වැනි රෝගාදියෙන් ප්‍රවෙස්ම් වන්න.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා
මකර
දරුවන්ගේ දියුණුවට මුදල්
මිල මුදල් ආයෝජනයට ඉඩක් අවස්ථාවක් ලැබුණ ද එහි ප්‍රතිඵල ලැබීමට තරමක් කල් ගත වේ. දරු ශිෂ්යාදීන්ගේ දියුණුවට මුදල් වියදම් කෙරේ. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ලබයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ ප්‍රස්තාව සැලසේ. විදේශගතවීම්වලට සම්මන්ත්රණාදියට සහභාගි වනු ඇත.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා
කුම්භ
රාජකාරි ගමන්
මිල මුදල් ලැබීම අතින් එතරම්ම ශුභදායක නොවේ. ආදායම් මාර්ගවල බාධා ඇති කළ
හැකිය. ගමන්බිමන් නිසා වෙහෙස මහන්සි වීමට සිදු වේ. තැන් තැන්වලට ඇවිදීමට සිදු වේ. විටෙක ඒ රාජකාරි සඳහා විය හැකිය. තමාගේ වැඩවලට සුළු වශයෙන් හෝ බාධා ඇතිවේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී වඩා වැඩි වෙහෙසක් දැරීමට සිදු වේ. ශරීරයට විඩාව, වෙහෙස දැනේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. උෂ්ණාධික රෝග, ලේ දූශ්යාබාධ යනාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය-නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා
මීන
මිල මුදල් ලැබීම සතුටුදායකයි
මාලවී යෝගය උදා කළත් එතරම් පලක් නැත. තම තත්ත්වයේ වෙනස්කම්, පහළ
යෑම්වලට ඉඩ පවතී. අන්‍යයන්ගේ සහයෝගය ඔබට නොලැබේ. වෘත්තීය සහ රැකියා අංශවල දී ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක නොවේ. අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී කල්පනාකාරී විය යුතුයි. මිල මුදල් ලැබීම අතින් කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැකිය. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා