සිළුමිණ ලග්න පලාපල‍ (ජනවාරි 19 ඉරිදා සිට 25 සෙනසුරාදා තෙක්) | සිළුමිණ

සිළුමිණ ලග්න පලාපල‍ (ජනවාරි 19 ඉරිදා සිට 25 සෙනසුරාදා තෙක්)

මේෂ

දරු­වන්ගේ කට­යුතු ගැන අව­ධා­න­යෙන්

ලග්නා­ධි­පති කුජ 8, සඳු 7, රාහු 3, රවි, බුධ 10, සිකුරු 11, ගුරු, ශනි, කේතු 9 ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී වෘත්තීය හා රැකියා කට­යුතු සම්බ­න්ධ­යෙන් ද, අන්‍ය­යන්ගේ ආධා­රය උප­කා­රය ලැබෙන අතර කට­යුතු සාර්ථක කර­ගත හැකිය. මිල මුදල් ලැබීම අතින් ශුභයි. එහෙත් විය­දම් පක්ෂය ද ඉහළ යයි. ගමන් බිමන් අධි­කයි. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­න­යෙන් පසු වන්න. ඉගෙ­නීමේ කට­යු­තු­වල යෙදී සිටින අයට ශුභයි. අලුත් විෂ­ය­යන් කෙරෙහි අව­ධා­න­යෙන් සිටී. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

වෘෂභ

ගෙද­ර­දොර කටයුතු යහපත්

ලග්නා­ධි­පති සිකුරු 10, රවි, බුධ 9, රාහු 2, ශනි, ගුරු, කේතු 8, කුජ 9, සඳු 6 ගමන් කරයි. එම ග්‍රහ ගෝච­රය සැල­කී­මේදී තමාගේ කට­යුතු කර­ගෙන යෑමේ දී බාධා අව­හි­රතා ඉස්මතු කළ හැකිය. විශේ­ෂ­යෙන්ම වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­ව­ලදී ඔබ බලා­පො­රොත්තු වන තර­මට සාර්ථක ප්‍රති­ඵල උදා නොවේ. අන්‍ය­යන්ගේ සහාය ඔබ බලා­පො­රොත්තු වන තර­මට නොලැබේ. ආර්ථික වශ­යෙන් යහ­පත් වුවත් විටෙක විය­දම් පක්ෂය ඉහළ යයි. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් දියු­ණු­වක් ලබයි. අධ්‍යා­පන අංශ­වල නියුක්ත අයට සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලැබිය හැකිය. උෂ්ණා­ධික රෝග, ලේ දූශ්‍යා­බාධ, මූත්‍ර දෝෂ, වාතා­බාධ යනා­දි­යෙන් වැටීම්, තැළී­ම්ව­ලින් පරිස්­සම් විය යුතුයි.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

මිථුන

විය­ද­මට සරි­ලන ආදා­ය­මක්

ලග්නා­ධි­පති බුධ, රවි සමග 8, ගුරු, ශනි, කේතු 7, රාහු ලග්නයේ ද යෝග­කා­රක සිකුරු 9, සඳු 5, කුජ 6 ද ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී බාධා ප්‍රමා­දතා මධ්‍යයේ ක්‍රියා කිරී­මට සිදු වේ. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් සාමාන්‍ය වේ. තමාගේ විය­ද­මට සරි­ලන ආදා­ය­මක් ලබනු ඇත. කෙසේ වුවත් කෙටි ගම­න්බි­මන් අධික වීම තුළ නිෂ්ඵල විය­ද­ම්ව­ලට ඉඩ පවතී.

ගෙද­ර­දොර කට­යු­තු­වල දී සුළු බාධා අව­හි­රතා ඉස්මතු වනු ඇත. ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. දරු­වන්ගේ කට­යුතු සාර්ථක වේ. උද­ර­ගත පීඩා, ස්නායු, නහර දුර්ව­ලතා යනා­දි­යෙන් පරිස්සම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

කටක

මිල මුදල් කට­යුතු කල්ප­නා­වෙන්

ලග්නා­ධි­පති සඳු 4 දිග්බ­ලයි. කුජ යෝග­කා­ර­කයා වී 5 ද, රාහු 12, ගුරු, ශනි, කේතු 6, රවි, බුධ 7, සිකුරු 8 ගෝච­රය වේ. එම ග්‍රහ පිහි­ටීම් ගැන බැලීමේ දී මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී ඉතා කල්ප­නා­කාරී විය යුත්තේය. මිල මුදල් හානිය හෝ විය­දම් අධි­කයි. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී වඩාත් කල්ප­නා­කා­රීව ද බුද්ධි­මත්ව ද ක්‍රියා කරන්න. නොඑසේ නම් ආකූ­ලතා ව්‍යාකූ­ලතා ඉස්මතු කළ හැකිය. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී වඩාත් ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට පර්යේ­ෂණ කට­යුතු මෙන්ම ගණිත මිණිත ආශ්‍රිත කට­යුතු, සන්නි­වේ­දන කට­යු­තු­වල යෙදී සිටින අයට ශුභයි.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

සිංහ

ව්‍යාපාර කට­යු­තු­ව­ලින් වාසි

ලග්නා­ධි­පති රවි, බුධ 6, සිකුරු 7, ගුරු, ශනි, කේතු 5, කුජ 4, සඳු 3, රාහු 11 ගම­න්ගනී. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී ව්‍යාපා­රික අංශ­වල යෙදී සිටින අයට සාර්ථක ප්‍රති­ඵල ලබයි. වාසි සැලසේ. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී තර­මක් කල්ප­නා­කාරී වන්න. විටින් විට සුළු සුළු බාධා ඉස්මතු වේ.

ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බ­න්ධ­යෙන් එත­රම්ම බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යුතු සාමා­න්‍යයි. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට පර්යේ­ෂණ කට­යුතු, ගුප්ත ශාස්ත්‍රීය කට­යුතු කෙරෙහි වැඩි උන­න්දු­වක් පෙන්වයි. උද­ර­ගත පීඩා, හෘද­ගත පීඩා, මේදය අධික වීමෙන් සෑදෙන රෝගා­දි­යෙන් පර්ස්­සම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා

කන්‍යා

 වෘත්තීය රැකී­රක්ෂා කට­යුතු සාර්ථ­කයි

ලග්නා­ධි­පති බුධ, රවි සමග පූර්ව පුණ්‍ය­ස්ථා­න­යේය. සඳු 2, කුජ 3, ශනි, ගුරු, කේතු 4, සිකුරු 6 සිටී. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතුවලින් සාර්ථක ප්‍රති­ඵල ලබයි. අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය උප­කා­රය ලැබේ. ඒ තුළ තම කට­යුතු සාර්ථක කර­ගනී. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් ශුභයි. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබයි. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාමය සුර­ක්ෂිත වේ. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබයි. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට සිය උත්සා­හය තුළ සාර්ථක බවක් උදා කරයි. රුධිර පීඩ­නය, මුත්‍ර දෝෂ, මේදය අධි­ක­වී­මෙන් සෑදෙන රෝගා­දි­යෙන් පරිස්­සම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

තුලා

 විදේ­ශ­ග­ත­වී­ම්ව­ලට ඉඩ

ලග්නා­ධි­පති සිකුරු 5, රවි, බුධ 4, ගුරු, ශනි, කේතු 3, සඳු ලග්නයේ ද, කුජ 2, රාහු 9 ගමන් කරයි. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී වෘත්තීය සහ රැකියා වශ­යෙන් ශුභ­දා­යක වේ. විදේ­ශීය සම්බ­න්ධතා මත කරන කට­යුතු යහ­පත්ය. විදේ­ශ­ග­ත­වී­ම්ව­ලට ඉඩ සලසා ගත හැකිය. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් ශුභයි. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීමෙන් ආදා­යම් මාර්ග සලසා ගත හැකිය. ආදා­යම් ලැබුණ ද විය­දම් අධි­කයි. ගෙද­ර­දොර කට­යුතු සහ යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී තර­මක් ඉව­සී­මෙන්ද බුද්ධි­මත්ව ද ක්‍රියා කිරීම තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. නොඑසේ නම් සුළු වශ­යෙන් හෝ ආකූ­ලතා මතු කළ හැකි බැවිනි. දරු­වන්ගේ කට­යු­තු­වල සාර්ථක පල­යක් ලබයි.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

වෘශ්චික

ආර්ථික වාසි

ලග්නා­ධි­පති කුජ ලග්නයේ රුචක යෝග­යයි. ගුරු, ශනි, කේතු 2, රාහු 8, සඳු 12, රවි, බුධ 3, සිකුරු 4 ගම­න්ගනී. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී තමාගේ කට­යුතු කර­ගෙන යෑමේ දී බාධා ප්‍රමා­දතා ඉස්මතු කළ හැකි බැවිනි.

කල්ප­නා­කා­රීව ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් අය­හ­පත් නොවේ. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී ඉව­සී­මෙන් බුද්ධි­මත්ව ක්‍රියා කිරී­මෙන් සම­ඟිය සාමය සුර­ක්ෂිත කර­ගත හැකිය.

දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ. ලේ දූශ්‍යා­බාධ උෂ්ණා­ධික රෝග. ඇස්වල දුර්ව­ලතා මතු කළ හැක.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

ධනු

දියු­ණුව ගෙන දේ

ලග්නා­ධි­පති ගුරු ස්වක්ෂේ­ත්‍රව ලග්නයේ දිග්බ­ල­යෙන් ශනි, කේතු සමඟ සිටී. රවි, බුධ 2, සිකුරු 3, රාහු 7, සඳු 11, කුජ 12 ගමන් කරයි. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී වෘත්තීය සහ රැකී­රක්ෂා අංශ­වල දී සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලැබිය හැකිය. දියු­ණු­වක් ගෙන දේ. මිල මුදල් ලැබීම යහ­පත් වුව ද විය­දම් පක්ෂය ඉහළ යා හැකිය. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. ඒ තුළ සාර්ථක ප්‍රති­ඵල ලබන අත­රම සම­ඟිය සාමය සුර­ක්ෂිත කර­ගත හැකිය. දරු­වන්ගේ කට­යුතු සාමා­න්‍යයි. අධ්‍යා­පන කට­යු­තු­වල යෙ දී සිටින අයට සිය උත්සා­හය තුළ අලුත් විෂ­ය­යන් කෙරෙහි හිත යොමු කළ හැකිය. හිස­ර­දය, ස්නායු දුර්ව­ලතා ආදි­යට ඉඩ පවතී.

ජය ­ව­ර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

මකර

 බාධා මැද රැකි­යාවේ දියු­ණුව

ලග්නා­ධි­පති ගුරු, කේතු 12, රාහු 6, රවි, බධ ලග්නයේ ද, සිකුරු 2, කුජ 11, සඳු 10 ගමන් ගනී. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යාමේ දී සුළු බාධා ඉස්මතු වුවත් ඒවා මැඬ­ප­ව­ත්වා­ගෙන තමාගේ කට­යුතු සාර්ථක කර ගත හැකිය. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබයි. ලාභ ප්‍රයෝ­ජන අත් වේ. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යුතු සාමාන්‍ය අන්ද­මට සිදු වේ. අධ්‍යා­පන ක්ෂේත්‍ර­වල යෙදී සිටින අයට සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. බඩ­වැල් ආශ්‍රිත පීඩා, උෂ්ණා­ධික රෝග, රුධිර පීඩ­නය, මල­බ­ද්ධය යනා­දි­යෙන් පරිස්­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙන­සු­රාදා

කුම්භ

විය­දම් පක්ෂය ඉහළ යයි

ලග්නා­ධි­පති ශනි, ගුරු, කේතු අය­ස්ථා­න­යේය. රාහු 5, රවි, බුධ 12, යෝග­කා­රක සිකුරු ලග්නයේ, කුජ 10 දිග්බ­ල­යෙන් ද සඳු 9 ද ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය සැල­කී­මේදී තම කට­යුතු කිරීමේ දී යම් බාධා අව­හි­රතා ඉස්මතු විය හැකි නිසා ඉව­සී­මෙන් ද කල්ප­නා­කා­රීව ද ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍ර­ව­ලදී බාධා ප්‍රමා­දතා ඇති විය හැකිය . මිල මුදල් ලැබීම අතින් අය­හ­පත් නොවන නමුත් විටෙක විය­දම් පක්ෂය ඉහළ යයි. ගෙද­ර­දොර කට­යු­තු­ව­ලදී වෙන­දාට වඩා මහ­න්සි­යෙන් ද වෙහෙ­ස­වීද ක්‍රියා කළ යුතුයි. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාලය, ධනය, ශ්‍රමය වැය වේ. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කර­ගත හැකිය.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙන­සු­රාදා

මීන

ඉව­සීම අව­ශ්‍යයි

ලග්නා­ධි­පති ගුරු, ශනි, කේතු 10, රාහු 4, රවි, බුධ අය­ස්ථා­නයේ ද, සිකුරු 12, සඳු 8, කුජ 9 ගමන් ගනී. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල ප්‍රධා­නීන් සමග කට­යුතු කිරී­මේදී ඉතා බුද්ධි­මත්ව ද විම­සි­ලි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් එත­රම්ම යහ­පත් නැත. ආදා­යම් ලැබුණ ද විය­දම් පක්ෂය අධික වේ. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­ව­ලදී කල්ප­නා­කාරී නොවු­ව­හොත් ණය­තු­රු­ස්වීමේ ඉඩ මතු වේ. ගෙද­ර­දොර කට­යුතු සහ යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී කේන්ති යන ගති ඉස්මතු වේ. ඉව­සී­මෙන් ක්‍රියා කළ යුතුයි. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­නය අව­ශ්‍යයි. අධ්‍යා­පන අංශ­ව­ලදී ඉතාම උනන්දු වන්න. ඇදුම, පපුව, පෙණ­හැල්ල ආශ්‍රිත රෝග, සෙම් පීඩා, ලේ දූශ්‍යා­බාධ යනා­දි­යෙන් පරිස්­සම් විය යුතුයි.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

Comments