
ධනු රාශිගතව සිටි සෙනසුරු ග්‍රහයා පසුගිය 24දා මකර රාශිගත විය. එය ලග්නවලට බලපාන්නේ මෙසේය.
මේෂ - ආර්ථික අංශයට වැඩි නැඹුරුවක්
රැකියා කටයුතු සම්බන්ධයෙන් ද යහපත්ය. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් මධ්‍යස්ථ ප්‍රතිඵල ලැබේ. ගෙදරදොර කටයුතු හා යුගදිවිය සම්බන්ධ කටයුතු තරමක් ඉවසිලිමත් විය යුතුයි. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන අංශවල නියුක්ත වූ අයට සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. ආර්ථික අංශයට වැඩි නැඹුරුවක් ද පෙන්වයි.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා
වෘෂභ - ආදායම් මාර්ග පෑදෙයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්ව උදා වේ. ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක නැත. මිල මුදල් ලැබීම අතින් ශුභදායකයි. ආදායම් මාර්ග පාදා ගත හැකිය. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම අවශ්‍යයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
මිථුන - ප්‍රේම සම්බන්ධතා වර්ධනය වෙයි
ආදායම් ලැබුණ ද වියදම් අධික වේ. කෙටි ගමන්බිමන් අධිකයි. බොහෝ විට නිෂ්ඵල ගමන්ය. කෙසේ වුවත් ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ඉගෙනීෙම් කටයුතුවලට පරිබාහිර දේවලට හිත ඇදී යයි. මූත්‍ර දෝෂ, ඇස්වල දුර්වලතා, උෂ්ණාධික, උදරාශ්‍රිත රෝගවලින් පරිස්සම් වන්න.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
කටක - උසස් නිලධාරීන් හා කටයුතු කල්පනාවෙන්
මිල මුදල් ලැබීම අතින් යහපත් වුව ද ඔබට වියදම් පක්ෂය පාලනය කර ගැනීම අසීරු වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වන්න. නොඑසේ නම් ණයතුරුස්වීමේ ඉඩ පවතී. වෘත්තීය සහ රැකියා අංශවලදී ද තරමක් කල්පනාකාරී වන්න. උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්න. සමඟිය සාමයට බාධා එල්ල නොවේ.
ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා
සිංහ - මිල මුදල් ලැබීම සතුටුදායකයි
වෘත්තීය සහ රැකියා ක්ෂේත්රවල දී තරමක් කල්පනාකාරී වන්න. උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේ දී සැලකිලිමත් විය යුතුයි. නොඑසේ නම් ආකූලතා මතු කළ හැකිය. මිල මුදල් ලැබීම සම්බන්ධයෙන් ශුභදායකයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. වාසිදායකයි. ගෙදරදොර කටයුතු සාමාන්‍ය වේ. දරවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසු වන්න. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.
ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා
කන්‍යා - අධ්‍යාපන කටයුතු සාර්ථකයි
වෘත්තීය සහ රැකියා අංශවලදී සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැකිය. අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබීම තුළ තමාගේ කටයුතු සාර්ථක වේ. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආදායම් මාර්ග පාදා ගනී. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැකිය. අධ්‍යාපන අංශවල යෙදී සිටින අය සාර්ථක පල ලබයි. උදරගත පීඩා, ලේ දූශ්යාබාධ, රුධිර පීඩනය, පපුව පෙණහැල්ල ආශ්‍රිත පීඩාවලින් පරිස්සම් වන්න.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
තුලා - වෙළෙඳ ව්‍යාපාරවලින් වාසි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී බාධා අවහිරතා ඉස්මතු වේ. විටෙක ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොවේ. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. වාසි සහගතයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධයෙන් ශුභයි. සමඟිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. දියුණුවක් ලබයි. අධ්‍යාපන අංශවල දී ශුභයි. අලුත් විෂයන් ඉගෙනීමට ලැබේ.
ජය වර්ණය- නිල්, අංකය- 06. දිනය- සිකුරාදා
වෘශ්චික - ගෙදරදොර කටයුතු කල්පනාවෙන්
වෘත්තීය සහ රැකියා කටයුතුවලදී කල්පනාකාරී වන්න. නොඑසේ නම් ආකූලතා මතු කළ හැකිය. විටෙක තද ලෙස කේන්ති යයි. ආවේගශීලී ද වේ. මිල මුදල් ලැබීම අතින් ශුභදායකයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් වැය වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට උත්සාහය තුළ ප්‍රතිඵල ලැබිය හැකිය.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා
ධනු - බාධා ආවත් රැකියාවේ දියුණුවක්
බාධා ප්‍රමාදතා මධ්‍යයේ වුව ද සිය උත්සාහය තුළ වෘත්තීය වශයෙන් ශුභයි. කෙසේ වුවත් උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේ දී සැලකිලිමත් වන්න. විවිධ ක්ෂේත්රයන්ට යොමු වීම තුළ ආර්ථික ලාභ ලබනු ඇත. ගෙදරදොර කටයුතු සැලකිලිමත් වන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට උත්සාහය අනුව සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා
මකර - මිල මුදල් ලාභ
අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් කෙරෙහි අවධානය යොමු වේ. වෘත්තීය සහ රැකීරක්ෂා අංශවල දී දියුණුවක් ලබයි. අන්‍යයන්ගේ සහාය ලබයි. විවිධ ක්ෂේත්රයන්ට යොමු වීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු යහපත්ය. දියුණුවක් ලබයි.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා
කුම්භ - දරුවන්ගේ කටයුතු සඳහා වෙහෙසෙයි
ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා මතු කළ හැකිය. වෘත්තීය සහ රැකියා අංශවල දී බාධා අවහිරතා ඉස්මතු වේ. මිල මුදල් ලැබුණ ද වියදම් අධික වේ. ගෙදරදොර කටයුතුවල දී යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ද ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා මතු කළ හැකිය. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා
මීන - සමපල ගෙන දෙන සතියක්
වෘත්තීය සහ රැකියා අංශවල දී බාධා අවහිරතාවලට ඉඩ පවතී. ආදායම් ලැබුණ ද වියදම් අධික වේ. ගෙදරදොර කටයුතුවල දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. නොඑසේ නම් සමඟියට සාමයට බාධා එල්ල වනු ඇත. දරුවන්ගේ කටයුතු උදෙසා කාලය, ශ්‍රමය, ධනය වැය වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට උත්සාහයෙන් ප්‍රතිඵල ලද හැකිය.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා