යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සංජය වනසිංහ | Page 17 | සිළුමිණ

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සංජය වනසිංහ

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් සංජය වනසිංහ යුද හමුදාපතිවරයා විසින් පත් කර තිබේ. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් චන්න වීරසූරිය විශ්‍රාම යෑමෙන් අනතුරුව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස සංජය වනසිංහ පත් කර තිබේ.

සංජය වනසිංහ මෙයට පෙර නියෝජ්‍ය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියේය. ඔහු හිටපු යුද හමුදාපති හැමිල්ටන් වනසිංහගේ පුත්‍රයාය. කොළඹ ඩී.එස්. සේනානයක විද්‍යාලයේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසු‍වකු වන ඒ මහතා යුද හමුදාවට එක් වන්නේ වසර 1989 කාලතුවක්කු බළකායටය. (රක්ෂණ ශ්‍රියන්ත)

Comments