![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/08/18/ranjith-siyambalapitiya.jpg?itok=W67nF6j4)
බඩඉරිගු සඳහා පනවා ඇති ආනයන බද්ද සංශෝධනය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඒ අනුව බඩඉරිඟු කිලෝග්‍රෑම් 1ක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද රුපියල් 25 දක්වා අඩු කර තිබේ. බඩඉරිඟු යොදාගෙන නිෂ්පාදනය කෙරෙන සත්ත්ව ආහාර මිල අඩු කිරීම මෙහි අරමුණය.