කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ විද්‍යා ප්‍රදර්ශනය සාර්ථකව අවසන් | සිළුමිණ

කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ විද්‍යා ප්‍රදර්ශනය සාර්ථකව අවසන්

කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ විද්‍යා දිනයට සමගාමීව “Exploratio 23” නමින් විද්‍යා ප්‍රදර්ශනයක්, විද්‍යාල භූමියේදී පසුගිය සිකුරාදා (08) පැවැත්විණ.
 
‘කෘතිම බුද්ධිය සහ මානව වර්ගයාගේ අනාගතය‘ යන්න තේමා කරගත් මේ ප්‍රදර්ශනය කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ විද්‍යා සංගමය මගින් සංවිධාන කළේය.
 
ත්‍රිවිධ හමුදාව,පොලිසිය ඇතුළු රාජ්‍ය අංශ ගණනාවක ප්‍රදර්ශන කුටි මේ ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කර තිබූ අතර,කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ නව නිපැයුම් ද මේ ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.
 
මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ අණුක ජීව විද්‍යාව හා ජෛව රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය චමරි එම්. හෙට්ටිආරච්චි මහත්මිය සහභාගී විය. 
 
සෙසු අරාධිතයින් ලෙස, අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා අධ්‍යක්ෂ සනත් බන්දුල මහතා,කලාප අධ්‍යාපන කාර්යාලයේ විද්‍යා අධ්‍යක්ෂ සංජීවනී මහත්මිය සහභාවුණි.
 
විද්‍යාලයේ විදුහල්පතිනි මධුකා දෑසමන් ප්‍රනාන්දු මහත්මිය,කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ පරිපාලන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චිත්‍රාල් කුලතුංග මහතා ද විද්‍යාලයේ ගුරුභවතුන් සහ සිසු සිසුවියන්ද, මේ අවස්ථාවට එක්ව සිටියා.ප්‍රදර්ශනය නැරඹීම සදහා අවට පාසල් දරුවන්ද සහභාගීවුහ.
ඡායාරූප - කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ ඡායාරූප සංගමය

Comments