වෛද්‍ය ස්ථාන මාරුවීම් 6000ක ගැටලුවට නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් 23 වැනිදා පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ තීන්දු තීරණවලට අනුව වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට එළැඹීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සිළුමිණට පැවසීය. වෛද්‍යවරුන්ගේ මාරුවීම්, පත්වීම් මෙන්ම ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම පැවරී ඇත්තේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා II) රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිගත නීතියට අනුව වුවත් 2020 සිට මේ දක්වා ස්ථාන මාරුවීම් 6000කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වී නොමැති බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.