ආචාර්ය පාලිත ගනේවත්තගේ කෘති දෙකක් ජුනි 28 දා ජනගත කෙරේ | Page 14 | සිළුමිණ

ආචාර්ය පාලිත ගනේවත්තගේ කෘති දෙකක් ජුනි 28 දා ජනගත කෙරේ

කොළඹ රුසියානු කේන්ද්‍රයට අනුබද්ධිත ‘රුසියානු සාහිත්‍ය කවය‘ සංවිධානය කරන ආචාර්ය පාලිත ගනේවත්ත විසින් පරිවර්තිත ‘ඇන්ටන් චෙකොව් පිළිබඳ සමකාලීනයන්ගේ සැමරුම් සටහන්‘ සහ ‘ඇන්ටන් චෙකොව්ගේ ලියුම්‘ නැමැති ග්‍රන්ථද්වය ජුනි මස 28 වැනිදා බදාදා පස්වරු 3 සිට 5 දක්වා කොළඹ රුසියානු මන්දිරයේදී ජනගත කෙරේ.

මෙහි ආරාධිත දේශනය පවත්වනු ලබන්නේ සාහිත්‍යවේදී කමල් පෙරේරා විසින් වන අතර, මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහ විසිනි.

මෙහිදී ඇන්ටන් චෙකොව් ගැන සිංහලෙන් හඬ කවන ලද පැය භාගයක වාර්තා චිත්‍රපටයක් ද දර්ශනය කිරීමට නියමිතය.

Comments