වැග්නර් නායකයා මිය ගිහින් | සිළුමිණ

වැග්නර් නායකයා මිය ගිහින්

රුසියාවේ වැග්නර් නායක යෙව්ගනී ප්‍රිගොෂීන් බටහිර ගුවන් අනතුරකින් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
රුසියානු බලධාරින් පවසන්නේ,  රහසිගත ගුවන් යානය  "කුෂෙන්කිනෝ" ගම්මානය ආසන්නයේ දී  කඩා වැටීමෙන් එහි සිටි දස දෙනෙකුගෙන් යුත්  පිරිස  මිය ගොස් ඇති බවයි. 
 
කුලීහේවා කණ්ඩායමේ වැග්නර් ප්‍රධානියා වූ "ප්‍රිගොෂීන්" සහ ඔහුගේ  ප්‍රධාන අනුගාමිකයා වූ " දිමිත්‍රි උට්කින්" ද, මෙම අනතුරින් මිය ගිය බවට, තහවුරු කොට තිබේ. 
 
"ප්‍රිගොෂීන්" ජූනි මාසයේ දී ව්ලැදිමීර් පුටින්ට ‍එරෙහිව දියත් කළ කැරැල්ලෙහි නායකත්වය හෙඹවීය. 
 
"ප්‍රිගොෂීන්"ට අයත් මෙම ගුවන් යානය, සංචාරකයින් 7 දෙනෙකු සහ ඔහුගේ අනුගාමිකයන් තිදෙනෙකු සමග මොස්කව් සිට ශාන්ත පීටර් බර්ග් දක්වා  පියාසර කරමින් සිටි බව, රුසියානු මාධ්‍ය අංශ පවසයි. 
 
එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කරන්නේ, ගුවන් යානය කඩා වැටී පොළොවේ වැදීමෙන් පසු ගිනි ගෙන  දැවී ගිය බවයි. මෙම අනතුරට හේතුව සොයා පරික්‍ෂ ක්‍රියාත්මකය.
 
යෙව්ගනි ප්‍රිගොෂින්ගේ අවසන් සජීවී දර්ශන ලැබී තිබුණේ, ඔහු අප්‍රිකාවේ සිටින අතරතුරදීය.
 
කෙසේවෙතත් මුල දී රුසියානු නායක ව්ලැද්මීර් පුටින්ගේ පක්ෂපාතියකු වූ වැග්නර් නායකයා, රුසියාවට එරෙහි කැරැල්ල දියත් කර ඉතා කෙටි කලකට පසු මෙසේ මිය යාම බරපතළ ලෙස ජගත් අවධානයට ලක් ව තිබේ.

Comments