සා/පෙළ විභාග ප්‍රවේශපත් අපේක්ෂකයන්ට කඩිනමින් දෙන්න | Page 14 | සිළුමිණ

සා/පෙළ විභාග ප්‍රවේශපත් අපේක්ෂකයන්ට කඩිනමින් දෙන්න

අපොස සාමාන්‍ය පෙළ-2022 (2023) විභාග ප්‍රවේශපත්‍ර කඩිනමින් අපේක්ෂකයන් අතට ලබා දෙන්නැයි විභාග කොමසාරිස් විදුහල්පතිවරුගෙන් ඉල්ලා සිටි.
 
අපොස සාමාන්‍ය පෙළ -2022 (2023) විභාග ප්‍රවේශපත්‍ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින් විභාග අපේක්ෂකයන්ට ලබා නොදී රඳවාගැනීම සිදු නොකළ යුතු අතර යම් අපේක්ෂකයකුට ප්‍රවේශපත්‍ර නොලැබීමෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම විදුහල්පතිවරයා විසින් භාරගත යුතු බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී අමිත් ජයසුන්දර මහතා පවසයි.
 
සාමාන්‍ය පෙළ විභාගය මේ මස 29වැනිදා ආරම්භ වේ. 
 
විභාග කාලසටහන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk බාගත කරගත හැකිය.
 
විභාගයට අදාළ කිසියම් ගැටලුවක් වේ නම් 1911 ක්ෂණික දුරකතන අංකයෙන් හෝ 0112784208, 0112784537, 0112785922, 0112786616 දුරකතන අංකවලින් දැනගත හැකිය.

Comments