පාස්කු නඩු දෙක යළි කැඳවන්නැයි අභියාචනා පෙත්සමක් | Page 17 | සිළුමිණ

පාස්කු නඩු දෙක යළි කැඳවන්නැයි අභියාචනා පෙත්සමක්

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර වළක්වා නොගැනීමට එරෙහි අධි චෝදනා නඩු දෙකෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදොස්කොට නිදහස් කිරිමේ මහාධිකරණ තීන්දු දෙක අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබේ.

පූර්ණ නඩු විභාගයක් නොපවත්වා, විත්තිවාචකයක් නොකැදවාම විත්තිකරුවන් නිදහස් කිරිම නඩුවේ කරුණු අනුව වැරදි සහගත බවත්,එම තීන්දු දෙක විසුරුවා හරිමින් නඩු යළි විභාග කිරීමට නියෝග කරන ලෙසත් ඉල්ලා මෙම අභියාචනය ගොනු කර ඇත.

 

 

 

Comments