හේමාස් චාරිකා සහ ගු වන්සේවා සමූහය ‘ACORN’ නමින් ප්‍රතිසන්නාම ගතවේ | සිළුමිණ

හේමාස් චාරිකා සහ ගු වන්සේවා සමූහය ‘ACORN’ නමින් ප්‍රතිසන්නාම ගතවේ

Acorn සමූහය, චාරිකා සහ ගුවන්සේවා කර්මාන්තය තුළ බහුවිධ ව්‍යාපාරයන් සහ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සන්නාමයන් රැසකට හිමිකම් කියනු ලබයි. මෙම සමූහයේ මූලිකත්වය හොබවන්නේ, අත්දැකීම් බහුල වෘත්තිකයන් කණ්ඩායමක් විසිනි. චාරිකා සහ සංචාරක කර්මාන්තයේදිනෙන් දින අලුත්වන වටපිටාව අනුව හැඩගැසෙමින්, අසම-සම, විශිෂ්ට සේවාවක් සැපයීම එම කණ්ඩායමේ මූලික අරමුණයි.

චාරිකා සහ ගුවන්සේවා කර්මාන්තය තුළ සාර්ථකත්වය කරා යන ගමනේ දී, ගුවන්සේවා, ගමනාන්ත කළමනාකරණය සහ විදේශ චාරිකා යන අංශ තුන හරහාවිශිෂ්ට ගණයේ සැලසුම් සහ සේවාවන් රාශියක් පිරිනමන්නට Acornකටයුතු කර ඇත. තවද, Acorn සමූහය මේ අන්දමින් සාර්ථකත්වය කරා මෙහෙයවන්නට පෙරමුණ ගෙන සිටිනුයේ, මෙම කර්මාන්තය තුළ දැවැන්තයින් ලෙස නම් දරා සිටින වෘත්තිකයන් වන මාලිංග අර්සකුලරත්න, දර්ශන පෙරේරා, හරිත් පෙරේරා, දුෂී ජයවීර, සුරංජිත් ද ෆොන්ස්කා සහ හුසේන් හබීබ් යන මහත්වරුන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමකි.

විනෝද කටයුතු සහ ආයතනික චාරිකා යන අංශ දෙක වෙතම පැකේජ වශයෙන් මෙන්ම පුද්ගලික අවශ්‍යතාවන්ට ගැළපෙන අන්දමට සැකසූ චාරිකා විසඳුම් ලබාදෙමින් ලොව පුරා අත්දැකීම් අත්විඳීමේ අවස්ථාව සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදීමේ සුවිශේෂී නාමයක් මෙම සමාගම හිමිකරගෙන ඇත. චාරිකා කර්මාන්තයේ පුරෝගාමියෙකු වශයෙන්, දේශීය හා විදේශීය ගුවන් සමාගම්, නැව් සමාගම්, බස්රථ චාරිකා, දුම්රිය චාරිකා, වීසා උපදේශන සහ ගුවන් තොටුපළ වල විවේකාගාර වෙන්කරවා ගැනීම් ඇතුලුව, සියල්ල අඩංගු චාරිකා විසඳුම් ලබාදීම අතින් ද ඉදිරියෙන්ම සිටින සමාගමකි.

Comments