ලංකා­සෝයි වෙත රන් සම්මා­න­යක් | සිළුමිණ

ලංකා­සෝයි වෙත රන් සම්මා­න­යක්

සිලෝන් බ්ස්කට්ස් සමා­ගමේ අනු­බ­ද්ධිත සමා­ග­මක් වන කන්වී­නි­යන්ස් ෆුඩ්ස් (ලංකා) පීඑල්සී සමා­ගමේ නව­තම සෝයා නිෂ්පා­ද­නය වන ලංකා­සෝයි කිරි­මාළු, 2019 SLIM සන්නාම විශි­ෂ්ටතා සම්මාන උලෙළේ­දී­ ව­සරේ විශි­ෂ්ට­තම නව හඳුන්වා දීමට හිමි රන් සම්මා­න­යෙන් පිදුම් ලැබු­වේය.

"ශ්‍රී ලංකා අලෙ­වි­ක­රණ ආය­ත­නය විසින් සංවි­ධා­නය කරන ලද SLIM සන්නාම විශි­ෂ්ටතා සම්මාන උළෙල මෙවර පැවැ­ත්වුණේ 18 වන වතා­ව­ටයි. SLIM සන්නාම විශි­ෂ්ටතා සම්මාන උළෙල ජාතික මට්ට­මින් අලෙ­වි­ක­ර­ණයේ සුවි­ශේෂී දස්කම් අග­යන වසරේ දැවැ­න්තම වැඩ­ස­ට­හ­නක් ලෙස හැඳි­න්විය හැක.

ලංකා­සෝයි විසින් වෙ‍ෙළ­ඳ­පො­ළට ඉදි­රි­පත් කරන පුළුල් පරා­ස­යක විහි­දුණු විශිෂ්ට සෝයා නිෂ්පා­දන පෙළට එක් වූ ප්‍ර­ථම කිරට නිෂ්පා­ද­නය වන ‘ලංකා­සෝයි කිරි­මාළු’’ ගෘහා­ශ්‍රිත සම්ප්‍රදායික කිරි­මාළු රස­යට ආදේ­ශ­ක­යක් බව කිව හැකිය. සෝයා නිෂ්පා­දන ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකා ප්‍ර­මිති සහ­ති­කය (SLS) හිමි කර ගත් ප්‍ර­ථම සමා­ගම වන ලංකා­සෝයි, ඉහළ ගුණා­ත්මක බවින් යුතු නිෂ්පා­දන ක්‍රියා­ව­ලි­කට හිමි­කම් කියන සමා­ග­මක් ලෙස සිය නාමය තව­දු­ර­ටත් ස්ථාපිත කර­මින්, ISO 9001:2008, ISO 22000:2005, GMP, HACCP තත්ත්ව සහ­ති­ක­ව­ලට ද හිමි­කම් පා ඇත.

‘‘සුවි­ශේෂී රස­ය­කින් සම­න්විත ලංකා­සෝයි කිරි­මාළු නිෂ්පා­ද­නය වසරේ විශි­ෂ්ට­තම නව හඳුන්වා දීමට හිමි රන් සන්නා­ම­යට හිමි­කම් කීම අප සමා­ගම ලැබූ විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක්. මෙම නිෂ්පා­ද­නය වෙෙළ­ඳ­පො­ළට හඳුන්වා දීමේ සිටම ඉහළ පාරි­භෝ­ගික ඉල්ලු­මක් ඒ සඳහා පැව­තුණු අතර එයට ප්‍ර­ධාන හේතුව ලෙස අප නිෂ්පා­ද­න­යන්හි දක්නට ලැබෙන දිව පින­වන රසය සහ අස­ම­සම ගුණ­ත්වය හැඳි­න්විය හැක.

අප සමා­ග­මක් ලෙස නිර­න්ත­ර­යෙන්ම බලා­පො­රොත්තු වන්නේ, නොක­ඩවා පර්යේ­ෂණ සිදු කර­මින් සහ නිෂ්පා­දන ක්‍රියාව­ලීන් වැඩි දියුණු කර­මින් පාරි­භෝ­ගි­කයා ගෙවන මුද­ලට වඩා වටි­නා­ක­මක් ඔවුන්ට හිමි කර දීම­ටයි. එම උත්සා­හය නිසාම මෙවැනි සුවි­ශේෂී සෝයා නිෂ්පා­දන රැසක් පාරි­භෝ­ගික ජන­තාව වෙත ලබා දීමට අප සමත්ව තිබෙ­නවා’’.

CBL සමු­හයේ ආහාර අංශයේ අලෙවි සාමා­න්‍යා­ධි­කාරී ජයංග පෙරේරා මහතා ජය­ග්‍ර­හ­ණය පිළි­බඳ සිය අද­හස් දක්ව­මින් පවසා සිටි­යේය.

Comments