20 වැනි DSI සුපර් ස්පෝර්ට් වොලි­බෝල් ශුරතා තර­ගා­ව­ලිය’ | සිළුමිණ

20 වැනි DSI සුපර් ස්පෝර්ට් වොලි­බෝල් ශුරතා තර­ගා­ව­ලිය’

DSI සමා­ගම විසින් 1991 වසරේ සිට ශ්‍රී ලංකා වොලි­බෝල් සම්මේ­ල­නය හා අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය සමඟ එක්ව සංවි­ධා­නය කරනු ලබන මෙම ශුරතා තර­ගා­ව­ලියේ අර­මුණ බවට පත්ව ඇත්තේ නග­ර­බද හා ග්‍රාමීය වොලි­බෝල් ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ට අව­ස්ථාව ලබා­දීම හා අවශ්‍ය සහ­යෝ­ගය ලබා­දී­මත්, ඔවුන්ට සිය කුස­ලතා පෙන්ව­මින් ජාතික හා ජාත්‍ය­න්තර පිටිය තුළ තව­දු­ර­ටත් ඉදි­රි­යට යෑමට අව­ස්ථාව සල­සා­දෙන ජාතික මට්ටමේ වේදි­කා­වක් ගොඩ­නැ­ඟී­මත්ය.

තර­ගා­ව­ලිය සඳහා වූ අයැ­දු­ම්පත් පෙබ­ර­වාරි 15 වැනි දා සිට අදාළ පාස­ල්ව­ලින් සහ දිව­යින පුරා පිහිටි DSI ප්‍රද­ර්ශ­නා­ගා­ර­ව­ලින් ලබා­ගැ­නී­මට හැකිය. සම්පූර්ණ කරන ලද අයැ­දු­ම්පත් ළඟම පිහිටි DSI ප්‍රද­ර්ශ­නා­ගා­රය වෙත භාර­දිය යුතුය. එමෙන්ම අලෙවි අංශය, නො 257, හයි­ලෙ­වල් පාර, නාවින්න, මහ­ර­ගම යන ලිපි­න­යට තැපැල් මඟින් යොමු­කි­රී­මට ද අව­ස්ථාව ඇති අතර සිය­ලුම අයැ­දු­ම්පත් පෙබ­ර­වාරි 25 වැනි­දාට පෙර යොමු කළ යුතුය.

“2020 වසර DSI සුපර් ස්පෝර්ට් පාසල් වොලි­බෝල් ශුරතා තර­ගා­ව­ලියේ 20 වැනි අදි­යර සනි­ටු­හන් කිරීම නිසා එය DSI සමා­ගමේ අපට ඉතා­මත් සුවි­ශේෂී අව­ස්ථා­වක්. දිව­යින පුරා පාස­ල්වල යොවුන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් හඳු­නා­ගැ­නීමේ වේදි­කා­වක් බවට පත්ව ඇති, බොහෝ දෙනා අපේක්ෂා කරන වාර්ෂික තර­ගා­ව­ලි­යක් වන මෙයට අනු­ග්‍රා­හ­ක­ත්වය ලබා­දී­මට හැකි­වීම DSI සමා­ගට සතු­ටක් වගේම වර­ප්‍ර­සා­ද­යක්.” යනු­වෙන් ඩී. සැම්සන් සහ පුත්‍රයෝ (පෞද්ග­ලික) සමා­ගමේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ තුසිත රාජ­පක්ෂ මහතා සඳ­හන් කළේය.

Comments