උසස්වීම් ඉල්ලා සැරයන්වරු 366ක් අභියාචනාධිකරණයට | සිළුමිණ

උසස්වීම් ඉල්ලා සැරයන්වරු 366ක් අභියාචනාධිකරණයට

වසර තිහක් සේවා කාලය සපුරා ඇති තමන්ව උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස් සැරයන්වරු 366 දෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ, මේ වන විට වසර 30 සේවා කාලය සපුරා සිටින තමන් වයස අවුරුදු 50 ඉක්මවා සිටින පූද්ගලයන් බවය.

2019 වසරේ මැයි මස 09 වනදා වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයක් මඟින් 2018 වසරේ දෙසැම්බර් මස 31 වනදාට වසර 12 ක් සේවා කාලය සපුරා ඇති පොලිස් සැරයන්වරු උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කරන ලෙස නියම කර තිබුණ ද තමන්ට එම උසස් වීම් නොලැබුණු බව පෙත්සම්කරුවන් සඳහන් කළේය.

 

Comments