
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ගොනු කර ඇති ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලීම සඳහා ලබන 11 වැනිදා යළි කැඳවීමට නියමිතයි
එම පෙත්සම් අද සලකා බලමින් අභියාචනාධිකරණය අද නියෝග කළේ ය.
ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලුණේ, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේයි.
මහාධිකරණය විසින් ඇප අවලංගු කරමින් පසුගිය 13 වැනිදා නිකුත් කළ නියෝගය ප්‍රතිශෝධනය කිරීමට තරම් සාධාරණ හා ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නොමැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් ප්‍රකාශ කළේ ය.
එබැවින් නීතිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ රාජිත සේනාරත්නගේ ප්‍රතිශෝධන අයදුම්පත විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙසයි.
එම ප්‍රතිශෝධන අයදුම්පත් සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා විසින් අද සිදුකරනු ලැබී ය.