
අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම සලකා බැලීම සඳහා හෙට (24) දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.
එම පෙත්සම අද (23) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.ඒම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක අධිකරණය හමුවේ දන්වා සිටියේ, පෙත්සම්කාර පාර්ශවය විසින් අධිකරණයේ අනුමැතියකින් තොරව සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන බව ය.
මෙම සංශෝධිත පෙත්සමට අදාළ ලේඛන තමන් වෙත නිසි පරිදි ලැබී නොමැති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.