සංස්කෘ­තිය | Page 3 | සිළුමිණ

සංස්කෘ­තිය

දියෙ­ස්පෝ­රාව සම්බ­න්ධ­යෙන් දැන් විවිධ අද­හස් ඉදි­රි­පත් වෙමින් තිබෙ­නවා. දියෙ­ස්පෝ­රාවේ මුල් ලිපියේ සඳ­හන් මගේ diaspora නිර්ව­ච­න­යට ඌන­පූ­ර­ණ­යක් ඉදි­රි­පත් කරන ටයි­ටස් පද්ම­සිරි diaspora වච­නය සඳහා අලුත් සිංහල වච­න­යක් යෝජනා කර­නවා. ටයි­ටස් කියන්නේ, ක්‍රි.ව. 18 දී රෝමයේ ටයි­ටස් අධි­රා­ජයා විසින් ඊශ්‍රා­යෙ­ලය යටත් කොට යුදෙ­ව්වන් පරා­ජ­යට පත් කළ පසු වූ යුදෙ­ව්වන්ගේ විසි­රීම හැඳි­න්වීම සඳහා යෙදු dispora වච­නය, 1815 අප රට පාවා­දී­මට සමාන වන අතර, පෙර අපේ රට සිංහලේ නමින් හැඳින්වූ හෙයින්, එයට වඩාත් ගැළ­පෙන ලෙස “සිංහලේ විසි­රි­යාව” නැති නම් “හෙළ විසි­රි­යාව” ලෙස හැඳි­න්වීම වඩාත් සුදුසු බවයි. එම අද­හස තව­දු­ර­ටත් සාක­ච්ඡා­වට යොමු කරන අතර, පසු­ගිය සතියේ සාක­ච්ඡා­වට බඳුන්වූ මවු භාෂාව පිළි­බඳ සංවා­දය තව­දු­ර­ටත් පව­ත්වා­ගෙන යෑම කළ යුතු යැයි අද­හස් කළෙමි.

දියෙ­ස්පෝරාවේ වැඩ­ක­ට­යුතු කිරී­මට දරු­වන්ට මවු භාෂාව අත්‍ය­ව­ශ්‍ය­මද? යන ප්‍රශ්නය පසු­ගිය සතියේ ලිපිය කියවූ කෙනෙ­කුට නැඟෙ­න්නට පුළු­වන. උත්ත­රය කිසි­සේත්ම නැත යන්නයි. ඔබ ඔබේ මවු­බිමේ සංස්කෘ­තිය පිළි­බඳ දක්වන්නේ අඩු තක්සේ­රු­වක් නම්, මවු භාෂාව ඔබට අදාළ නැත. එයින් අද­හස් වන්නේ ඔබේ දරුවා කුමන කෙනෙකු සමග රාත්‍රියේ නිව­සට ඇතුළු වන්නේද යන්න ඔබට ගැට­ලු­වක් නොවන බවයි.

එහෙත් ඔබ මවු­බිමේ සංස්කෘ­තිය දියෙ­ස්පෝ­රා­වේ­දීත් අනු­ග­ම­නය කිරී­මට සිතන්නේ නම් එම සංස්කෘ­තිය සම්බ­න්ධ­යෙන් දරු­වන් නඟන සහ ඇති කරන ප්‍රශ්න­ව­ලට පිළි­තුරු සැප­යී­මට, ඔවුන් යහ­ම­ඟට ගැනීම සදහා උප­දෙස් දීමට, ඔබට හොඳ ඉංග්‍රීසි ඥාන­යක් තිබිය යුතුය. එසේ ඔබට ඉංග්‍රීසි ඥාන­යක් නැති නම් දරු­වන්ට මවු භාෂාව අම­තක නොකළ යුතුවා මෙන්ම, දරු­වන්ට මවු භාෂාව ඉගැ­න්විය යුතු බව මගේ අද­හ­සයි. එසේ නැති වුව­හොත් දරු­වන් ඔබට You guys mind your own business! යනු­වෙන් අම­තන විට ඔබ පමා වී හමා­රය. මෙය දරු­වන්ගේ වර­දක් නොවේ ඔබ වැපුරු දේ ඵල ඔබ විසින්ම නෙළනා අව­ස්ථා­වයි.

මේ අතර මවු භාෂාව සම්පු­ර්ණ­යෙන්ම අම­තක මවු­පි­යන් මෙන්ම දරු­වන් සිටින, එහෙත් සංස්කෘ­තිය අනු­ග­ම­නය කරන පවුල්ද දියෙ­ස්පො­රාවේ නැත්තේ නොවේ. ඒ අනෙ­කක් නිසා නොව එම දරු­වන්ට මඟ පෙන්වීම සදහා මවු­පි­යන්ට හොඳ ඉංග්‍රීසි භාෂා ඥාන­යක් තිබීමේ හේතු­වයි.

සාමා­න්‍ය­යෙන් බාල වයස් දරු­වන් භාෂා­වක් උක­හා­ගන්නා වේගය වැඩි­හි­ටි­යන් භාෂාව උක­හා­ගන්න වේග­යට වඩා වැඩිය. මගේ සොහො­යු­රාගේ දිය­ණිය ඊට උදා­හ­ර­ණ­යකි. ඇය කැන­ඩා­වට පැමි­ණෙන විට ඇයගේ වයස අවු­රුදු 3ක් පමණ වන්නට ඇත. ඒ වන විට මොන්ටි­සෝරි පාස­ල­කට හෝ නොයන වය­සක සිටි ඇය මාස තුන­ක­ටත් අඩු කාල­ය­කදී ඉංග්‍රී­සි­යෙන් තෙප­ල­න්නට පට­න්ග­ත්තාය. ගෙද­රම සිටි ඇය කෙසේ ඉංග්‍රීසි භාෂාව ඉගෙ­න­ග­ත්තේද යන්න අපට ප්‍රශ්න­යක් විය. පසුව හෙළි වුයේ දවස පුරා "ට්‍රී හවුස්" නම් ළමා නාළි­කාව නර­ඹන ඇය භාෂාව එම­ඟින් උක­හා­ගත් බවයි. ඒනිසා දියෙ­ස්පොරා දරු­වන්ට ඉංග්‍රීසි ඉගැ­නීම පිළි­බඳ බිය­විය යුතු නැති අතර අවශ්‍ය වන්නේ මවු භාෂාව අම­තක නොකි­රී­මට වග­බලා ගැනී­මයි.

අනෙක් අතින් වැඩි­හි­ටි­යෙකු ලෙස දියෙ­ස්පෝ­රා­ගත වූ පුද්ග­ල­යෙ­කුට මවු භාෂාව අම­තක වන්නේය යන්න තර­මක් විහි­ළු­ස­හ­ග­තය. දියෙ­ස්පෝ­රවේ මගේ මිත්‍ර­යෙකු වන හැරිස් මාපා මට ප්‍රකාශ කළ පරිදි ඔහුට හමුවූ වයස අවු­රුදු 42දී කැන­ඩා­වට පැමිණි පුද්ග­ල­යෙ­කුට අවු­රුදු 62 දී මවු භාෂාව අම­තක වීම එවැනි විහි­ළු­වකි.

එවැනි විහිළු සප­යන්නෝ දියෙ­ස්පො­රාවේ ඕනෑ තරම් සිටිති. දිනක් ව්‍යාපා­රික කට­යු­ත්තක් සඳහා කාන්තා­ව­ක­ගෙන් මට ලැබුණු දුර­ක­තන පණි­වු­ඩ­යක් මතක් වන සෑම මොහො­ත­කම තව­මත් සිනහ උප­ද­වයි. ශ්‍රී ලංකික ඌරු­ව­කින් ඉංග්‍රීසි භාෂා­වෙන් කතා කළ ඇය අමු­තුම උච්චා­ර­ණ­ය­කින් යුතුව සිය සිංහල නම ප්‍රකාශ කර සිටි­යාය. ඇය ඇයගේ සිංහල නම සඟ­වන්ට බල­වත් උත්සා­හ­යක් ගන්නා බව පැහැ­දිලි විය. මහත් පට­ලැ­වි­ල්ලක් වූ එම ඌරුව නිසා ඇයගේ නම හරි­හැටි තේරු­ම්ගැ­නී­මට නැව­තත් ඇය­ගෙන් විමසූ විට අව­සා­නයේ මට පැහැ­දිලි වූයේ ඇයගේ නම “සිරි­ය­ලතා” බවයි. ඇය නැව­තත් එම කට­යුත්ත සඳහා මට කතා කළේ නැත. පසුව හෙළි වූයේ ඇය සති කිහි­ප­යක නිවා­ඩු­වක් සඳහා ශ්‍රී ලංකාවේ සිට කැන­ඩා­වට පැමිණ සිය නැන්ද­ණි­යගේ නිවසේ නවා­තැන් ගෙන සිටි තැනැ­ත්ති­යක බවයි.

එවැනි තවත් පුද්ග­ල­යෙකු පිළි­බඳ මගේ මත­කය අවදි වෙයි. ඔහු මා මෙහි පැමිණි මුල් අව­දියේ හමු වූ පුද්ග­ල­යෙකි. කාල­ය­කට පසුව ඔහු නැවත හමු වූ මට ඔහු ඔහු­වම හඳුන්වා දුන්නේ "ගැමේජ්" යනු­වෙනි. මගේ මත­කයේ හැටි­යට දියෙ­ස්පෝ­රවේ මා දන්නා ගැමේජ් කෙනෙකු නැත. නමුත් මේ පුද්ග­ල­යාගේ කතා­වෙන් මා හොඳින් දන්නා බව හැඟ­වුණු නිසා තව­දු­ර­ටත් විමසා සිටින විට හෙළ වූයේ ඔහු “ගමගේ” බවයි. තමන්ගේ නම, තම සංස්කෘ­තියේ එක් අංග­යකි එය ආත්ම ශක්ති­ය­කින් යුතුව ඉදි­රි­පත් කිරී­මට ඔබට නොහැකි නම් එය ප්‍රශ්න­යකි. මේ ආකා­ර­යෙන් තම සංස්කෘ­තිය පිළි­බද අඩු තක්සේ­රු­වෙන් කට­යුතු කරන්නේ අපේ රටේ අය පම­ණ­ක්මද? ඒ පිළි­බඳ අපි පසුව කතා කරමු.

ඒ අනුව නැඟෙන අනෙක් ප්‍රශ්නය නම් සංකෘ­තිය දියෙ­ස්පෝ­රා­වට අව­ශ්‍ය­ද­මද? යන කාර­ණ­යයි. දියෙ­ස්පෝ­රාව ගොඩ­නැ­ඟෙන්නේ මවු­බි­මට ඇති බැඳීම මතය. එය සාපේක්ෂ වශ­යෙන් එකි­නෙ­කාගේ තේරීම අනුව සිදු­ව­න්නකි.

බොහෝ මෑතක ගොඩ­නැ­ඟුණු රට­වල අවේ­ණික පැරණි සංස්කෘ­ති­යක් දක්නට නොලැ­බු­ණද එම රට­වල ජන­තාව පවා තමන් විසින් ගොඩ­න­ඟා­ගත් නවීන සංස්කෘ­තික අංගෝ­පාං­ග­ව­ලට ඇලුම් කරති. උදා­හ­ර­ණ­යක් ලෙස කැනඩා යුද­හ­මු­දාව විදෙස් රට­වල යෙදවූ එක අව­ස්ථා­වක එම සොල්දා­දු­වන්ගේ ඉල්ලීම මත කැන­ඩාවේ ජන­ප්‍රිය "ටිම් හෝර්ටන්" (Tim Hortan) කෝපි අප­න­ශා­ලාවේ ශාඛා­වක් කැනඩා රජය විසින් එවැනි රටක පිහි­ටු­වූවා මට හොඳට මත­කය. ටිම් හෝර්ටන් කැනඩා සංස්කෘ­තික ලක්‍ෂ­ණ­යකි. කැන­ඩාවේ ඕනෑම නග­ර­යක ඕනෑම උදෑ­ස­නක ටීම් හෝර්ටන් ආප­න­ශාලා අසල drive through (සිංහල වච­න­යක් යෝජනා කරන්න) වල ඇති රිය පෙළ දුටු­ව­හොත් ඔබ එයට එකඟ වනු ඇති. උදෑ­සන වැඩට යන­ග­මන් ටීම් හෝර්ටන් එකෙන් කෝපි­එ­කක් ගෙන ගමනේ යෙදීම සාමාන්‍ය කැනඩා සංස්කෘ­තියේ අංග­යකි. (හැබැයි මේ කැන­ඩාවේ නියම භුමියේ උරු­ම­ක­රු­වන්ගේ සංස්කෘ­තිය නොවෙයි. ඒ ගැනත් අපි පසුව කතා කරමු.) ඉතින් අවු­රුදු 150ක් වයස ඉති­හා­ස­යක් ඇති කැනේ­ඩි­යා­නු­වන්ට තිබෙන තම සංස්කෘ­තිය පිළි­බඳ ඇති ඇල්ම අවු­රුදු දෙද­හස් පන්සි­ය­ය­කට වඩා දිගු ඉති­හා­ස­යක් හිමි අපිට නැති විය යුත්තේ ඇයි?

මේ අත­රම මේ ගැනත් කතා කළ යුතුය. සංස්කෘ­ති­යෙන් වියුක්ත සමා­ජ­යක් පිළි­බඳ අද­හ­සට ප්‍රමු­ඛ­ත්ව­යක් පසු­ගිය වක­වා­නුවේ බල­යට පත් වූ මවු­බිමේ රජ­යක් විසින් ලබාදී තිබු බව අපට මත­කය. එලෙස උපුටා දක්වන සංස්කෘති වියුක්ත භාවය දියෙ­ස්පො­රාවේ කොයි ආකා­ර­යෙන් පව­තී­දැයි ඒ අව­ධි­යේදී මම සොයා බැලු­වෙමි. මා සිටිනා කැන­ඩාවේ ප්‍රධාන සංස්කෘ­තිය වන්නේ යුදෙව්-ක්‍රිස්ති­යානි සම්භ­ව­යක් සහිත යුරෝපා සංස්කෘ­ති­යයි. ලංකාවේ පසු­ගිය වක­වා­නුවේ ආදේශ කර­න්නට උත්සහ කළ සංස්කෘ­තික වියුක්ති තත්ත්වය මේ රටේ දක්නට ලැබෙන්නේ නම් එය මෙහි විශාල නගර ආශ්‍රි­තව පව­තින උප සංස්කෘ­ති­යකි. එවැනි උප සංස්කෘ­ති­යක් මේ රට­වල ප්‍රධාන සංස්කෘ­තිය බවට පත් වීමට කිසි­සේත්ම ඉඩක් නැත. එසේ නම් එවැනි උප සංස්කෘ­ති­යක් වසර දෙද­හස් පන්සි­ය­ක­ටත් වඩා ඉපැ­රණි මහා සංස්කෘ­ති­යක් සදහා ආදේශ කළ හැක්කේ කෙසේද?

දියෙ­ස්පෝ­රාවේ ඔබේ අත්දැ­කීම් අපට ලියන්න:

[email protected]

Comments