අපේ රටේ මුල් ම සිතියම ඇන්දේ ටොලමි නමැති ග්‍රීක ජාතිකයෙකි. ඔහු ජිවත් වූයේ ව්‍යවහාර වර්ෂයෙන් දෙවැනි සිය වසෙහි ය. ඒ කාලයෙහි ලංකාවේ පිහිටි ගම් නගර ගංගා හා කඳුවැටි අතුරින් වඩාත් ප්‍රසිද්ධියට පත් ව තිබුණු ස්ථාන මෙහි දක්වා ඇත. රෝම අකුරින් ලියා ඇති ඒ නම් සමහරක් දළ වශයෙන් හඳුනා ගත හැකි ය.
Anubingara : අනුබින්ගර
“අනුබින්ගර” පිහිටියේ නැගෙනහිර පළාතෙහි නාගදීපයට මඳක් උතුරිනි. එය පිහිටියේ “නාගඩිබ” නම් ස්ථානයට උතුරිනි.
Anurogrammi : අනුරොග්රම්මි
මෙයින් අදහස් කරන්නේ එදා “අනුරාධ ග්‍රාම” නමින් හැඳින්වුණු “අනුරාධපුරය” බව පැහැදිලි ය. එහෙත් එය මෙහි දක්වා ඇත්තේ බටහිර මුහුදට ආසන්නව ය.
Bocani : බොකනි
මෙය පිහිටියේ මලය කඳුවැටියට දකුණෙනි. වර්තමාන “බදුල්ල” පිහිටි පෙදෙසෙහි ය.
Bumafani : බුමෆනි
මෙය පිහිටියේ වර්තමාන කොළඹ පිහිටි හරියෙහි ය. ඊට උතුරින් ඇත්තේ “සන්ඩොකන්ඩ” පෙදෙස යි.
Galibi : ගලිබි
මෙය ලංකාවෙහි උතුරින් ම පිහිටි ස්ථානය යි. අද යාපනය පිහිටා ඇති පෙදෙසෙහි ය.
Hodoca : හොඩොකා
මෙය පිහිටියේ “අසානුස්” ගඟට දකුණෙනි.
Malea montes : මලය මොන්ටෙස්
මෙය “මලය කඳුවැටිය” බව පැහැදිලි ය.
Moduta : මොදුටා
මෙය පිහිටියේ “අනුබින්ගරා” නුවරට උතුරිනි.
Nagadiba : නාගඩිබ
මෙයින් අදහස් කරන්නේ “නාග දීප” බව පැහැදිලි ය. එහෙත් එය පිහිටා ඇත්තේ උතුරෙහි නොව නැගෙනහිර පළාතෙහි ය.
Nanigiri : නනිගිරි
මෙය පිහිටියේ වතමන් යාල අභයභූමිය පිහිටි පෙදෙසෙහි ය. “ගිරි” යනු පර්වතයක් නිසා මෙය වර්තමාන “සිතුල්පව්ව” විය හැකි ය.
Procuri : ප්රොකුරි
මෙය පිහිටියේ වර්තමාන තිරිකුණාමලය පිහිටි හරියෙහි ය.
Pafcura Elephantum:
පෆ්කුරා එලිෆන්ටුම්
මෙය පිහිටියේ “බොකානි” හා “රොලන්ඩානි” අතර ය.
Rhogandani : රොගන්ඩානි
මෙය පිහිටියේ වර්තමාන “රත්නපුරය” ඇති ප්‍රදේශයෙහි ය.
Sandokanda : සන්ඩොකන්ද
මෙය පිහිටියේ වර්තමාන “මීගමුව” පිහිටි පෙදෙසෙහි ය.
Semni : සෙම්නි
ගංගා පහක නම් මේ සිතියමෙහි එයි:
Phafis fl. : ෆෆිස්
මෙය ගලා යන්නේ වර්තමාන උතුරු මැද පළාතෙහි පිහිටි “ගලිබි” නම් කඳු වැටියක සිට යාපනේ අසලින් උතුරු මුහුදට ය.
Ganges fl. : ගන්ජස්
මෙය ගලා යන්නේ වර්තමාන උතුරු මැද පළාතෙහි පිහිටි “ගලිබි” කඳු වැටියෙහි සිට දකුණු දිශාවට ය.
Soana fl. : සෝනා
මෙය ගලා යන්නේ වර්තමාන “මලය” කඳුවැටියෙහි සිට නැගෙනහිර දිශාවට ය. එය මුහුදට වැටෙන්නේ වර්තමාන පුත්තලම අසලිනි. මෙය වර්තමාන “මහ ඔය” විය හැකි ය.
Azanus : අසානුස්
මෙය “මලය” කඳුකරයෙහි සිට දකුණු දිශාවට ගලා බසින්නකි. එය වර්තමාන “කැලණි ගඟ” හෝ “කළු ගඟ” විය හැකි ය. ඊට පහළින් ඇත්තේ “හොඩොකා” නම් ස්ථානය යි.
Baracus fl. : බරකුස්
මෙය “මලය” කඳුකරයෙහි දකුණු පැත්තේ සිට නැගෙනහිර දිශාවට ගලා ගොස් මුහුදට එක් වෙයි. ඊට පහළින් ඇත්තේ “නනිගිරි” යි.
කඳු වැටි දෙකක නම් මේ සිතියමෙහි දැක්වේ:
Galibi : ගලිබි මොන්ට්ස්
මෙය පිහිටියේ වර්තමාන උතුරු මැද පළාතෙහි ය. එහි සිට ගලා බසින “ෆෆිස්” නම් ගංගාව “ගලිබි” හා “මොදුටා” නම් ප්‍රදේශ අතරින් ගලා ගොස් කන්කසන්තුරේ අසල දී මුහුදට එක් වෙයි.
Malea mont : මලෙය මොන්ට්
මෙය ලංකාවෙහි මැද පිහිටි “මලය කඳවැටිය“ විය හැකි ය. ඊට පහළින් පිහිටියේ “බොකනි” නම් ස්ථානයත් “පෆ්කුආ එලිෆන්ටුරා” නම් ස්ථානයත් යි. “රොගන්දානි” ඊටත් පහළිනි.