
මේෂ
ආගම ධර්මයට ළැදියි
ලග්නාධිපති කුජ 7 සඳු සමගයි. සිකුරු කර්මස්ථානයේය. රාහු 3, බුධ 8, ශනි, ගුරු, කේතු, රවි භාග්‍යස්ථානයේය. එම පිහිටීම තුළ මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වන්න. නිෂ්ඵල අධික වියදම්කාරී ගතියක් ද ඇති වේ. අලාභහානි, මිල මුදල් හානි, ආදායම් අඩු වීම් පෙන්වයි. උත්සාහය සහ කැපවීමෙන් වෘත්තීය සහ රැකියා අංශවල දියුණුවක් ලබයි. අන්‍යයන් සමඟකටයුතු කිරීමේදී සැලකිලිමත් විය යුතුයි. අපවාද චෝදනාවලට ලක්විය හැකිය. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඉගෙනීමට ශුභයි. ආගම ධර්මයට ළැදියාවක් ඇති වේ. ශරීර විඩාව ඇති වේ.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා
වෘෂභ
අනපේක්ෂිත වියදම්
ලග්නාධිපති සිකුරු භාග්‍යස්ථානයේය. ශනි, ගුරු, රවි, කේතු 8 ද, රාහු 2 ද, සඳු, කුජ 6 ද සිටී. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී අන්‍යයන්ගෙන් තමාට අවහිරකම් බලපෑම් ආදියෙන් පීඩා ඇති වේ. අන්‍යයන් සමඟ කටයුතු කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්න. වෘත්තීය සහ රැකියා අංශවලදී වෙහෙස ඇති දුර ගමන්වලට ඉඩ පවතී. තමාට නොගැළපෙන අය සමඟ කටයුතු කිරීමෙන් වළකින්න. ආදායම් ලැබුණ ද අනපේක්ෂිත වියදම් විය හැකිය. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේසම් වන්න. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වන්න. විටෙක ආකූලතා ඇති කළ හැකිය. දරුවන්ගේ කටයුතු කෙරෙහි කල්පනාකාරී විය යුතුයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක පල ලබාගත හැකිය. උෂ්ණාධික රෝග බලපායි.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
මිථුන
පවුලේ අය සමඟ අසමඟිතා
ලග්නාධිපති බුධ 6, රවි, ගුරු, කේතු 7 වේ. රාහු ලග්නයේ ද, සඳු, කුජ 5 ගමන් කරයි. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී පවුලේ අය අතර විටින් විට අසමඟිතා ඇති කළ හැකිය. ඔවුනොවුන් අතර වෙනස්කම් ඇති වේ. මිතුරන් සමඟ ආරවුල් ඇති වේ. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී යම් යම් බාධා ප්‍රමාදතා ඉස්මතු විය හැකිය. කල්පනාකාරී වන්න. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී පරිස්සම් වන්න. දරුවන්ගේ කටයුතු ගැන තරමක් අවධානය යොමු කරන්න. අධ්‍යාපන කටයුතු කරගෙන යෑමේදී තාක්ෂණික සහ ඉංජිනේරු ක්ෂේත්රයන්ට අදාළ විෂය තුළ සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය. උෂ්ණාධික රෝග, උදරාශ්‍රිත රෝගාදියෙන් පරිස්සසම් වන්න.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
කටක
මිල මුදල් කටයුතු කල්පනාවෙන්
ලග්නාධිපති සඳු යෝගකාරක කුජ 4 සිටී. රාහු 12, ශනි, ගුරු, රවි, කේතු 6, බුධ 5, සිකුරු 7 ගෝචරය වේ. එම කාල සීමාව තුළ මිශ්රපලදායක වේ. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී තමාට නොගැළපෙන අය සමග ආශ්‍රය කිරීමෙන් වළකින්න. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. ආර්ථික වශයෙන් නම් ශුභදායක නොවේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේසම් වන්න. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ද කල්පනාකාරී විය යුතුයි. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් වන්න. ඉගෙනීම්වල යෙදී සිටින අයට අලුත් විෂයයන් කෙරෙහි හිත ඇදී යයි. මූත්‍ර රෝග, වකුගඩු පීඩා, බඩවැල් ආශ්‍රිත රෝග ඇති කළ හැකිය.
ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා
සිංහ
ක්‍රමයෙන් දියුණුව
ලග්නාධිපති රවි, ගුරු, ශනි,f ක්තු සමග 5 ය. සිකුරු 6, රාහු 11, සඳු, කුජ 3, බුධ 4 ගමන් ගනි. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී වෘත්තීය සහ රැකියා අංශවලදී සිය උත්සාහය තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලබනු ඇත. ව්‍යාපාරික අංශවල යෙදී සිටින අයට වඩාත් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විවිධ අංශයන්ට යොමු වීමෙන් අදායම් මාර්ග විවරණය වේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. නොඑසේ නම් ආකූලතා, ව්‍යාකූලතා ඉස්මතු කරනු ඇත. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්න. ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක පල ලබාගත හැකිය.
ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා
කන්‍යා
පෙම් සබඳතා වැඩේ
ලග්නාධිපති බුධ 3, සඳු, කුජ 2, ශනි, ගුරු, රවි, කේතු 4, සිකුරු 5 ගමන් ගනී. මෙම ග්‍රහ ගෝචරයන් ගැන සැලකීමේදී අලංකාර වස්තු ලැබීමෙන් සිතට ප්‍රීතියක් දැනේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. හිතවත් සම්බන්ධකම් පැවැත්වීමට ඉඩ ලැබේ. සමාජයේ තම තත්ත්වය උසස් වේ.
ආර්ථික වශයෙන් ශුභයි. විවිධ අංශයන්ට යොමු වීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ලැබේ. ඉගෙනීම්වල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.
ජය වර්ණය- කොල, අංකය- 05, දිනය- බදාදා
තුලා
මුදල් පැත්තෙන් සුබයි
ලග්නාධිපති සිකුරු 4, සඳු, කුජ ලග්නයේ, බුධ 2, ශනි, ගුරු, රවි, කේතු 3 ගෝචරය වේ. රාහු 9 ගමන් ගනී. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී වෘත්තීය සහ රැකියා අංශවල දී යම් යම් බාධා අවහිරතා පසුගාමී තත්ත්වයන් ඉස්මතු විය හැකි නිසා ප්‍රවේසම් වන්න.
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. විවිධ අංශයන්ට යොමු වීම තුළ ආර්ථික තත්ත්වයෙයි සාර්ථකත්වයක් ලැබිය හැකිය.
ගෙදරදොර කටයුතු යහපත්ය. සමඟිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. දියුණුවක් ලබයි. ඉගෙනීම් කටයුතු සාර්ථක කරගනී. ලේ දූෂ්‍යාබාධ, උෂ්ණාධික රෝග බලපායි.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
වෘශ්චික
බාධා මැද බලය පවත්වාගනී
ලග්නාධිපති කුජ, සඳු 12, බුධ ලග්නයේ, ගුරු, ශනි, රවි, කේතු 12, සිකුරු 3 ගෝචරය වේ. යම් යම් බාධා මධ්‍යයේ වුවද තම බලය පවත්වාගැනීමට ඉඩ සැලසේ. වෘත්තීය සහ රැකියා අංශවලදී ද ඔබට බාධා ප්රමාදතාවලට මුහුණ පෑමට සිදු වනු ඇත. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආර්ථික ලාභ ලබාගනී. ව්‍යාපාරික අංශයේ අයට යහපත්ය. එහෙත් ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය අධික වේ. අනපේක්ෂිත වියදම් ඉස්මතු වේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුය. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් වැය වේ. අධ්‍යාපන ක්ෂේත්රවල නියුක්තව සිටින අයට පර්යේෂණ කටයුතුවලට ශුභයි. දියුණුවක් ලබයි.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා
ධනු
අන් අයගේ සහයෝගය ලබයි
ලග්නාධිපති ගුරු, ශනි, රවි, කේතු ලග්නයේ ද, බුධ 12, සඳු, කුජ 11, සිකුරු 2, රාහු 7 ගමන් ගනී. එම ග්‍රහ පිහිටීම ගැන සැලකීමේදී වෘත්තීය සහ රැකියා අංශවල දියුණුවට කටයුතු සැලසේ. අන්‍යයන්ගේ සහයෝගය උපකාරය ලැබීමෙන් තමාගේ වැඩකටයුතුවල දියුණුවක් ලබාගනී. මිල මුදල් ලැබීම අතින් ශුභදායක වේ. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආදායම් මාර්ග පාදා ගනී. කෘෂිකාර්මික අංශවල යෙදී සිටින අයට ශුභයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු ද සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසුවීම වැදගත්ය. අධ්‍යාපන අංශවල නියුක්ත අයට අලුත් විෂයයන් කෙරෙහි අවධානය යොමු වේ. බඩවැල් ආශ්‍රිත පීඩා, ස්නායු රෝග ඇති කළ හැකිය.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා
මකර
රැකියාවේ සාර්ථක ප්‍රතිඵල ලැබීම අසීරුයි
යෝගකාරක සිකරු ලග්නයේද, ශනි, ගුරු, රවි, කේතු 12, බුධ 11, කුජ, සඳු 10, රාහු 6 ගමන් ගනී. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී වෘත්තීය සහ රැකියා අංශවලදී ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල ලැබීම තරමක් අසීරු වේ. ආදායම් ලැබීම අතින් වුව ද එතරම්ම යහපත් නැත. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ ය. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේසම් විය යුතුය. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ද සාමයට සහ සමඟියට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතුවලට බාධා එල්ල නොවේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහයෙන් සාර්ථක ඵල ලබා ගත හැකිය.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙනසුරාදා
කුම්භ
බාධා මැද දියුණුව
යෝගකාරක සිකුරු 12, ලග්නාධිපති ශනි, ගුරු, රවි, කේතු 11, බුධ 10, කුජ, සඳු 9 ගමන් ගනී. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී තමාගේ කටයුතු කරගෙන යාමේදී බාධා අවහිරතා ගැටලුඋද්ගත වනු ඇත. වෘත්තීය සහ රැකියා අංශවලදී අන්‍යයන්ගේ සහයෝගය ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක නොවේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. වියදම් පක්ෂය පාලනය කර ගත යුත්තේය. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදසී වෙහෙස මහන්සි වී ක්‍රියා කිරීමට සිදු වේ. ශරීරයට විඩාව ඇති වේ. දරුවන්ගේ කටයුතු උදෙසා වඩාත් වෙහෙසවීමට සිද්ධ වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිවේ.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා
මීන
ප්‍රධානීන් සමඟ කටයුතු සැලකිල්ලෙන්
ලග්නාධිපති ගුරු, ශනි, රවි, කේතු 10 ද, සිකුරු 11, බුධ 9, සඳු, කුජ 8, රාහු 4 ගමන් ගනී. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී වෘත්තීය සහ රැකියා අංශවලදී බාධා ප්‍රමාදතා ඉස්මතු කරයි. ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. නොඑසේ නම් ආකූලතා ඉස්මතු කළ හැක. මිල මුදල් ලැබීම අතින් එතරම්ම ශුභදායක නොවේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. නොඑසේ නම් සමඟියට සාමයට බාධා එල්ල විය හැකිය. දරුවන්ගේ කටයුතු උදෙසා වෙහෙසීමට සිදු වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ශුභයි. මූත්‍ර දෝෂ, වකුගඩු පීඩා, සෙම් කෝප මුල් වූ පීඩාවලින් ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා