සිළුමිණ ලග්න පලාපල‍ (සැප්: 29 සිට ඔක්: 05 තෙක්) | සිළුමිණ

සිළුමිණ ලග්න පලාපල‍ (සැප්: 29 සිට ඔක්: 05 තෙක්)

මේෂ

වෙළෙඳ ව්‍යාපා­ර­ව­ලින් ලාභ ප්‍රයෝ­ජන

ලග්නා­ධි­පති කුජ හයේ රවි, සඳු, සිකුරු සම­ඟයි. බුධ 7, ගුරු 8, ශනි, කේතු 9 ගෝච­රය වේ. එම ග්‍රහ පිහි­ටීම් ගැන සැල­කීමේ දී සතුරු කර­දර බාධා ඉස්මතු වුවත් ඒවා මැඬ­ප­ව­ත්වා­ගෙන කට­යුතු කළ හැකිය. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට ලාභ ප්‍රයෝ­ජන සහි­තයි. වෘත්තීය සහ රැකියා අංශ­ව­ලදී ද බාධා ප්‍රමා­දතා මධ්‍යයේ වුවද කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබනු ඇත. ගෙද­ර­දොර කට­යු­තු­ව­ලදී ද, යුග දිවිය සම්බන්ධ කට­යු­තු­ව­ලදී ද සාමාන්‍ය වශ­යෙන් කට­යුතු සිදු වේ. සම­ඟි­යට සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යුතු සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කළ යුතුයි. ඉගෙ­නීමේ යෙදී සිටින අයට උත්සා­හ­යෙන් ප්‍රති­ඵල ලබා­ගත හැකියි. උද­රා­ශ්‍රිත රෝග, උෂ්ණා­ධික රෝගා­දි­යෙන් ද තුවාල පීඩා­දි­යෙන් ද ප්‍රවේ­සම් විය යුතුයි.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා


වෘෂභ

අනු­මා­න­යට කරන වැඩ­ව­ලින් දියු­ණුව

ලග්නා­ධි­පති සිකුරු පූර්ව පුණ්‍ය­ස්ථා­නයේ රවි, සඳු, කුජ සම­ඟයි. බුධ හයේ ද, ගුරු 7 ද, ශනි, කේතු 8 ද ගමන් කරයි. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී තමාගේ කට­යුතු කර­ගෙන යෑමේ දී බාධා අව­හි­රතා ඉස්මතු වේ. කෙසේ වුවත් අනු­මා­න­යට කරන වැඩ­ව­ලින් දියු­ණු­වක් ලැබේ. ආදා­යම් තත්ත්වය යහ­පත්ය. අලං­කා­ර­යට, සැප පහ­සු­වට අවශ්‍ය දේ ලබා­ගනී. වෘත්තීය සහ රැකියා අංශ­වල දී අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය ඔබ බලා­පො­රොත්තු වන තර­මට සාර්ථක නොවේ. බාධා සහි­තයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බ­න්ධ­යෙන් ශුභ­දා­ය­කයි. සතුරු කර­දර ඉස්මතු වුවත් ඒවා මැඬ­ප­ව­ත්වා­ගෙන තම කට­යුතු සාර්ථක කර­ගනී. දරු­වන්ගේ කට­යුතු සාමාන්‍ය අන්ද­මට සිදු වේ. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට අලුත් විෂය කෙරෙහි අව­ධා­නය යොමු කළ හැකිය. ස්නායු දුර්ව­ලතා, උෂ්ණා­ධික රෝගා­දි­යෙන් ප්‍රවේ­සම් විය යුතුයි. ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා


මිථුන

රැකි­යා­වට බාධා

ලග්නා­ධි­පති පූර්ව පුණ්‍ය­ස්ථා­නයේ ද රවි, සඳු, කුජ, සිකුරු 4 ද, ගුරු 6, ශනි, කේතු 7, රාහු ලග්නයේ ගමන් කරයි. එම ග්‍රහ ගෝච­රය සැල­කී­මේදී මේ කාල සීමාව තුළ තම කට­යුතු කර­ගෙන යෑමේ දී බාධා අව­හි­රතා ඉස්මතු කළ හැකිය. වෘත්තීය සහ රැකියා අංශ­ව­ලදී වුවද තම කට­යුතු කර­ගත හැක්කේ බාධා අව­හි­රතා මධ්‍ය­යේය. උන­න්දුව සහ කැප­වී­මෙන් සාර්ථක දියු­ණු­වක් ලබයි. ආර්ථික වශ­යෙන් ලැබීම් තිබුණ ද විය­දම් පක්ෂය ද ඉහළ යයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු ද සාර්ථ­කයි. සම­ඟිය සහ සාම­යට බාධෘ එල්ල නොවේ. දරු­වන්ගේ කට­යුතු යහ­පත්ය. ඉගෙ­නීමේ කට­යු­තු­වල කිසි­යම් දියු­ණු­වක් ඇති වේ. වෛරස් රෝග, බෝවන රෝග, උෂ්ණ රෝග­ව­ලින් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා


 

කටක

 ගනු­දෙ­නු­ව­ලදී කල්ප­නා­කාරී වන්න

ලග්නා­ධි­පති සඳු, රවි, කුජ, සිකුරු තුන්වැ­න්නේය. බුධ 4 ද, ගුරු 5 ද, ශනි, කේතු 6 ද, රාහු 12 ද ගම­න්ගනී. එම ග්‍රහ පිහි­ටීම් ගැන සැල­කීමේ දී යම් යම් බාධා ප්‍රමා­දතා ද ඉස්මතු වේ. ආර්ථික වශ­යෙන් ශුභ­දා­යක බවක් පෙන්නුව ද අන­පේ­ක්ෂිත ලෙස පව­තින සිද්ධීන් තුළ විය­දම් පක්ෂය ඉහළ යනු ඇත. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­ව­ලදී කල්ප­නා­කාරී වන්න. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී සාමාන්‍ය අන්ද­මට සිදු වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත්, ධන­යත්, ශ්‍රම­යත් වැය වේ. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට අලූත් විෂ­ය­යන් කෙරෙහි අව­ධා­නය යොමු කළ යුතුයි. උෂ්ණා­ධික රෝග, මූත්‍රා, වකු­ගඩු පීඩා, සෙම් පීඩා ඇති කළ හැකිය.

ජය වර්ණය- සුදු, අංකය- 02, දිනය- සඳුදා


 

 

සිංහ

විය­දම් පක්ෂය ඉහළ යයි

ලග්නා­ධි­පති රවි, සඳු, කුජ, සිකුරු දෙවැන්නේ සිටී. බුධ තුන්වැ­න්නේය. ගුරු 4, ශනි, කේතු 5, රාහු 11 ගම­න්ගනී. එම ග්‍රහ පිහි­ටීම් ගැන සැල­කීමේ දී ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් ශුභ­දා­ය­කයි. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ප්‍රයෝ­ජන ලබයි. ආදා­යම් වැඩි වුණ ද විය­දම් පක්ෂය ඉහළ යයි. වෘත්තීය සහ රැකියා අංශ­ව­ලදී තර­මක් කල්ප­නා­කාරී වන්න. විටෙක සුළු වශ­යෙන් වුවද බාධා අව­හි­රතා එල්ල විය හැකි බැවිනි.

ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­නය යොමු කරන්න. අධ්‍යා­පන ක්ෂේත්‍ර­වල නියුක්ත අයට පර්යේ­ෂණ කට­යු­තු­ව­ලට ශුභයි. උන­න්දුව සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. උෂ්ණා­ධික රෝග, ස්නායු දුර්ව­ල­තා­ව­ලට ඉඩ පවතී.

ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා


 

 

කන්‍යා

මුදල් ලැබීම අතින් යහ­පත්

ලග්නා­ධි­පති බුධ දෙවැ­න්නේය. රවි, සඳු, කුජ, සිකුරු ලග්නයේ ද සිටී. ගුරු 3 ද, ශනි, කේතු 7, රාහු 10 සිටී. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී තමාගේ වැඩ­ක­ට­යු­තු­ව­ලට බාධා අව­හි­රතා ඉස්මතු වේ. එම නිසා ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි.

මිල මුදල් ලැබීම අතින් යහ­පත්ය. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී තර­මක් ඉව­සි­ලි­මත් විය යුතුයි. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් දියු­ණු­වක් ලබයි. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි. රුධිර පීඩ­නය, ස්නායු දුර්ව­ල­තා­ව­ලින් ප්‍රවේ­සම් විය යුතුයි.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා


 

තුලා

ආර්ථික වාසි ලබයි

ලග්නා­ධි­පති සිකුරු, රවි, සඳු, කුජ 10 ද, බුධ ලග්නයේ ද, ගුරු 2 ද, ශනි, කේතු 3 ද, රාහු 9 ද ගම­න්ගනී. හම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී අනු­මා­න­යට කරන කට­යු­තු­වල දී ඔබ බලා­පො­රොත්තු වන තර­මට සාර්ථක ප්‍රති­ඵල උදා නොවේ. යම් යම් බාධා අව­හි­රතා ඉස්මතු වේ. වෘත්තීය සහ රැකියා අංශ­වල දී වුව ද එත­රම්ම ශුභ නැත. අව­හි­රතා මධ්‍යයේ ක්‍රියා කරයි. මිල මුදල් ලැබීම අතින් ශුභ­දා­යක වේ. විවිධ අංශ­ව­ලට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලට එත­රම් බාධා පැන නොනඟී. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ගෙන දේ. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට ශුභයි. අලුත් විෂ­ය­යන් ඉගෙ­නී­මට අව­ස්ථාව සැලසේ. උෂ්ණා­ධික රෝග, ලේ දූෂ්‍යා­බාධ යනා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය -06, දිනය- සිකු­රාදා


 

 

වෘශ්චික

දරු­වන්ගේ කට­යු­තු­ව­ලට කාලය

ලග්නා­ධි­පති කුජ, රවි, සඳු, සිකුරු සමඟ අය­ස්ථා­න­යේය. ගුරු ලග්නයේ ද, ශනි, කේතු දෙකේ ද, රාහු 8 ගෝච­රය වේ. කුජ, බුධ පරි­ව­ර්ත­න­යකි. එම පිහි­ටීම ගැන සැල­කී­මේදී වෘත්තීය සහ රැකියා අංශ­වල දී විටෙක බාධා අව­හි­රතා එල්ල විය හැකි බැවින් ඉව­සී­මෙන් ද විම­සි­ලි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබා­ගනු ඇත. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී තර­මක් ඉව­සී­මෙන්ද බුද්ධි­මත්ව ද ක්‍රියා කරන්න.

දරු­වන්ගේ කට­යු­තු­වල දී කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට ශුභයි. පර්යේ­ෂණ කට­යු­තු­ව­ලට වඩාත් ශුභ­දා­යක වේ. උෂ්ණා­ධික රෝග, උගුර, බෙල්ල ආශ්‍රිත රෝග­ව­ලින් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා


 

ධනු

රස්සා­වේදී කල්ප­නා­කාරි වන්න

ලග්නා­ධි­පති ගුරු 12 ද, ශනි, කේතු 11 ද, රාහු 5 ද, රවි, සඳු, කුජ, සිකුරු 10 ද ගම­න්ගනී. එම පිහි­ටීම තුළ වෘත්තීය සහ රැකියා අංශ­වල දී යම් යම් බාධා සහ අව­හි­රතා ඉස්මතු කළ හැකි නිසා විම­සි­ලි­මත්ව ද, බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූ­ලතා ව්‍යාකූ­ලතා ඉස්මතු කළ හැකි බැවිනි. ආදා­යම් ලැබීම යහ­පත් වුව ද විය­දම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී කල්ප­නා­කාරී වන්න. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු අය­හ­පත් නැත. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යුතු කෙරහි අව­ධා­නය අව­ශ්‍යයි. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට සිය උත්සා­හය තුළ ඉගෙ­නීම සාර්ථක කර­ගත හැකිය. උෂ්ණා­ධික රෝග, උද­ර­ගත පීඩා­ව­ලින් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා


 

 

මකර

උසස් අය­ගෙන් ආධාර උප­කාර

ලග්නා­ධි­පති ශනි, කේතු 12 ද, ගුරු අය­ස්ථා­නයේ ද, රවි, සඳු, කුජ, සිකුරු භාග්‍ය­ස්ථා­නයේ ද ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී ඔබේ ආදා­යම් තත්ත්වය කිසි­යම් මට්ට­ම­කට ඉහළ යයි. උසස් අය­ගෙන් ද වැඩි­හිටි අය­ගෙන් ද ආධා­රය හා උප­කා­රය ලැබේ. ඒ තුළ වෘත්තීය සහ රැකී­රක්ෂා අංශ­වල ප්‍රග­ති­යක් උදා කර­ගනු ඇත. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට යහ­පත්ය. වාසි ලැබේ. ගෙද­ර­දොර කට­යුතු හා යුග­දි­විය සම්බන්ධ කට­යුතු සාමාන්‍ය වේ. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් ප්‍රග­ති­යක් ලබයි. අධ්‍යා­පන අංශ­වල නියුක්ත අයට අලුත් විෂ­ය­යන් ඉගෙ­නී­මට අව­ස්ථාව උදා වේ. මල­බ­ද්ධය, බඩ­වැල් ආශ්‍රිත පීඩා, රුධිර පීඩ­නය වැනි රෝගා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙන­සු­රාදා


 

 

කුම්භ

ගෙද­ර­දොර වැඩ­ක­ට­යුතු අධි­කයි

ලග්නා­ධි­පති ශනි, කේතු 11 ද, රාහු 5 ද, ගුරු 10 ද, රවි, සඳු, කුජ, සිකුරු අටේ ද ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය සැල­කී­මේදී ඔබ බලා­පො­රොත්තු වන තර­මට සාර්ථක ප්‍රති­ඵල උදා නොවේ. තමාගේ කට­යු­තු­ව­ලට බාධා අව­හි­රතා ඉස්මතු කළ හැකිය. එම නිසා උන­න්දු­වෙන් ද කැප­වී­මෙන් ද යුතුව ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් කිසි­යම් අන්ද­මක සාර්ථක ප්‍රති­ඵල ලැබුණ ද විය­දම් පක්ෂය පාල­නය කර­ගැ­නීම තර­මක් දුරට අප­හසු වේ. මිල­මු­දල් සම්බන්ධ කට­යු­තු­වල දී කල්ප­නා­කාරී වන්න. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­වියේ කට­යු­තු­වල දී ද වැඩ­ක­ට­යුතු බහුල වේ. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­න­යෙන් සිටිය යුතුයි. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලැබිය හැකිය.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙන­සු­රාදා


 

 

මීන

බාධා අව­හි­රතා

ලග්නා­ධි­පති ගුරු භාග්‍ය­ස්ථා­නයේ ද ශනි, කේතු 10, රාහු 4, රවි, සඳු, සිකුරු, කුජ හතේ ද ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී එත­රම්ම ශුභ­දා­යක නොවේ. තම කට­යුතු කර­ගෙන යාමේ දී බාධා අව­හි­රතා ඉස්මතු කළ හැකි බැවින් කල්ප­නා­කා­රීව ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකියා කට­යු­තු­වල ක්‍රම­යෙන් දියු­ණු­වක් ලබයි. ආර්ථික වශ­යෙන් ශුභ­දා­ය­කයි. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීමෙන් ආදා­යම් ලැබුව ද විය­දම් ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­ව­ලදී ප්‍රවේ­සම් වන්න. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී ඉව­සී­මෙන් ක්‍රියා කළ යුතුයි. දරු­වන්ගේ කට­යුතු උදෙසා වෙහෙසේ. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට සිය උත්සා­හ­යෙන් ප්‍රති­ඵල ලැබිය හැකිය. උද­රා­ශ්‍රිත රෝග, ලේ දූෂ්‍යා­බා­ධ­ව­ලින් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

Comments