
බුලත් අත අපේ සංස්කෘතියයි. සියලු දෙනා සමගිව තැබීමට බුලත් මුල්වෙයි. පැරණි සිංහල ගෙදර පළමුව අලංකාර වන්නේ ඉලත්තට්ටුවෙනි. එහි බුලත්, පුවක්, හුනු, දුම්කොළ යන හතර අඩු නැත. බුලත්විට සඳහා අරත්ත මල්, කරාබු නැටි, සාදික්කා, වසාවාසි, එනසාල්, ඉඟුරු පියලි, කොට්ට පොල්, වැල්මී, දුරු, කොත්තමල්ලි ආදි ඖෂධ වර්ග ද එකතු කර සැකසෙන විට බුලත් විට සරුවන්නේය. පිළිකා හට ගැනීම වැළැක්වීමට ඖෂධ එකතු කිරීම පැරැණි සිරිතකි.
ඇඳගල සෝභිත හිමි
1 ශ්‍රේණිය
ශ්‍රී ශාන්ති දේව මූලික පිරිවෙන,
වැලිපතයාය,
බළන්ගොඩ.