
පාසල් ගිහින් එකාළොස් අවුරුදු මත්තේ
අන්තිම දින ටිකටයි ඇවිදින් ඇත්තේ
සා / පෙළ අභියස කළ පාඩම් ඇත්තේ
හදවත පුරා හැම දේ මතකේ ඇත්තේ
පාසල් දිවිය සොඳුරුම තැනකයි ඇත්තේ
දිවියේ කඩඉමට ටික දවසයි ඇත්තේ
එය ජය ගත්තොතින් හෙට ජය කණු මත්තේ
එවිටයි මගෙ දිවියට සතුටක් ඇත්තේ
දිවියේ ඇති කටුක බව සිපගනිමි මම
හෙට දින දිනන කුසුමක් පිණිසමයි එම
මේ යන ගමන අරමුණකට යන විටම
සා පෙළ කඩ ඉමක් යැයි සිතුවෙමිය මම
එම්.එස්. රුවිෂ්ක වික්‍රමරත්න
11 ශ්‍රේණිය ‘ඒ’
ආඬිඅම්බලම මහා විද්‍යාලය
ආඬිඅම්බලම