සෙල්ලම් ගෙදර යාළුවෝ | සිළුමිණ

සෙල්ලම් ගෙදර යාළුවෝ

බල්ලයි පූසයි ඇඳ යටට වෙලා
දව­සම කනවා නිදි­ය­නවා
මොනවා වෙලාද මන්දා
මට නම් තේරෙන්නෑ..
බල්ලයි පූසයි මටත් හොරෙන්
කොට්ට ටිකත් ඇඳ යටට අරන්
අම්මා ආවොත් මටත් බැණුම්
මට නම් තේරෙන්නෑ..
කෝ මේ ඇඳ ඇති­රිලි කොට්ටා
අම්මා ඇවි­දින් දැන් ඇහුවා
ඇඳ යට සෙල්ලම් ගේ බලලා
බණි­යිද දන්නේ නෑ..
ඇඳ යට අපූරු සෙල්ලම් ගේ
කවුද පුතේ හැදුවේ
අද රෙදි සෝදන දවස නිසා
සෙල්ලම් කමක් නැතේ..
අම්මා කිව්වම මට සතු­ටුයි
පොගෝ සෙසී මගේ හොඳම යාලුවෝ
සෙල්ලම් ගේ දාලා දව­සම දැන්
සෙල්ලම් කරමු තුටින්...

අදිත්‍යා හිරු­මලී
4 ශ්‍රේණිය ‘ඩී’
ලයි­සි­යම් ජාත්‍ය­න්තර පාසල
වත්තල

Comments