සා / පෙළ ජීවිතේ | Page 2 | සිළුමිණ

සා / පෙළ ජීවිතේ

පාසල් ගිහින් එකා­ළොස් අවු­රුදු මත්තේ 
අන්තිම දින ටික­ටයි ඇවිදින් ඇත්තේ 
සා / පෙළ අභි­යස කළ පාඩම් ඇත්තේ 
හද­වත පුරා හැම දේ මතකේ ඇත්තේ

පාසල් දිවිය සොඳු­රුම තැන­කයි ඇත්තේ
දිවියේ කඩඉමට ටික දව­සයි ඇත්තේ
එය ජය ගත්තො­තින් හෙට ජය කණු මත්තේ
එවි­ටයි මගෙ දිවි­යට සතු­ටක් ඇත්තේ

දිවියේ ඇති කටුක බව සිප­ග­නිමි මම
හෙට දින දිනන කුසු­මක් පිණි­ස­මයි එම
මේ යන ගමන අර­මු­ණ­කට යන විටම
සා පෙළ කඩ ඉමක් යැයි සිතු­වෙ­මිය මම

එම්.එස්. රුවිෂ්ක වික්‍ර­ම­රත්න
11 ශ්‍රේණිය ‘ඒ’
ආඬි­අ­ම්බ­ලම මහා විද්‍යා­ලය
ආඬි­අ­ම්බ­ලම

Comments