ඉගෙනීමේ අගය | සිළුමිණ

ඉගෙනීමේ අගය

ඉගෙනීම සඳහා නිශ්චිත වයසක්, කාලභේදයක් නැත. එමෙන්ම ඉගෙනගන්නා දෙය කිසිදු විටෙක අපතේ යන්නේද නැත. සාර්ථකත්වයෙන් හෙබි පුද්ගලයකු බිහි වීමට ඉගෙනීම අත්‍යාවශ්‍ය වේ. ඉගෙනගත් පුද්ගලයාට අනාගතය පිළිබඳ බියක් නැත.

සොර සතුරකුට පවා ගත නොහැකි එකම දෙය ඉගෙනීම පමණි. කොතරම් අඩු-පාඩු දුෂ්කරතා තිබුණද ඒ සියල්ල මධ්‍යයේ ඉගෙනගත හොත් යහපත් අනාගතයක් උදා කරගැනීමට පුළුවන. පුංචි අපිත් ඉගෙනීමේ අගය වටහාගෙන ඉදිරියට යෑමට අදිටන් කරගනිමු.

ජී. ඩී. දේවින්දි දිනුෂිකා අබේවික්‍රම 
10 ශ්‍රේණිය, 
අඹන්පොළ මධ්‍ය මහා විද්‍යාලය, අඹන්පොළ

Comments