නත්තල් දවස | සිළුමිණ

නත්තල් දවස

නත්තල් දවස උදා වන්නේ දෙසැම්බර් මස විසිපස් වැනිදාටය. එදිනට කතෝලික බැතිමත්හු ජේසුතුමාගේ උපත පිළිබඳ සිහිපත් කරති. නත්තල් උත්සවය සමරන නිවෙස්වල ඉතා අලංකාර ලෙස නත්තල් ගස් සරසයි. ඒ අසල ගවලෙනක් සාදමින් ජේසුතුමාගේ උපත දැක්වෙන ආකාරය විදහා පෙන්වයි. නත්තල් සීයා පැමිණ තෑගි දෙන බව සෑම කුඩා ළමයෙක්ම විශ්වාස කරයි. නත්තල් දින රැයේ ඉතා උත්කර්ෂවත් පූජාවක් පැවැත්වෙයි. ඒ සඳහා සියලුම බැතිමත්හු දේවස්ථානයට රැස් වෙති. රසවත් ආහාර පාන සකසමින් එදින වඩාත් උත්කර්ෂවත් අයුරින් සමරයි. නත්තල් දිනයේදී කිතුනු බැතිමත්හු ඉතා අලංකාරව සැරසෙති. ලංකාවේ ආගමික උත්සව අතරින් එක් වැදගත් ආගමික උත්සවයක් ලෙස අපි නත්තල් දවස සිහි කරමු.

ලිතුම් පාරින්ද්‍යා ප්‍රනාන්දු 
4 ‍ශ්‍රේණිය, 
ගයිඩන්ස් ජාත්‍යන්තර විද්‍යාලය, 
කැස්බෑව

Comments