මං ආසයි | සිළුමිණ

මං ආසයි

නත්තල් උත්සවය කියන්නේ ජේසු සමිඳුන් උපත ලැබූ දිනයටයි. ජේසු සමිඳු උපත ලැබූ රටේ මේ කාලයට ලස්සනට හිම වැටෙනවා. එතුමා උපත ලැබුවේ පුංචි ගවලෙනක. ජේසුස් වහන්සේගේ මව මරියතුමියයි. ශ්‍රී ලංකාවේ අපත් නත්තල් උත්සවය සමරනවා; ගෙවල්වල ගවලෙන හදනවා. පුංචි පිළිම ඒ ගවලෙනේ ලස්සනට තියනවා. කොළඹ නගරය නත්තල් කාලයට ලස්සනට සරසනවා. රාත්‍රීයේදී ඒ සැරසිලි හරිම ලස්සනයි. අපේ ගෙදරත් පුංචි නත්තල් ගහක් තියෙනවා. හැම නත්තලකටම මම ඒ නත්තල් ගහ සරසනවා. නත්තල් සීයා ගැන කතා අහන්නත්, බලන්නත් මම හරිම ආසයි.

අදිත්‍යා හිරුමලි 
4 ශ්‍රේණිය ‘ඩී’, 
ලයිසියම් ජාත්‍යන්තර පාසල, 
වත්තල

Comments