
කොළඹ යසෝදරා විද්‍යාලයේ 9 ‘ඊ’ ශ්‍රේණියේ ඉගෙනුම ලබන අමීරා හමීඩ් පාසලේ වසරේ දක්ෂතම ලේඛිකාව (කනිෂ්ඨ) ලෙස පසුගියදා සම්මානයෙන් පිදුම් ලැබුවා ය. ඇය ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ත්‍රිභාෂා, ඉංග්‍රීසි කථන (Recitation) ගද්‍ය රචනා හා ගායනා යන අංශවලින් දක්ෂතා දක්වා ජයග්රහණයන් ලබා සිටින්නීය.
කොටිකාවත්ත, අංගොඩ ශ්‍රී සරණංකර ධර්ම විද්‍යාලයේ දහම් අධ්‍යාපනය ලබන ඇය එහිදී ගද්‍ය රචනා, පද්‍ය රචනා, කථික, දහම් දැනුම යන අංශයෙන් ජයග්‍රහණ රැසක් ලබා සහතික පත් හා පදක්කම් දිනා ඇත්තීය. ප්‍රදේශයේ සමාජ සේවා ආයතන හා ප්‍රාදේශීය සභා මගින් සංවිධානය කරන තරගාවලි සඳහා සහභාගි වී සියලු අංශයන්ගෙන් ම මෙන් ම කෙටිකතා හා ගායනා අංශයෙන් ද ජයග්‍රහණ ලබා ඇත.
ප්‍රාථමික අංශයේ සිට පුවත්පත්වල ළමා පිටු සඳහා නිර්මාණ යොමු කරමින් පසුගිය වසරේ සිට පුවත්පත් පාසල් මාධ්‍ය වාර්තාකාරිනියක ලෙස ද ක්‍රියා කරන්නීය.