දක්ෂ­තම ලේඛි­කාව ලෙස පිදුම් ලබයි | Page 4 | සිළුමිණ

දක්ෂ­තම ලේඛි­කාව ලෙස පිදුම් ලබයි

කොළඹ යසෝ­දරා විද්‍යා­ලයේ 9 ‘ඊ’ ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන අමීරා හමීඩ් පාසලේ වසරේ දක්ෂ­තම ලේඛි­කාව (කනිෂ්ඨ) ලෙස පසු­ගි­යදා සම්මා­න­යෙන් පිදුම් ලැබුවා ය. ඇය ප්‍රාථ­මික අධ්‍යා­ප­නයේ සිට ත්‍රිභාෂා, ඉංග්‍රීසි කථන (Recitation) ගද්‍ය රචනා හා ගායනා යන අංශ­ව­ලින් දක්ෂතා දක්වා ජය­ග්‍ර­හ­ණ­යන් ලබා සිටි­න්නීය.

කොටි­කා­වත්ත, අංගොඩ ශ්‍රී සර­ණං­කර ධර්ම විද්‍යා­ලයේ දහම් අධ්‍යා­ප­නය ලබන ඇය එහිදී ගද්‍ය රචනා, පද්‍ය රචනා, කථික, දහම් දැනුම යන අංශ­යෙන් ජය­ග්‍ර­හණ රැසක් ලබා සහ­තික පත් හා පද­ක්කම් දිනා ඇත්තීය. ප්‍රදේ­ශයේ සමාජ සේවා ආය­තන හා ප්‍රාදේ­ශීය සභා මගින් සංවි­ධා­නය කරන තර­ගා­වලි සඳහා සහ­භාගි වී සියලු අංශ­ය­න්ගෙන් ම මෙන් ම කෙටි­කතා හා ගායනා අංශ­යෙන් ද ජය­ග්‍ර­හණ ලබා ඇත.

ප්‍රාථ­මික අංශයේ සිට පුව­ත්ප­ත්වල ළමා පිටු සඳහා නිර්මාණ යොමු කර­මින් පසු­ගිය වසරේ සිට පුව­ත්පත් පාසල් මාධ්‍ය වාර්තා­කා­රි­නි­යක ලෙස ද ක්‍රියා කර­න්නීය.

 

Comments