
මේෂ
ක්‍රමයෙන් යහපත
ලග්නාධිපති කුජ දෙවැන්නේ ද, රාහු 3,ගුරු 8, ශනි 9, කේතු 9 ද සිටි. අසනීපව සිටියේ නම් නිරෝගී සුවය ලැබේ. යම් බාධා ඇති කළත් දියුණුවට කටයුතු සලසාගත හැකිය. උත්සාහයන්ගේ ප්‍රතිඵල ලැබෙනු ඇත. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයට ශුභයි. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. එහෙත් වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතුවල දී තරමක් ඉවසිලිමත් වන්න. ඉක්මනට කෝපයට පත්විය හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. අධ්‍යාපන කටයුතුවලට ශුභයි. සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. උෂ්ණාධික රෝග, ස්නායු, නහර දුර්වලතාවලට ඉඩ පවතී.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- සඳුදා
කටක
බාධා සහිතයි
යෝගකාරක කුජ අයස්ථානයේය. ගුරු පූර්ව පුණ්‍යස්ථානයේය. මෙය දෘෂ්ටිමය ධර්ම කර්මාධිපති යෝගයයි. රාහු 12 ද, ශනි කේතු 6 ද ගමන් කරයි. එම ග්‍රහ චලිතයන් ගැන සැලකීමේ දී තමාගේ කටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධා අවහිරතා මෙන්ම ප්‍රමාදතා ඉස්මතු කළ හැකි නිසා කල්පනාකාරී විය යුතුය. මිල මුදල් ලැබීම අතින් යහපත් බවක් පෙන්නුව ද මිල මුදල් රඳවා තබාගැනීම ඉතා අසීරු වේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු කරගෙන යෑමේ දී තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් ලැබේ. ඉගෙනීම්වල යෙදී සිටින අයට ශුභයි. බඩවැල් ආශ්‍රිත රෝග, උෂ්ණාධික, උදරාශ්‍රිත පීඩා, ලේ දූෂ්‍යාදියෙන් ප්‍රවේ පරිස්සම් වන්න.
ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා
තුලා
සමපලයි
ලග්නාධිපති සිකුරු 5 බුධ සමඟයි. ශනි, කේතු 3 ද, රාහු 9 ද ගුරු දෙවැන්නේ ද ගෝචරය වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී අන්‍යයන්ගේ සහයෝගය ආධාරය උපකාරය ලැබීම තුළ තමාගේ කටයුතු සාර්ථක කගනී. මිල මුදල් ලැබීම අතින් යහපත් වේ. කරගෙන යන දේවල් ක්‍රමිකව දියුණුවක් ලබයි. ව්‍යාපාර අංශවල යෙදී සිටින අයට යහපත්ය. ගෙදරදොර කටයුතු යහපත්ය. සමඟිය සාමයට බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් කල්පනාකාරී විය යුතුයි. උෂ්ණාධික රෝග බලපෑ හැකි බැවිනි.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
මකර
රැකියා දියුණු වේ
ලග්නාධිපති ශනි, කේතු 12 ද, ගුරු 11 ද රාහු 6 ද ගමන්ගනී. එම කාල සීමාව තුළ ක්‍රමයෙන් වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල ප්‍රගතියක් ලබයි. අන්‍යයන්ගේ සහයෝගය උපකාරය ලබාගනී. අලුත් කටයුතු ආරම්භයට ශුභයි. මිල මුදල් ලැබීම අතින් ශුභදායක වේ. විවිධ අංශයන්ට යොමු වීමෙන් ලාභ ලබයි. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි තරමක් අවධානශීලීව ක්‍රියා කළ යුතුයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. රුධිර පීඩනය, ලේ දූෂ්‍යාබාධ, උදරාශ්‍රිත රෝගාදියෙන් පරිස්සම් විය යුතුයි.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙනසුරාදා
වෘෂභ
කෝපය පාලනය කරගන්න
ලග්නාධිපති සිකුරු බුධ සමඟ කර්මස්ථානයේය. ගුරු හතේ ද, ශනි, කේතු අටේ ද ගමන් ගනී. එම ග්‍රහ චලන ගැන සැලකීමේ දී ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ඉස්මතු කළ හැකියි. මිල මුදල් ලැබීම අතින් සාමාන්‍ය අන්දමට සිදු වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී කල්පනාකාරී වන්න. දරුවන්ගේ කටයුතු ගැන කල්පනාකාරී වන්න. අධ්‍යාපන කටයුතුවල දී උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. ස්නායු, නහර දුර්වලතා, උදරාශ්‍රිත රෝග යනාදියෙන් ද පරිස්සම් විය යුතුයි.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
සිංහ
මිශ්‍රපල
ලග්නාධිපති රවි 8 ද, ශනි, කේතු 5, රාහු 11 ද, ගුරු 4 ද ගමන් ගනී. මෙම ග්‍රහ පිහිටීම් තුළ සුළු සුළු බාධා අවහිරතා ඇතත් කලින් තිබුණාට වඩා දියුණුවට කටයුතු සලසා ගත හැක. මිල මුදල් ලාභ ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. ගෙදරදොර කටයුතුවල දී අහිතකර නොවේ. හිත මිත්‍රයන් රාශියක් ආශ්‍රය කිරිමට ලැබේ. දරුවන්ගේ කටයුතු ඉෂ්ට වන්නේ හාත්පසින්ම වෙනස් වූ ආකාරයටය. ඉගෙනීම්වල දී පර්යේෂණ කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. දියුණුවක් ලබයි. ස්නායු, නහර දුර්වලතා, උදරගත රෝගාදියෙන් පරිස්සම් වන්න.
ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා
වෘශ්චික
වියදම් පාලනය අසීරුයි
ලග්නාධිපති කුජ 7 ද, ගුරු ලග්නයේ ද, ශනි කේතු දෙකේ ද, රාහු 8 ගමන් කරයි. එම කාල සීමාව තුළ තමාගේ කටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධා අවහිරතා ගැටලු මතු කළ හැකිය. විටෙක ප්‍රමාදතා ඇති වේ. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී කල්පනාකාරී විය යුතුයි. මිල මුදල් ලැබීම අතින් යහපත් වුවත් විටෙක වියදම් පක්ෂය පාලනය කරගැනීම අසීරුයි. නිෂ්පල වියදම් ඇති වේ. ගෙදරදොර කටයුතුවල දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. ඉගෙනීම්වල යෙදී සිටින අයට යහපත්ය. දියුණුවක් ලබයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් විය යුතුයි.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා
කුම්භ
මුදල් ලැබේ
ලග්නාධිපති ශනි, කේතු අයස්ථානයේය. ගුරු 10 ද, රාහු 5 ගමන් ගනී. තම කටයුතුවල දියුණූවක් ක්‍රමයෙන් උදා කරනු ඇත. අන්‍යයන්ගේ සහයෝගය, ආධාරය, උපකාරය ලබාගනී. මිල මුදල් ලැබීම අතින් ශුභදායකයි. විටෙක බලාපොරොත්තු රහිත මාර්ගයන් උදා කරගනී. තමා ඉගෙන ගත් දෙයින් ප්‍රධාන ලෙස කටයුතු සාර්ථක වේ. විවේකය අඩු වේ. ගෙදරදොර කටයුතු කරගෙනයෑමේ දී අඩුපාඩුකම් ඇති කරයි. විටෙක ශරීරයට තද වෙහෙස ගතියක් ඇති වේ. දරුවන්ගේ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය. ශරීරයට තද වෙහෙස ගතියක් ඇති වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් විය යුතුයි.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා
මිථුන
මධ්‍යස්ථ පල
ලග්නාධිපති බුධ, යෝගකාරක සිකුරු සමඟ භාග්‍යස්ථානයේ ද රාහු ලග්නයේ ද, ශනි, කේතු 7 ද, ගරු 6 ද ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරයන් ගැන සැලකීමේ දී නිෂ්පල කෙටි ගමන්බිමන් බහුලයි. ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොකරයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී අන්‍යයන්ගේ සහයෝගය ඔබ බලාපොරොත්තු වන තරමට උදා නොකරයි. ගෙදරදොර කටයුතු සාමාන්‍ය වේ. සමඟියට සාමයට තද ලෙස බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අය අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ සලසා ගනී. ලේ දූෂ්‍යාබාධ, උෂ්ණාධික රෝගාදියෙන් පරිස්සම් වන්න.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
කන්‍යා
ප්‍රමාදතා
ලග්නාධිපති බුධ හය වැන්නේ යෝගකාරක සිකුරු සමඟයි. ශනි, කේතු 4 ද, ගුරු 3 ගමන් ගනී. එම කාල සීමාව තුළ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න. ස්ථානගත වෙනස්කම් ඇති කරයි. ගෙදරට පැමිණි විට සිතට ප්‍රීතියක් ඇති නොවේ. මිල මුදල් නිකරුණේ නාස්ති වීම් පෙන්වයි. කරන කියන කටයුතු ඉටු වන්නේ ප්‍රමාද වීමෙනි. චෝදනා අපවාදවලට ලක් විය හැකි බැවින් කල්පනාකාරී විය යුතුයි. නිෂ්පල ගමන් ඇති වේ. දරුවන්ගේ කටයුතු ගැන කල්පනාකාරී වන්න. ඉගෙනීම්වල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
ධනු
කල්පනාකාරී වන්න
ලග්නාධිපති ගුරු 12, ශනි කේතු ලග්නයේ, රාහු 7 ගමන් කරයි. එම ග්‍රහ ගෝචරයන් සැලකීමේ දී තමාගේ කටයුතු කරගෙන යෑමේ දී ඉතා කල්පනාකාරීව ක්‍රියා කළ යුතුයි. රැකීරක්ෂා කටයුතුවල දී අන්‍යයන්ගේ සහයෝගය උපකාරය ලබා ගැනීම දුෂ්කර වේ. එම නිසා විටෙක අතපසුවීම්වලට ඉඩ මතු කළ හැකිය. ආර්ථික වශයෙන් ශුභයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලැබිය හැකිය. ගෙදරදොර කටයුතු යහපත්ය. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. උෂ්ණාධික රෝග, උධරාශ්‍රිත පීඩාදියෙන් පරිස්සම් වන්න.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා
මීන
මිශ්‍රපල
ලග්නාධිපති ගුරු භාග්‍යස්ථානයේය. ශනි, කේතු 10 ද, රාහු 4 ගමන් කරයි. මෙම ග්‍රහ චලිතයන් ගැන බැලීමේ දී තම කටයුතු උදෙසා සමපලදාය කත්ත්වයක් උදා වේ. වෘත්තීය සහ රැකියා අංශවල දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. මිල මුදල් ලැබීම අතින් සාමාන්‍ය වේ. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග ලබයි. ගෙදරදොර කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල යෙ දී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් විය යුතුයි. විවිධ රෝගාබාධයන්ට ඉඩ පවතින බැවිනි.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා