ඔබට කොහොමද? | සිළුමිණ

ඔබට කොහොමද?

ජ්‍යොතිර් විද්‍යා විභූෂණ, රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී.ඇම්. ගුණපාල

මේෂ

බාධා අවහිරතා

ලග්නාධිපති කුජ අයස්ථානයේය. කරන කියන කටයුතුවල දී අන්‍යයන්ගේ සහයෝගය ලැබීම එතරම්ම ශුභදායක නොවේ. ඒ තුළ තම කටයුතුවලට බාධා අවහිරතා ඇති වේ. බර වැඩ පටන් ගැනීමට නම් ශුභයි. ජන ප්‍රසාදය පළුදු වේ. ආදායම් ලැබීම අතින් ශුභයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් ලැබේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතුවල දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා

වෘෂභ

ශුභදායකයි

ලග්නාධිපති කුජ හයේ හර්ෂ යෝගය උදාකර ඇත. යෝග කාරක සෙනසුරු අටේ වේ. මෙම පිහිටීම තුළ යම් යම් බාධා අවහිරතා ඇති කළත් සිය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගනී. අන්‍ය්‍යන් සමග කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. බුද්ධිමත් වන්න. මිල මුදල් කටයුතු සම්බන්ධයෙන් යහපත්ය. සමාජීය සහ ආගමික අංශයේ කටයුතුවලට ශුභයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය හා සාමයට බාධා එතරම් එල්ල නොවේ.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා

මිථුන

මිශ්‍රඵලයි

ලග්නාධිපති බුධ රවි, ගුරු සමගයි. හයවැන්නේය. සතුරු කරදර බාධා ඉස්මතු වුවත් රවිගේ පිහිටීම තුළ ඒවා මැඬපවත්වාගෙන ක්‍රියා කරයි. අලුතෙන් අරම්භ කරන කටයුතුවල කිසියම් සාර්ිථක ප්‍රතිඵලයක් ලබයි. ආදායම් ලැබුණ ද රාහු දෙවැන්නේ සිටීම තුළ වියදම් පක්ෂය ඉහළ යයි. තැන්පත් ධනයට බාධා ගෙන දේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභදායකයි. සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. උදරාශ්‍රිත රෝග බලපායි.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා

කටක

ඉගෙනීමට බාධා

ලග්නාධිපති සඳු තුනේ වේ. යෝගකාරකයා ගුරු 5 ද, කුජ 8 ද ගමන් කරයි. රාහු ලග්නයේය. කේතු 7 වේ. ශනි හයේ ද ගමන් කරයි. තමාගේ කකටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා ඉස්මතු වේ. සතුරු කරදර බාධා ඇතත් ඒවා මැඬපවත්වාගෙන ක්‍රියා කළ හැක. ආදායම් ලැබීම යහපත්ය. එහෙත් මිල මුදල් පාලනය කරගත යුතු වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. ඉගෙනීමේ යෙදී සිටින අයට බාධා අවහිරතා යෙදේ. උත්සාහයෙන් ක්‍රියා කළ යුතුයි. බඩවැල් ආශ්‍රිත පීඩා, උෂ්ණාධික, උදරාශ්‍රිත රෝගාදියට ඉඩ පවතී.

ජය වර්ණය - ක්‍රීම් පාට, අංකය - 02, දිනය - සඳුදා

සිංහ

ක්‍රමයෙන් ශුභයි

ලග්නාධිපති රවි බුධ, ගුරු සමග හතරවැන්නේය. තම කටයුතු කරගෙන යාමේ දී විටින් විට සුළු සුළු බාධා අවහිරතා ඇතත් ඒවා මැඬපවත්වාගෙන තම කටයුතු කරයි. ඉන් කිසියම් දියුණුවක් ද ගෙන දේ. ආර්ථික වශයෙන් යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් ලබයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන අංශයේ යෙදී සිටින අයට බාධා මධ්‍යයේ තම අධ්‍යයන කටයුතු කරගෙන යාමට සිදු වේ.

ජය වර්ණය - රතු, අංකය - 01, දිනය - ඉරිදා

කන්‍යා

ප්‍රමාදවීම්

ලග්නාධිපති බුධ තුන්වැන්නේ රවි, ගුරු සමග සිටී. තමාගේ කටයුතුවලට බාධා ප්‍රමාදවීම් ඇති වේ. ඒ තුළ දුක් කනගාටු සිත් කරදර ඇති වේ. නොතේරුම්කමින් හෝ දුරදිග නොබලා කටයුතු කිරීම තුළ සමාජයෙහි තමාට තිබූ තත්ත්වය පහළ යයි. අන්‍ය අප්‍රසාදයට ලක්විය හැක. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික ලාභ ලබයි. ඒ තුළ සහනයක් ද සැනසීමක් ද ලබයි. උදරාශ්‍රිත රෝගාදියට ඉඩ පවතී. පරෙස්සම් වන්න.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා

තුලා

වෘත්තීය කටයුතුවලට බාධා

ලග්නාධිපති සිකුරු ලග්නයේම ස්වක්ෂේත්‍රව මාලවී යෝගය උදා කරමින් සිටී. එසේ වුවත් එම සිකුරු අට අධිපතියා ද වේ. වෘත්තීය කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා ගැටුල ඉස්මතු වේ. එම නිසා කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද තම කටයුතුවල යෙදිය යුතුයි. විටෙක අවට අය සමඟ සමීපයන් සමග අවුල් වියවුල් අති කිරීමට සිදු වේ. කරගෙන යන උත්සාහයන්ගේ නියම ප්‍රතිඵල නොලැබී යයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරෙස්සම් වන්න.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා

වෘශ්චික

සාමයට බාධා

ලග්නාධිපති කුජ හතරේ ද යෝග කාරක ගුරු ලග්නයේ ද ශනි දෙවැන්නේ ද ගමන් ගනී. බොහෝ දුරට ශරීර විඩාව සහ වෙහෙස ගති ඇැති වේ. බලාපොරොත්තු නොවු අයගේ ආශ්‍රයට වැටෙන නිසා කටයුතු කරගෙන යාමේ දී කල්පනාකාරී විය යුතුයි. ගෙදරදොර කටයුතුවවල දී ශනි කුටුම්බස්ථානයේ ගමන් කරන නිසා තරමක් බුද්ධිමත් වන්න. නොඑසේ නම් සමගියට සාමයට බාධා ඇති කළ හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු යහපත් වුව ද කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා

ධනු

බුද්ධිමත්ව කටයුතු කරන්න

ලග්නාධිපති ගුරු 12 ද සෙනසුරු ලග්නයේ ද කේතු 2 හා රාහු අටේ ගමන් ගනී. මෙම පිහිටීම් තුළ ශුභාශුභ මිශ්‍ර පලදායකයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා ඉස්මතු වුවත් සිය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇැත. ආර්ථික වශයෙන් යහපත් වුවත් වියදම් පක්ෂය ඉහළ යනු ඇත. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. ගෙදරදොර කටයුතුවල දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා

මකර

බාධා සහිතයි

ලග්නාධිපති ශනි 12 ද, කේතු ලග්නයේ, ර ාහු 7 ද, ගුරු අයස්ථානයේ ද ගෝචරය වේ. මෙම පිහිටීම් තුළ මිල මුදල් ලැබීම අතින් ශුභදායක වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග පාදා ගනී. එහෙත් වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී විටින් විට බාධා අවහිරතා ගැටලු ඉස්මතු වන නිසා තරමක් බුද්ධිමත්ව ද විමසිලිමත්ව ද ක්‍රිය කරන්න. දරුවන්ගේ කටයුතු ක්‍රමයෙන් යහපත් වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා

කුම්භ

වියදම් පාලනය කරගන්න

ලග්නාධිපති ශනි අයස්ථානයේය. කේතු 12 ද, රාහු 6 ද, ගුරු 10 ද ගමන් කරයි. මෙම කාල සීමාව තුළ තරමක් බුද්ධිමත්ව ද විමසිලිමත්ව ද ක්‍රියා කළ යුතුයි. ආදායම් ලැබීම අතින් මධ්‍යස්ථයි. වියදම් පක්ෂය පාලනය කර ගැනීමට සිදු වේ. ගෙදරදොර කටයුතුවල දී ද තරමක් ප්‍රවේසම් වන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගත හැක.

ජය වර්ණය - නිල්, අංකය - 08, දිනය - සෙනසුරාදා

මීන

කල්පනාකාරී වන්න

ලග්නාධිපති ගුරු භාග්‍යස්ථානයේ ද, සෙනසුරු 10 ද, සිකුරු 8 සරල යෝගයෙන් ද රාහු 5 කේතු 11 ද ගෝචරය වේ. මෙම කාල සීමාව තුළ වෘත්තීය සහ රැකියා කටයුතුවල දී ශනිගේ ගමන එතරම් ශුභදායක නොවේ. කල්පනාකාරී වන්න. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත්ය. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා

Comments