
ඔක්: 28 සිට සැප්: 03 තෙක්
මේෂ
බාධා මැද දියුණුව
ලග්නාධිපති කර්මස්ථානයේ රුචක යෝගයයි. කේතු සමඟයි. කේතු බුධ අටවැන්නේය. මෙම පිහිටීම තුළ තමාගේ කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා මධ්‍යයේ වුවද කිසියම් දියුණුවක් උදා කරනු ඇත. කෙසේ වුවත් වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී සාර්ථක ප්‍රතිඵලයක් ලබිය හැක. ආර්ථික වශයෙන් අයහපත් නැත. අමුතු දේවල් පිළිබඳ ඉගෙනීමට ආශා ඇති වේ. ගැටලු තැන් පිළිබඳ අවබෝධයක් ද ඇති වේ. උෂ්ණාධික රෝගද බලපායි.
ශුභ වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා
තුලා
ආර්ථික වාසි
ලග්නාධිපති සිකුරු රවි සමග ලග්නයේ මාලවී යෝගය උදා කර ඇත. යම් යම් බාධා අවහිරතා ඇතත් උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැක. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී සාර්ථක වනුයේ විදේශීය සම්බන්ධතා මත කරන කටයුතුවලදීය. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. ඉගෙනීමේ කටයුතු යහපත්ය. සමාජිය කටයුතුවලට සහභාගි වේ. ප්‍රිය සම්භාෂණ උත්සවවලට සහභාගි වේ.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
වෘෂභ
ක්‍රමයෙන් යහපත
ලග්නාධිපති සිකුරු රවි සමඟ හයවැන්නේය. තමා ආශ්‍රය කරන අය සමඟ ඇතිවන ගනුදෙනු කතාබහේ දී තරමක් පරෙස්සම් විය යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී යම් යම් බාධා අවහිරතා ඇති වුවත් සිය උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. ගෙදරදොර සහ යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී තරමක් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් වන්න.
ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය .- සිකුරාදා
වෘශ්චික
ගැටලු මැද අභිවෘද්ධිය
ලග්නාධිපතිකුජ තුන්වැන්නේ කේතු සමඟ සිටී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී විටින් විට ගැටලුකාරී තත්ත්වයන් උදා කරයි. එම නිසා කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද ක්‍රියා කිරීමෙන්සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැක. කෙසේ වුවත් උසස් නිලධාරීන්ගේ ආධාරය ලැබේ. මිල මුදල් ලැබීම අතින් ඉතා යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ගෙන් ආර්ථික වාසි ලබයි. ඉගෙනීම්වල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ ලැබේ.
ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා
මිථුන
මිශ්‍රඵලයි
ලග්නාධිපති බුධ ගුරු සමග හයවැන්නේය. තමාගේ කටයුතු කරගෙන යාමේ දී විටෙක යම් යම් බාධා අවහිරතා ඉස්මතු කරයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලල දී තරමක් බුද්ධිමත් වන්න. ආදායම් ලැබීමේ දී බාධා ඇති වේ. ස්වල්ප වශයෙන් මිස වැඩිපුර ලාභ ලැබීම අපහසුයි. දරුවන්ගේ කටයුතු යහපත්ය. ආගමික සහ සමාජීය ක්ෂේත්‍රයන්ට යොමුවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගනී.
ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා
ධනු
සමඵලයි
ලග්නාධිපති ගුරු බුධ සමඟ දොළොස්වැන්නේ ද සිටී. මෙම කාල සීමාව තුළ සමපලදායක තත්ත්වයක් උදා කරයි. වචන පාවිච්චිය නිසා යම් යම් අවුල් සහගත තත්ත්වයක් උදා විය හැකි නිසා තරමක් කල්පනාකාරී විය යුතුයි. සතුරු කරදර බාධාවලට ඉඩ පෙන්වයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී කල්පනාකාරී වන්න. මිල මුදල් කටයුතු සම්බන්ධයෙන් ද පරෙස්සම් විය යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. ඉගෙනීමේ කටයුතු යහපත් කරගත හැක.
ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා
කටක
බාධා සහිතයි
යෝගකාරක කුජ හත්වැන්නේ උච්චයි. රුචක යෝගයයි. කේතු සමඟයි. අනාගත වැඩපිළිවෙළ අලුතින් සකස් කරගෙන කටයුතු කිරීමට අවස්ථාව ලැබේ. ස්ථානගත වෙනස්කම්වලට ඉඩ සලසා ගනී. ඥානය වැඩි දියුණු වන කටයුතු කෙරෙහි වැඩිපුර සිත යොමු වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවුව ද අපේක්ෂා කරන තරමට සාර්ථක ප්‍රතිඵල නොලැබේ.
ජය වර්ණය - ක්‍රීම්, අංකය - 02, දිනය - සඳුදා
මකර
සමගිය සාමය
ලග්නාධිති ශනි දොළොස්වැන්නේ ගමන් කරමින් සිටී. මෙම කාල සීමාව තුළ බාධා මධ්‍යයේ වුවද කිසියම් සාර්ථක බවක් ලබයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත් වේ. සිය උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල උදා කරයි. මිල මුදල් ලැබීම අතින් ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ආර්ථික වාසි ගෙන දේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමඟිය සාමය සුරක්ෂිත වේ. ගුප්ත ශාස්ත්‍රීය විෂයයන් කෙරෙහි වැඩිපුර අවධානය යොමු වේ. තමාගේ සෞඛ්‍ය ගැන පරෙස්සම් විය යුතුයි.
ජය වර්ණය - නිල්, අංකය - 08, දිනය - සෙනසුරාදා
සිංහ
ඉවසීමෙන් සැනසීම
ලග්නාධිපති රවි, සිකුරු හත්වැන්නේ සිටිමින් සතිය ආරම්භ වේ. තමාගේ කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා ඉස්මුත වනු ඇත. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේ දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද කටයුතු කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ඉස්මතු කළ හැක. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. එහෙත් අනපේක්ෂිත සිද්ධීන් ඉස්මතු වීම තුළ මුදල් ඉතිරිකර ගැනීම අයහපත්ය.
ජය වර්ණය - රතු, අංකය - 01, දිනය - ඉරිදා
කුම්භ
යහපත්ය
ලග්නාධිපති ශනි අයස්ථානයේ සිටිය දී සතිය ආරම්භ වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී සිය උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. දියුණුවක් ගෙන දේ. උසස් නිලධාරීන්ගේ ආධාරය උපකාරයෙන් තමාගේ කටයුතු ලෙහෙසියෙන් ද පහසුවෙන් ද ඉටුකර ගනී. මිල මුදල් ලැබීම අතින් යහපත් වුවත් විටෙක වියදම් පක්ෂය ඉහළ යාමේ ඉඩක් ද පවතී. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත් වුවත් විටෙක සමගිය සාමයට තරමක බාධා ඇති වේ.
ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා
කන්‍යා
ප්‍රමාදතා ඇති වේ
ලග්නාධිපතිබුධ තුන්වැන්නේ ගුරු සමඟ සිටිය දී සතිය ආරම්භ වේ. තමාගේ කටයුතුවල තිබෙන දුර්වලතා නිසා යම්කිසි වැඩක වෙනස්වීමට හෝ ස්ථානගත වෙනස්කම්වලට ඉඩ පවතී. වෘත්තීය සහ රැකීරක්ෂා ක්ෂේත්‍රයේ දී සිය උනන්දුව සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගනී. මිල මුදල් ලැබීම අතින් ශුභදායකයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගත තත්ත්වයක් උදා කරයි. ගෙදරදොර කටයුතුවල දී තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද කටයුතු කළ යුතුයි.
ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා
මීන
කැපවීමෙන් සාර්ථකත්වය
ලග්නාධිපති ගුරු භාග්‍යස්ථානගතව සිටියදී සතිය ආරම්භ වේ. යම් යම් අවහිරතා ඉස්මතු වුව ද සිය උත්සාහය සහ කැපවීමෙන් වෘත්තීය සහ රැකියා සම්බන්ධයෙන් ශුභදායක වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් සමගිය සාමයට බාධා එල්ල වනු ඇත. පාද ආශ්‍රිත පීඩා, ලේ දූෂ්‍යාබාධ, උෂ්ණාධික රෝගාදියෙන් පරෙස්සම් විය යුතුයි.
ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය- බ්‍රහස්පතින්දා