
සැප්: 16 සිට 22 තෙක්
මේෂ
ආදායම් මාර්ග වර්ධනය වේ
ලග්නාධිපති කුජ අභිමානස්ථානයේ උච්චව රුචක යෝගයෙන් ය. කේතු සමඟයි. සිකුරු හතේ මාලවී යෝගයෙන්ය. අර්ධ යෝගකාරක ගුරු සමගයි. මෙම පිහිටීම් තුළ ආදායම් මාර්ගවල වර්ධනයක් පෙන්වයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ ආදායම් මාර්ග පාදා ගනී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දියුණුවක් ලබා ගනී. උසස් අයගේ ආධාරය උපකාරය ලැබීම තුළ තමාගේ කටයුතු සාර්ථක කර ගනී. ඉවසීමෙන් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි.
ජය වර්ණය - රතු, අංකය - 09, දින - අඟහරුවාදා
කටක
මිශ්‍රපලයි
ලග්නාධිපති සඳු, සෙනසුරු 6 වැන්නේ සිටී. අනෙකුත් ග්‍රහ පිහිටීම් අනුව සැලකූ විට එතරම්ම ශුභදායක නොවේ. අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබීම නිසා කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී ලැබිය හැක. ආර්ථික සහ මිල මුදල් සම්බන්ධයෙන් ශුභදායක වේ. මිල මුදල් ලැබීම යහපත් වුව ද විටෙක අනපේක්ෂිතව මතු වන සිද්ධීන් තුළ මිල මුදල් වැයවීම්වලට ඉඩ පවතී. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී සැලකිලිමත් වන්න.
ජය වර්ණය - ක්‍රීම් පාට, අංකය - 02, දිනය - සඳුදා
තුලා
සමපලයි
ලග්නාධිපති සිකුරු මාලවී යෝගයෙන් ලග්නයේ දිග්බල ගුරු සමගයි. මෙම කාල සීමාව තුළ ශුභා‘ශුභ මිශ්‍ර පලදායකයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත් වේ. එහෙත් විටින් විට බාධා අවහිරතා ඉස්මතු කරයි. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතුවලට ශුභයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේසම් වන්න. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ද ඉහළ යයි. ගෙදරදොර කටයුතුවල දී කල්පනාකාරී වන්න. නොඑසේ නම් ආකූලතා ඉස්මතු කළ හැක.
ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා
මකර
මිශ්‍රපලයි
ලග්නාධිපති ශනි 12 ද යෝගකාරක සිකුරු 10 ස්වක්ෂේත්‍රව කර්මස්ථානයේය. ගුරු දහයේය. මෙම තත්ත්වයන් තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු කළ හැකි නිසා කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් යහපත් වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. කිසියම් මට්ටමක ලාභයක් ලබනු ඇත. ගෙදරදොර කටයුතු යහපත් වන අතරම සමගිය සාමය සුරක්ෂිත වේ.
ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා
වෘෂභ
බාධා සහිතයි
ලග්නාධිපති සිකුරු හයවැන්නේ හර්ෂ යෝගයෙනි. ගුරු සමඟයි. ගුරුගෙන් සරල යෝගයයි. මෙම පිහිටීම තුළ තම කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා ඉස්මතු වේ. එම නිසා කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද කටයුතුවල යෙදීම තුළ කිසියම් අන්දමක සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැක. ආර්ථික වශයෙන් ශුභයි. අනපේක්ෂිත ලැබීම්වලට ඉඩ පවතී. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග පාදා ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකයි. වාසි ලැබේ.
ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා
සිංහ
දියුණුවක් ලබයි
ලග්නාධිපති රවි දෙවැන්නේ එහි අධිපති උච්ච බුධ සමග වේ. සෙනසුරු 5 ගමන් කරයි. මෙම ග්‍රහ පිහිටීම් තුළ තමාගේ කටයුතුවල ක්‍රමික දියුණුවක් ලබයි. යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී තරමක් විමසිලිමත් වන්න. විටෙක සමඟියට සාමයට බාධා එල්ල විය හැකි බැවිනි. මුහුණේ කටේ දත්වල හෝ බෙල්ලේ ආබාධයන්ට ඉඩ පවතී. වැටීම්, තැළීම්, තුවාල, අනතරු හා පීඩාදියෙන් පරෙස්සම් වන්න.
ජය වර්ණය - රෝස, අංකය - 01, දිනය - ඉරිදා
වෘශ්චික
උත්සාහය ඇත
ලග්නාධිපති කුජ තුන්වැන්නේය. උච්චයි. මෙම පිහිටීම් තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබීම තුළ තමාගේ කටයුතු සාර්ථක කරගත හැක. ආර්ථික වශයෙන් ශුභදායක වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ ආර්ථික වාසි ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගතයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ.
ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා
කුම්භ
යහපත් ප්‍රතිඵල
ලග්නාධිපති ශනි අයස්ථානයේ ද යෝගකාරක සිකුරු, ගුරු භාග්‍යස්ථානයේ සිටිමින් ලග්නය දකී. මෙම පිහිටීම තුළ මෙම කාල සීමාව තුළ යහපත් ප්‍රතිඵල උදා කරනු ඇත. වෘත්තීය සහ රැකීරක්ෂා ක්ෂේත්‍රයේ දී ස්වකීය උත්සාහය තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව ලැබේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරෙස්සම්වන්න.
ජය වර්ණය - නිල්, අංකය - 08, දිනය - සෙනසුරාදා
මිථුන
වියදම් අධිකයි
ලග්නාධිපති බුධ හතරවැන්නේ උච්චව රවි සමඟ සිටී. භද්‍ර යෝගය උදා කර ඇත. ගුරු, සිකුරු පූර්ව පුණ්‍යස්ථානයේය. මෙම පිහිටීම් තුළ මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී පරිස්සම් විය යුතුයි. ආදායම් ලැබුණ ද රාහු ධනස්ථානගත වීම තුළ තැන්පත් ධනයට හානිවීම්, අනපේක්ෂිත වියදම්වලට ඉඩ පවතී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී අන්‍යයන්ගේ සහයෝගය ලබයි. දැන උගත්කමින් කළ යුතු රැකියා උරුමයි. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධවලට ඉඩ පවතී.
ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා
කන්‍යා
බලාපොරොත්තු ඉටුවේ
ලග්නාධිපති බුධ උච්චයි. භද්‍ර යෝගයයි. රවි සමඟයි. මෙම ග්‍රහ පිහිටීම් තුළ තමාගේ බලාපොරොත්තු කිහිපයක්ම ඉෂ්ට සිද්ධ වේ. වෘත්තීය සහ රැකියා කටයුතුවල දී අන්‍යයන්ගේ සහයෝගය ලැබීම තුළ තමාගේ කටයුතු සාර්ථක වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලැබිය හැක. වෙළෙඳ ව්‍යාපාරවල යෙදෙන අයට යහපත්ය. වාසි සහගතයි. ගෙදරදොර කටයුතුවල දී ශුභයි. රුධිර පීඩනය, මූත්‍රා දෝෂ, උෂ්ණාධික රෝගාදියෙන් ද පරෙස්සම් වන්න.
ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා
ධනු
කල්පනාකාරී වන්න
ලග්නධිපති ගුරු සිකුරු සමග අයස්ථානයේය. සෙනසුරු ලග්නයේ ගෝචරය වේ. මෙම තත්ත්වය තුළ සලකා කටයුතු කකිරීමේ දී තරමක් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී විටින් විට අවහිරතා ගැටලු එල්ල විය හැකි නිසා තරමක් කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී විටින් විට අවහිරතා ගැටලු එල්ල විය හැකි නිසා තරමක් කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් අහිතකර නොවේ.
ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - ගුරුදා
මීන
මිශ්‍රපලයි
ලග්නාධිපති ගුරු අට අධිපති සිකුරු සමග අටවැන්නේම සිටී. සෙනසුරු 10 ය. මෙම පිහිටීම් තුළ වෘත්තීය සහ රැකිීරක්ෂා කකටයුතු කිරීමේ දී යම් යම් බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු කළ හැක. ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක නොවේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී වඩාත් කල්පනාකාරී වන්න. වියදම් පක්ෂය ඉහළ යයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. රුධීර පීඩනය, මූත්‍රා දෝෂ, උෂ්ණාධික රෝගාදියෙන් පරෙස්සම් වන්න.
ජය වර්ණය - රන්වන්, අංකය - 03, - බ්‍රහස්පතින්දා