
සැප්: 02 සිට සැප්: 08 තෙක්
මේෂ
සැප පහසුවට කරුණු යෙදේ
ලග්නාධිපති කුජ දසවැන්නේ උච්චව සිටී. ගුරු සිකුරු හත්වැන්නේය. ආදායම් හොඳ වේ. අලංකාරයට, සැප පහසුවට අවශ්‍ය දේවල් ලබා ගනී. සමාජීය සහ ආගමික කටයුතුවලට හිත ඇදී යයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී අන්‍යයන්ගේ සහයෝගය ලැබීම තුළ තමාගේ කටයුතු ලෙහෙසියෙන් කරගත හැක. අධ්‍යාපන අංශවල නියුක්ත අයට ශුභදායක වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් වන්න.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- අඟහරුවාදා
වෘෂභ
ශුභඵල දේ
ලග්නාධිපති සිකුරු ලග්නයෙන් හයවැන්නේ සිටියදී සතිය ඇරඹේ. සෙනසුරු අටේ ගමන් කරයි. ආදායම් ලැබීම අතින් යහපත්ය. විවිධ කක්ෂේත්රයන්ට යොමුවීම තුළ තමාගේ කටයුතු යහපත්ය. ගෙදරදොර කටයුතු යහපත්ය. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඇති වේ. උෂ්ණාධික රෝග, පීඩාවලින් පරිස්සම් වන්න.
ජය වර්ණය- නිල්,අංකය- 06, දිනය- සිකුරාදා
මිථුන
මිශ්රපල
ලග්නාධිපති බුධ තුන්වැන්නේ සිටිය දී සතිය ආරම්භ වේ. වැඩකටයුතු කිහිපයක් බාධා අවහිරතා මධ්‍යයේ වුවද සාර්ථක කරගනු ඇත. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. ගෙදරදොර කටයුතු යහපත්ය. ඉගෙනීම් කටයුතු සාර්ථක කර ගනී. යහපත් ආහාරපාන වර්ග ලැබේ. රාහු දෙවනැන්නේ සිටීමෙන් ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. උදරාශ්‍රිත රෝග, ලේ දූෂ්‍යාබාධවලට ඉඩ පවතී.
ජය වර්ණය- කොළ, ජය අංකකය- 05, දිනය- බදාදා
කටක
කල්පනාකාරී වන්න
ලග්නාධිපති සඳු අයස්ථානයේ උච්චව සිටියදී සතිය ආරම්භ වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී අන්‍යයන්ගේ සහයෝගය ඔබ බලාපරොත්තු වන තරමට සාර්ථක නොවේ. යම් යම් බාධා අවහිරතා ඉස්මතු විය හැක. ආර්ථික වශයෙන් යහපත් වුව ද මුදල් ඉතිරිකර ගැනීම අපහසු වේ. අධ්‍යාපන ක්ෂේත්රවල නියුක්ත අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබා ගනී. උෂ්ණාධික රෝග, මලබද්ධය, බඩවැල් ආශ්‍රිත රෝගාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා
සිංහ
කරගෙන යන කටයුතු දියුණු වේ
ලග්නාධිපති රවි ලග්නයේම බුධ සමග සිටී. රවි ස්වක්ෂේත්‍රයි. බුධ දිග්බලයි. මෙම පිහිටීම් තුළ තම රැකියාව කරන තැන තමාගේ කට යුතු උදෙසා වැඩ කිරීම තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක. අලුතෙන් ආරම්භ කරන කටයුතු දියුණු වේ. සැප පහසුවට අවශ්‍ය දේ ලැබේ. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. දේපළ දියුණුවකට කරුණු සැලසේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකයි.
ජය වර්ණය-රතු, අංකය- 01, දිනය- ඉරිදා
කන්‍යා
සිතේ සමාදානය ඇතිවේ
ලග්නාධිපති බුධ 12 ස්වක්ෂේත්‍ර රවි සමගයි. ගුරු දෙවැන්නේ සිටී. උත්සවවලට සහභාගගි වේ. ආගමික අංශයට වඩාත් නැඹුරු වේ. හිතමිතුරන් තමා සොයාගෙන පැමිණේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු සාර්ථක කර ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. ප්‍රේම සම්බන්ධතා ඇති වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් කල්පනාකාරී විය යුතුයි.
ජය වර්ණය- කොළ, අංකය- 01, දිනය- බදාදා
තුලා
මිශ්‍රපලයි
ලග්නාධිපති සිකුරු දිග්බල ගුරු සමග ස්වක්ෂේත්රව ලග්නයේම සිටී. පැවැති තත්ත්වයන්ට වඩා තරමක් ශුභදායක වේ. සමාජයේ කිසියම් පිළිගැනීමකට ලක් වේ. මිල මුදල් ලැබීම අතින් ශුභයි. ලාභ බලාගෙන කරන කටයුතුවලට යහපත් කාලයකි. ආදායම් වැඩිකරගත හැකි මාර්ග ගැන අවධානය යොමු වේ. ලාභ ප්‍රයෝජන ලැබෙන මාර්ග පෑදෙයි. ගෙදරදොර කටයුතු යහපත්ය. අධ්‍යාපන කටයුතුවල දී උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබේ.
ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා
වෘශ්චික
බාධා මැද දියුණුව
ලග්නාධිපති කුජ කේතු සමග තවදුරට්ත තුන්වැන්නේ සිටියදී සතිය ආරම්භ වේ. අලුත් මිත්‍රයන් ආශ්‍රයට ලැබේ. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. කෙසේ වුවත් යම් යම් අවස්ථාවල තමාගේ කටයුතුවලට බාධා අවහිරතා ඉස්මතු වේ. අන්‍යයන්ගේ සහයෝගය ලැබීමෙන් තමාගේ කටයුතු යහපත් වේ. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. තම ශරීර සෞඛ්‍යය ගැන කල්පනාකාරී වන්න. ලේ දූෂ්‍යාබාධ, උෂ්ණාධික රෝග බලපෑ හැක.
ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - බ්‍රහස්පතින්දා
ධනු
යහපත්ය
ලග්නාධිපති ගුරු අයස්ථානයේ ස්වක්ෂේත්‍ර සිකුරු සමගයි. මෙම සතිය පපුරා ඔබට ශුභදායක වේ. ප්‍රිය සම්භාෂණ, උත්සව ආදියට සහභාගි වීමට සිදු වේ. අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබීම තුළ තමාගේ කටයුතු ලෙහෙසියෙන් ද පහසුවෙන් ද සිදුකර ගනී. මිල මුදල් ලැබීම අතින් ද අයහපත් නොවේ. දරුවන්ගේ කටයුතුවල දී තරමක් කල්පනාකාරී වන්න. ඉගෙනීමේ යෙදී සිටින අයට ශුභයි. ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා
මකර
මිශ්‍රපලයි
ලග්නාධිපති ශනි 12 සිටිය දී සතිය ආරම්භ වේ. යෝගකාරක සිකුරු, ගුරු දහයේය. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී විටෙක කේලාම් ඕපාදූපවලට ලක්විය හැකි බැවින් කල්පනාකාරී වන්න. කෙසේ වුවත් අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබීමෙන් තම කටයුතු යහපත් වේ. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. රුධිර පීඩනය, උදරගත පීඩා, බඩවැල් ආශ්‍රිත රෝග යනාදියෙන් පරිස්සම් විය යුතුයි.
ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා
කුම්භ
ශුභයි
ලග්නාධිපති ශනි අයස්ථානගතව සිටියදී සතිය ආරම්භ වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී ශුභදායක වේ. විටෙක තම කටයුතු ලෙහෙසියෙන් ද පහසුවෙන් ද ඉටුකර ගනී. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසුවිය යුතුයි. අධ්‍යාපන අංශවල නියුක්ත අයට උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැක. සමාජයිය කටයුතුවලට හිත ඇදී යයි. ශරීර සෞඛ්‍යය ගැන තරමක් සැලකිලිමත් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සිකුරාදා
මීන
මිශ්‍රපලයි
ලග්නාධිපති ගුරු අටවැන්නේ ස්වක්ෂේත්‍ර සිකුරු සමග අටවැන්නේම සිටයි දී සතිය ආරම්භ වේ. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතුවලට ශුභයි. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. ණයතුරුස් වීමේ ඉඩක් පවතී. ගෙදරදොර කටයුතුවල දී තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා මතු කළ හැක. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.
ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා
ජ්‍යොතිර් විද්‍යා විභූෂණ, රාජ්‍ය සම්මානලාභී
ආචාර්ය ජී.ඇම්. ගුණපාල