
මේෂ
බාධා මැද දියුණුව
ලග්නාධිපති කුජ වක්‍රව උච්චව දිග්බලයි. ලග්නය දකී. තමාගේ කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ ක්‍රියා කිරීමට සිදු වේ.
නුවණින් කටයුතු කළහොත් කිසියම් අන්දමක දියුණුව් ලබයි. ආර්ථික තත්ත්වය අහිතකර නොවේ. ගමන්බිමන් අධිකය. ගෙදරදොර කටයුතු සාමාන්‍යයි. යුගදිවිය හා දරුවන්ගේ කටයුතු යහපත්ය. ප්‍රේම සම්බන්ධතා වර්ධනය වනු ඇත.
අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ වාසිදායක තත්ත්වයක් උදා කරගනු ඇත. සෞඛ්‍ය තත්ත්වය එතරම්ම යහපත් නොවිය හැක. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, දණහිස් ආබාධ වැලඳිය හැක.
ජය වර්ණය- රතු, ජය අංකය- 09, ශුභ දිනය- අගහරුවාදා
වෘෂභ
මිශ්‍රපලයි
ලග්නාධිපති සිකුරු හතරවැන්නේ දිග්බලයෙන් දිග්බල චන්ද්‍රයා සමග සිටිමින් සතිය ආරම්භ වේ. යෝග කාරක සෙනසුරු අටේ වක්‍රය. මෙම පිහිටීම් තුළ ඔබට මිශ්‍රපලදායකයි. විටෙක ඉන්ද්‍රියයන් පිනවන දේවලින් තමාට කිසිම ප්‍රීතියක් ඇති නොවේ. ප්‍රයෝජනවත් දෙයකට හිත් යොමු වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී බාධා අවහිරතා ඉස්මතු කරනු ඇත. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී විය යුතුයි. ගෙදරදොර කටයුතුවල දී විමසිලිමත්ව ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සාමාන්‍ය වේ. එහෙත් කුජ, කේතු උසස් අධ්‍යාපන ස්ථානයේ සිටීම තුළ විටින් විට බාධා පැමිණේ. ප්‍රේම සම්බන්ධතා ඇති කළත් බාධා ද පෙන්වයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන කල්පනාකාරී වන්න.
ජය වර්ණය- නිල්, ජය අංකය- 06, ශුභ දිනය- සිකුරාදා
මිථුන
කල්පනාකාරී වන්න
ලග්නාධිපති බුධ දෙවැන්නේ රාශු සමඟ සිටිය දී සතිය ආරම්භ වේ. බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගත හැක්කේ බාධා ප්‍රමාදතා මධ්‍යයේ ය. කෙසේ වුවත් ශනිගේ ගමන අයහපත් නොවේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී යම් යම් බාධා ඉස්මතු කළ ද ස්වකීය උත්සාය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබනු ඇත. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේශම් සහිතව ක්‍රියා කරන්න. ගෙදරදොර කටයුතු යහපත්ය. ඉවසීමෙන් හා බුද්ධිමත්ව ක්‍රියා කිරීමෙන් පමණක් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරයි. දරුවන්ගේ කටයුතු යහපත්ය. ඔවුන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක්, ප්‍රගතියක් ලබයි. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, මූත්‍රා රෝගාදියෙන් ද තුවාල පීඩාදියෙන් ද පරිස්සම් විය යුතුයි.
ජය වර්ණය - කොළ, ජය අංකය - 05, ශුභ දිනය - බදාදා
කටක
පරිස්සම් විය යුතුයි
ලග්නාධිපති සඳු සිකුරු සමග දෙවැන්නේ සිටිය දී සතිය ආරම්භ වේ. සාමාන්‍ය වශයෙන් යහපත් බවක් පෙන්නුම් කළත් යම් යම් අවස්ථාවල ඉවසීමෙන් ද පරිස්සම් සහිතව ද ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබිම අතින් අයහපත් නොවේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායක වාතාවරණයක් උදා කරගත හැක. ඒ කෙසේ වුවත් ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යන නිසා මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී විය යුත්තේය. ගෙදරදොර කටයුතු ගැන සැලකිලිමත් වන්න. වචන පාවිච්චියේ දී ඉවසිලිමත් විය යුතුයි. දරුවන්ගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුතුයි. වැටීම්,තැළීම් හා තුවාල පීඩාදියට ඉඩ නැත්තේ ද නොවේ.
ජය වර්ණය- ක්‍රීම් පාට, ජය අංකය- 02, ශුභ දිනය- සඳුදා
සිංහ
වියදම් අධිකයි
ලග්නාධිපති රවි අයස්ථානයේ සිටිමින් ලග්නය දකී. සඳු, සිකුරු ලග්නයේය. ගරු රවිට ත්‍රිකෝණගතයි. ඥාති මිත්‍රාදීන් සමග කටයුතු කිරීමේ දී සැලකිලමත් වන්න. උසස් අයගෙන් ද රජයෙන් ද විටින් විට කරදරකාරී පසුබිමක් ද ඇති වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කිරීමේ දී සැලකිලිමත් වන්න.
උසස් අය සමග කටයුතු කිරීමේ දී වඩාත් ඉවසිලිමත්ව ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. නොඑසේ නම් ආකූලතා සහ ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි.
මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී වඩාත් කල්පනාකාරී වන්න. වියදම් පක්ෂය ඉහළ යා හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු යහපත්ය.
ඔවුන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් ලබයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. ශරීර සෞඛ්‍යය ගැන තරමක් කල්පනාකාරී වන්න.
ජය වර්ණය- රෝස, ජය අංකය- 01, ශුභ දිනය- ඉරිදා
කන්‍යා
යහපත් සතියක්
ලග්නාධිපති බුධ රාශු අයස්ථානයේ සිටිමින් සතිය ආරම්භ වේ. ගුරු දෙවැන්නේය. මෙම පිහිටීම් තුළ තමාගේ බලාපොරොත්තු කිහිපයක් ලෙහෙසියෙන් ද පහසුවෙන් ද ඉෂ්ට සිද්ධ කර ගනී. නිතර සිනහමුසු මුශුණින් යුක්තව කටයුතු කරයි.
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී තදබල ලෙස බාධා එල්ල නොවේ. අලුත් කටයුතු කිහිපයකට මාර්ගය සකස් වේ. මිල මුදල් ලැබිම අතින් අයහපත් නොවේ. වියදම් ද අධික විය හැක. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පපරිස්සම් විය යුතුයි.
ජය වර්ණය- කොළ, ජය අංකය- 05, ශුභ දිනය- බදාදා
තුලා
සමපලදායකයි
ලග්නාධිපති සිකුරු දහය අධිපති සඳු සමග අයස්ථානගතව සිටිය දී සතිය ආරම්භ වේ. කුජ හතරේ උච්චව රුචක යෝගය උදා කර ඇත. මෙම පිහිටීම් තිබුණ ද ලග්නාධිපතිගේ විරුද්ධ අය වන ගුරු ලග්නයේ සිටීම අහිතකර පිහිටීමක් වේ. ආදායම් ලැබිම අතින් යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ සාර්ථක ප්‍රතිඵල උදා කරයි. ආදායම් ලැබුණ ද වියදම් අධික වේ. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සඵදු වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව ලැබේ. ස්වකීය උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් වන්න. උදරාශ්‍රිත, උෂ්ණාධික රෝග බලපානු ඇත.
ජය වර්ණය- නිල්, ජය අංකය- 06, ශුභ දිනය- සිකුරාදා
වෘශ්චික
වියදම් අධිකයි
ලග්නාධිපති කුජ තුන්වැන්නේ උච්චව සිටිය දී සතිය ආරම්භ වේ. ගුරු 12 ද ශනි වක්‍රව දෙවැන්නේ ද ගෝචරය වේ. මෙම පිහිටීම් තුළ සමහර විට ණය ගනුදෙනුවලට බැසීමට සිද්ධ වේ.
හැම කටයුත්තකදීම ඉතාමත් ප්‍රවේශම් සහිතව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල බාධා අවහිරතා ඇති කරයි.
කටයුතු ප්‍රමාද වීම්වලට ලක්විය හැක. මිල මුදල් ලැබිම අතින් යහපත් වුවත් විටෙක මුදල් වියදම් අධිකවේ. ගෙදරදොර කටයුතුවල දී සැලකිලිමත් වන්න.
අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට උත්සාහයෙන් සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. ගර්භාශගත පීඩා, උෂ්ණාධික, උදරාශ්‍රිත රෝග බලපායි. ප්‍රවේශම් වන්න. විටෙක ශල්‍යකර්මාදියට ඉඩ පවතී.
ජය වර්ණය- රතු, ජය අංකය- 09, ශුභ දිනය- බ්‍රහස්පතින්දා
ධනු
බාධා මැද ලාභ
ලග්නාධිපති බ්‍රහස්පති අයස්ථානගතව සිටිය දී සතිය ආරම්භ වේ. කුජ, කේතු දෙවැන්නේ ද, බුධ රාශු අටවැන්නේ සිටීම එතරම්ම යහපත් පිහිටීමක් නොවේ. බලාපොරොත්තු රහිත දේවලින් කරදරවලට ද අවාසනාවන්තකම්වලට ද වැටීමේ ඉඩක් පවතී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කිරීමේ දී යම් යම් බාධා අවහිරතා ඉස්මතු කළ හැක. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. මිල මුදල් නාස්තිවීම්වලට ඉඩ පවතී. සමගිය සාමයට බාධා එල්ල වනු ඇත. දරුවන්ගේ කටයුතු යහපත් වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. ජලයෙන් හා උණුවතුරෙන් පරිස්සම් වන්න.
ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03, ශුභ දිනය- බ්‍රහස්පතින්දා
මකර
කරදර මැද දියුණුවක්
ලග්නාධිපති ශනි වක්‍රව දොළොස්වැන්නේ සිටිය දී සතිය ආරම්භ වේ. අනාගත ලාභ බලාපොරොත්තුවෙන් මුදල් වියදම් කර යම් යම් කටයුතු කිරීමට සිදු වේ. යම් යම් කටයුතු සම්බන්ධයෙන් අත්හදා බැලීමට ඉඩ ලැබේ. විටෙක බලාපොරොත්තු වන අදහස් ඉෂ්ට නොවී යයි. කෙසේ වුවත් වෘත්තීය සහ රැකියා කටයුතුවල දී අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලබයි.
සමගිය සාමයට බාධා, අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් ලැබිය හැක. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ ලැබේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුතුයි. රුධිර පීඩනය, ලේ දූෂ්‍යාබාධ යනාදියෙන් ප්‍රවේශම් වන්න. අනතුරු පීඩා, උදරගත පීඩාවලට ඉඩ පවතී.
ජය වර්ණය- නිල්, ජය අංකය- 08, ශුභ දිනය- සෙනසුරාදා
කුම්භ
ශුභයි
ලග්නාධිපති සෙනසුරු අයස්ථානයේ සිටිය දී සතිය ආරම්භ වේ. උසස් අය සමග ද වැඩිහිටි අය සමග ද කටයුතු කරයි. නිදහස සහ සැනසීම ගෙන දෙනු ඇත. කලින් තිබූ තත්ත්වයට වඩා දියුණුවට කටයුතු සැලසේ. ලාභ ප්‍රයෝජන වැඩිවීමට පටන් ගනී.
යහපත් වූ ද, මිහිරි වූ ද, උසස් වූ ද ආහාරපාන වර්ග ලැබෙන කාලයකි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත් ආකාරයට සිද්ධ කර ගනී. අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබේ. වියදම් පක්ෂය ඉහළ යාමේ ඉඩක් ද පවතී. ගෙදරදොර කටයුතු යහපත්ය. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. අනතුරු පීඩා, තුවාලවලට ඉඩ පවතී.
ජය වර්ණය- නිල්, ජය අංකය- 08, ශුභ දිනය- සිකුරාදා
මීන
මිශ්‍රපලයි
ලග්නාධිපති ගුරු අටවැන්නේ සිටිය දී සතිය ආරම්භ වේ. ශනි වක්‍රව දහයේය. සඳු, සිකුරු හයවැන්නේ ද සිටීම තුළ මෙම සතිය ඔබට මිශ්‍රපලදායක තත්ත්වයක් උදා වේ. අලුත් හිතමිතුරන් කිහිප දෙනකු හඳුනා ගැනීමට ඉඩ ලැබේ. ඔවුන්ගෙන් කාලයක් යනතුරු ආධාර උපකාර ලබයි. රැකීරක්ෂා කටයුතුවලදී බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොකරයි. මිල මුදල් නාස්තිවීම්වලට ඉඩ පවතී. කල්පනාකාරීව ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ ලැබේ. උත්සාහය නිසා සාර්ථක ප්‍රතිඵල ලබයි. වැටීම්, තැළීම් හා තුවාලවලට ඉඩ පවතී.
ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03, ශුභ දිනය- බ්‍රහස්පතින්දා