වැඩක් නැති ප්‍රශ්න වැඩක් ඇති ප්‍රශ්න බවට පත්කරගැනීම | Page 3 | සිළුමිණ

වැඩක් නැති ප්‍රශ්න වැඩක් ඇති ප්‍රශ්න බවට පත්කරගැනීම

 ‘මිනිස්සු වැඩක් ඇති දෙයක් කරන්නෙ නෑ’

’එහෙනම් මොකක්ද කරන්නෙ?’

’මිනිස්සු කරන්නේ වැඩක් නැති ප්‍රශ්න වැඩක් ඇති ප්‍රශ්න බවට පත්කරගැනීම’

’ඒක කරන්නේ කොහොමද?’

’ඒක කරන්නේ කොහොමද කියන එක මම දන්නේ නෑ. ඒක ඉබේම වෙනවා. මිනිස්සු දන්නෙ එච්චරයි’

’මිනිස්සු දැනගෙන ද ඒක කරන්නෙ’

’මොකක්ද?’

’වැඩක් නැති ප්‍රශ්න වැඩක් ඇති ප්‍රශ්න බවට පත්කරගැනීම’

’ඒකත් මං දන්නේ නෑ. කොහොම හරි අපි අතින් වෙන්නේ එච්චරයි’

’අපි ජීවත් වෙන්න විසඳුම් හොයන ජාතියක් නෙමෙයි. ජීවත් වෙන්න ප්‍රශ්න හොයන ජාතියක්’

’කොහොමද එහෙම කියන්නේ’

’ෆේස්බුක් ගිහිල්ලා බලන්නකෝ’

’ප්‍රශ්න නිර්මාණය කිරීම. වැඩක් නැති ප්‍රශ්න වැඩක් ඇති ප්‍රශ්න බවට පත්කරගැනීම. ඒක නේද මිනිස්සුන්ගේ ප්‍රධාන වැඬේ’

’ඒක ෆේස්බුක්වල වැරද්දද?’

’මිනිස්සුන්ගේ එහෙම ආසාවක් නැත්නම් ෆේස්බුක් ඔච්චර ජනප්‍රිය වෙන්නෙ නෑ’

’මිනිස්සුන්ගේ ලොකුම විනෝදාංසේ වැඩක් නැති ප්‍රශ්න වැඩක් ඇති ප්‍රශ්න බවට පත්කරගැනීම’

’උදාහරණ දෙන්න පුළුවන්ද?’

’එක උදාහරණයක් හෝ දෙකක් අවශ්‍ය නෑ. සිදුවන හැම දෙයක් ම එහෙමයි’

’ඒ කියන්නේ’

’මේ කාලේ සිදුවන හැම දෙයක්ම ඒකට උදාහරණ’

’කෝකටද?’

’වැඩක් නැති ප්‍රශ්න වැඩක් ඇති ප්‍රශ්න කරගැනීමට’

’මේක අපේ රටේ විතරද වෙන්නෙ?’

’ඒක නං මට හරියට කියන්න බෑ. අපේ රටේත් දැන් හරියට වෙනවා. මට

හිතෙන්නේ පිටරටවලත් වෙනවා ඇති කියලා’

‘පිටරටවල වෙනවා කියලා කියලා කියන්නේ කොහොමද?‘

‘නෑ ඉතිං අපේ රටේ වෙනවනං ඒක පිටරටත් වෙන්න පුළුවන්. අනිත් අතට පිටරට වෙනවානං අපේ රටෙත් වෙන්න පුළුවන්’

‘එතකොට මේක ගෝලීය ප්‍රශ්නයක්’

‘ගෝලීය ප්‍රශ්න දේශීය ප්‍රශ්න වෙන් කරන විදිහත් මට එච්චර පැහැදිලි නෑ’‘

‘ගෝලීය එහෙම නැතිනම් ජාත්‍යන්තර ප්‍රශ්නවලට දේශීය විසඳුම් තියෙනවද?’

’දේශීය ප්‍රශ්නවලට ජාත්‍යන්තර විසඳුම් තියෙනවද?’

‘ඔය හදන්නේ වැඩක් නැති ප්‍රශ්නයක් වැඩක් ඇති ප්‍රශ්නයක් බවට පත්

කරගන්න නේද?

‘ඉතිං අපි දන්න එකම දේනේ’

‘එහෙනං කමක් නෑ’

මට මා ද පැටෙලෙමින් කළ සංවාදයක් එසේ නිමාවිය. එම සංවාදය මා කළේ සිහිනයෙන් ද යන්න ද මට නිශ්චිත නැත. මා අවදියෙන් සිටින්නේ සිහිනයක ද යන්න ද මට අවිනිශ්චිතය. කෙසේ වුවත් මට නිශ්චිතව කිව හැක්කේ කවුරුත් මෙන් ද මා ද දන්නා එකම දෙය වැඩක් නැති ප්‍රශ්න වැඩක් ඇති ප්‍රශ්න බවට පත්කරගැනීම විය හැකි බවය.

Comments